සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශබන්දු කියන්නේ පාතාලයටත් වඩා භයානක පුද්ගලයෙක්… හරක්කටාත් ඔහුට බයයි… නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කියයි!

by editor
ජූනි 3, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දේශබන්දු තෙන්නකෝන් යනු පාතාලයටත් වඩා භයානක පුද්ගලයෙක් බවත්, ඔහු මොනතරම් බිහිසුණුද යත් හරක් කටා පවා දේශබන්දු තෙන්නකෝන්ට බිය බවත් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අද (03) පැවසුවේය.

ඔහු මෙම ප්‍රකාශය කරනු ලැබුවේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධූරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම විමර්ශනයට පත් කළ කමිටුව හමුවේ අද තුන්වැනි දිනටත් දේශබන්දු තෙන්නකෝන් පෙනී සිටි අවස්ථාවේ දී ය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ සභාපතිත්වයෙන් යුතු මෙම විමර්ශන කමිටුව අද පාර්ලිමේන්තුවේ දී රැස් විය. එම අවස්ථාවට දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ සංජීව වීරවික්‍රමය. නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස්ය.

අද කමිටුවේ සිද්ධි පෙළ ගැසුනේ මෙසේය.

කමිටුව අද රැස් වූ අවස්ථාවේදී දේශබන්දු තෙන්නකෝන් ඉල්ලීමක් කර තිබිණි. ඒ තමා පසුගිය කමිටු වාරයේ සඳහන් කර ඇති ප්‍රකාශ ඇතැම් මාධ්‍ය විකෘති කර පළ කර ඇති බව පවසමිනි.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

කමිටුව හමුවේ කරුණු දක්වමින් දේශබන්දු තෙන්නකෝන් කීවේ පසුගිය සතියේ මෙම කමිටුවේ දී තමන් ප්‍රකාශ කළ බව කියමින් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණු කරුණු නිවැරදි නොවන බවය. “ඇතැම් මාධ්‍ය දාලා තියනවා, මේ පොලිස් නිලධාරීන් හරක් කටාට බයයි කියලා. මම කිසි විටෙකත් එහෙම කිව්වේ නෑ. මේ හරහා මට වෙන්නේ අගතියක්. ඒ නිසා වගකීමක් ඇතිව වැඩ කරන නිලධාරීන්ට අපකීර්තියක් වෙනවා. මේ හරහා වෙන්නේ අලුත් ප්‍රශ්නයක් නිර්මාණය කරන එක.”

එයට පිළිතුරු දෙමින් කමිටු සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන කීවේ සමහර දූෂිත නිලධාරීන් රජයේ සේවයේ යෙදෙන බවය. එවැනි දූෂිතයින් පොලිසියෙත් සිටින බව සභාපති විනිසුරුවරයා කීවේය. මාධ්‍ය ප්‍රකාශ කර ඇත්තේ එවැනි පිරිසක් මේ අපරාධයට සම්බන්ධ වූ බව යැයි විනිසුරුවරයා පැහැදිලි කළේය.

යළිත් කමිටු හමුවේ කරුණු දැක්වූ දේශබන්දු තමන්ට රාජයේ ආක්ෂාව නැති බව දැනුම් දුන්නේය. ” මම මාතර උසාවියට යනවා. මේ වගේ ප්‍රවෘත්ති හරහා මට ජීවිත තර්ජනයක් එන්න පුලුවන්. මේ කමිටුවේ රහස්‍ය භාවය ආරක්ෂා කරන්න. මම මාතර උසාවියට යද්දි හරක් කටාගේ පිරිසගෙන් මට ජීවිත තර්ජන එල්ල වෙන්න පුලුවන්. ඒ නිසා මාධ්‍ය ඉතාම වගකීමෙන් කටයුතු කළ යුතු බව ඉල්ලා සිටිනවා.”

දේශබන්දුගේ ප්‍රකාශයට පිළිතුරු දුන් සභාපති විනිසුරුවරයා අවධාරණය කළේ ඔහුට එල්ලවන බවට ඔහු කියන තර්ජන මේ කමිටුවේ ක්‍රියාවලියට අදාල නොවන බවය.

“ඒ වගේ තර්ජන එල්ල වෙන එක මේ කමිටුවට අදාල නෑ. මාධ්‍යවේදීන් අවධානයෙන් කටයුතු කරන්න ඕන. ආරක්ෂාව පිළිබඳව අපට මැදිහත් වෙන්න බෑ. ඒ නිසා මෙතන රහස්‍ය භාවයක් නෑ. ඒ නිසා තමයි අපි මෙතෙන්ට මාධ්‍ය වේදීන් ගෙන්වලා තියෙන්නේ. ”

සාක්ෂි –

පසුගිය කමිටුවේ එකඟ වූ පරිදි දිවුරුම් ප්‍රකාශය සම්බන්ධ සාක්ෂි ප්‍රකාශ ගැන ද අද කමිටුවේ අවධානයට යොමු වූයේය. අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කීවේ 12 ගේ සාක්ෂි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විත්තිකාර පාර්ශවයට පසුගිය සෙනසුරාදා දිනයේ භාර දුන් බවය. ඉන් පසු 12 වැනිදා සිට 22 දා දක්වා සාක්ෂි ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විසින් කමිටුවට ඉදිරිපත් කළේය.

ඒ අවස්ථාවේ දී දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජීව වීරවික්‍රම කමිටුවට පෙන්වා දුන්නේ පැමිණිල්ල විසින් තවත් සාක්ෂි 09ක් ලබා දී නැති බවය. මෙම සාක්ෂි ලබා නොදී තමන් අතුරු ප්‍රශ්න යොමු කරන්නේ කෙසේ දැයි ඔහු කමිටුවෙන් විමසුවේය.

” මේ හරහා මගේ සේවාදායකයාට අගතියක් සිද්ධ වෙනවා. 09 වැනිදා වෙනක් මට තියෙන්නේ දවස් 06ක් විතරයි. ඒ නිසා එය ලබා දෙන්න කියලා මා ඉල්ලා සිටිනවා. ” ඔහු කමිටුවෙන් ඉල්ලා සිටියේය.

අසාමාන්‍ය පුරවැසියා

මේ අවස්ථාවේ දී දේශබන්දු තෙන්නකෝන් වරෙන්තු පිට සැඟව සිටි ආකාරය ගැන ද කමිටුවේ අවධානයට ලක් වුනේය. ඒ සම්බන්ධව ප්‍රශ්නය මතුවෙද්දී දේශබන්දුගේ නීතිඥවරයා කීවේ දේශබන්දු තෙන්නකෝන් සාමාන්‍ය පුරවැසියෙක් බවත්, ඔහුටත් සම අයිතියක් ඇති බවත්ය. දේශබන්දු නීතිඥයෙක් මාර්ගයෙන් උසාවියට භාර වූ බව ඔහු ප්‍රකාශ කළේය.

එම ප්‍රකාශයට එරෙහි වී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අවධාරණය කළේ දේශබන්දු තෙන්නකෝන් සාමාන්‍ය පුද්ගලයෙක් බව තමා කිසිසේත්ම පිළි නොගන්නා බවය. නීතිය හා සාමය ආරක්ෂා කරන ආයතනයේ ප්‍රධානියා දේශබන්දු තෙන්නකෝන් බව කී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේ විවෘත වරෙන්තුව පවරා තිබුණේ ඒ පුද්ගලයාට බවය.

” ඒ නිසා ගරු ස්වාමීනී. මොහු සාමාන්‍ය පුරවැසියෙක් කියන එකට මා විරෝධය පල කරනවා. ගරු ස්වාමීනී… මේ නඩුවේ 29 වැනි සාක්ෂිකරු අතුරුදහන් වෙලා තියනවා. මෙයා කොහොමද අතුරුදහන් වුනේ කියලා දැඩි සැකයක් තියනවා. 24 හා 25 යන සාක්ෂිකරුවන් මේකෙදි ඉතාම වැදගත්. ” අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

මේ අවස්ථාවේ දී දේශබන්දුගේ නීතිඥවරයා අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කළ ප්‍රකාශයට දැඩිව සිය විරෝධය පළ කළේ මොහු කියන්නේ මොනවාදැයි තමාට නොවැටහෙන බව පවසමිනි.

” මෙයා මොනවද කියන්නෙ කියලා මම දන්නේ නෑ. වැදගත් සාක්ෂි දෙනවා කියනවා. නෑ කියනවා. මගේ සේවාදායකයා මිනී මරුවෙක් නොවෙයි. ” ඔහු දැඩිව කීවේය.

ඊට පිලිතුරු දුන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කීවේ දේශබන්දු තනේනකෝන් පාතාලයට වඩා භයානක බවය.

“මම කියනවා ස්වාමීනි. පාතාලයට වඩා මොහු භායානකයි. හරක් කටාත් මෙයාට බයයි.” අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා එසේ කියනවිට දේශබන්දු තෙන්නකොන් කීවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා හැසිරෙන්නේ කිසිම විනයකින් තොරව බවය.

” මෙයා මෙහෙම තමයි හැසිරෙන්නෙ. කිසිම විනයක් නැතිව තමයි හැසිරෙන්නේ. මාතර උසාවියෙත් මෙයා මෙහෙම තමයි කටයුතු කළේ.

අතිරේක සොලිසිටර් ජනරාල්ගේ විරෝධය

අනතුරුව දෙපාර්ශවයේ එකඟතාවය මත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විසින් මුලික සාක්ෂි කමිටුවට ඉදිරිපත් කළේය. වැලිගම වෙඩි තැබීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කරන නිසා ඉදිරි සාක්ෂි ලබා ගැනීමට නොහැකිවීම සම්බන්ධව විරෝධය පළ කරන බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පැවසුවේය.

සිද්ධියට අදාල 23 වැනි සහ 30වැනි සාක්ෂි කමිටුවට ඉදිරිපත් කිරීමට දෙපාර්ශවය එකඟවූ අතර 24 සහ 25 යන වැදගත් සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ පාර්ලිමේන්තුවට පැමිණ කියවා බැලීමට කමිටුව එකඟ වූයේය.

හෙට සිට දින 03ක් පෙරවරු 9 සිට 04 දක්වා කාලය ලබා දීමට කටයුතු කරන ලෙස දේශබන්දු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජීව වීරවික්‍රම කමිටුවෙන් ඉල්ලා සිටියේය. කමිටුව ඊට විරෝධය පල කළේ නැත.

කමිටුව යළි 9, 11 සහ 16 රැස්වේ. 16 වෙනිදා සිට කමිටුව අඛන්ඩව රැස්වීමට නියමිතව ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දේශීය කිරි කර්මාන්තය නඟාසිටුවීමේ උපායමාර්ගික වැඩපිළිවෙළක්!

Next Post

නිවේදනයක් වුවත් බෝම්බයක් විය හැකියි… කුපිත වී විකල්වුන නිරුවත් වානරයින්ගේ වියරුව ඉමියුනොග්ලොබියුලීන් හරහා පිටවුන අයුරු….

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.