රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සේවය අත්හිටවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තමාට පිටතින් ආහාර ලබා ගැනීමට අවසර ලබා දෙන්නැයි දුම්බර බන්ධනාගාර අධිකාරිවරයාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
සාමාන්‍යයෙන් බන්ධනාගාරගත සැකකරුවන්ට පිටතින් ආහාර ලබා ගැනීමට අදාළ බන්ධනාගාරයෙන් ඉල්ලීමක් කිරීමේ ඉඩකඩ තිබේ.
ඒ අනුව බන්ධනාගාරගතව සිටින පොලිස්පතිවරයා කළ ඉල්ලීම මත බොහෝ දුරට අද(22) දිනයේ සිට ඔහුට පිටතින් රැගෙන එන ආහාර ලබා ගැනීමට දුම්බර බන්ධනාගාරයෙන් අවසර හිමි වනු ඇතැයි වාර්තා වේ.







