බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙසතියකට නුදුරින් පැමිණිමට නියමිත මරණයට රට සූදානම් ද?

by editor
දෙසැම්බර් 26, 2020
in පුවත්
Share on FacebookShare on Twitter
  • මුලු වසංගතයටම මුහුණ දෙන්න ඇත්තේ රෝහල් ඇඳන් 600යි. දැඩි සත්කරා ඒකක ඇඳන් 22යි
  • නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ඇඳන් 1005ක් දැඩි සත්කාර ඒකක 02ක් තිබුණත් කොවිඩ් රෝහලක් කරන්න  ඉඩ දෙන්නෙ නෑ..
  • කොළඹ නගරය තුළ පමණක් ක්ෂයරෝගීන් 2000ක්… මේ 2000ම කොවිඩ් නිසා මාරක අනතුරක…

( විෂය පිළිබඳ ප්‍රාමාණික විශේෂඥ වෛද්‍යවරයෙක් ලංකාසරට කළ හෙළිදරව්වක් ඇසුරිනි )

නත්තල හමාරය. මේ වසංගත උවදුර විඳිමින් උත්සවය සමරන ලද ආකාරයේ ප්‍රතිඵල තව දින 14කින් නිකුත් වීමට නියමිය. වෛරස් සාන්ද්‍රණය අධික කොළඹ, කටුනායක, මීගමුව ප්‍රදේශ ආශ්‍රිතව තාවකාලිවක රැඳෙමින් රැකියා කළ දහස් ගණන් මිනිසුන් අලුත් අවුරුද්දටවත් ගෙවල්වලට යා යුතුය. රට පුරා එකවරම වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම මෙවැනි වටපිටාවක් තුළ වළක්වා ගන්නට හැකි වන්නේ නැත.

දැන් අප හමුවේ ප්‍රායෝගික ගැටලුවක් තිබේ. ලබන අවුරුද්ද ආරම්භ වීමේ වැඩි ඉඩකඩක් ඇත්තේ වර්ධනය වූ වසංගත රෝග තත්වයක් සමගය. ඒ උවදුරට මුහුණ දීමට රටක් ලෙස අප සූදානම් ද?. යුද්ධයක් කරන්නාක් සේ හමුදාව ප්‍රමුඛ  කරගෙන කළ මේ සැලසුම් රහිත ජරමරය අප පෙළමින් සිටි වසංගත තත්වය පිළිබඳ නිශ්චිත ඇගයීමක්වත් අප තුළ ඇති කර තිබුනේ නැත.

  • කොළඹ පැවති තත්වය

කොළඹ ජනගහණය ලක්ෂ හයකට අධිකය. වැඩි ජනගහණයක් අඩු ආදායම් ලාභීන්ය. වතු ආශ්‍රිතව ජීවත් වන්නන්ය. කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණිගේ තක්සේරුව මේ ජනගහණය අතුරින් අඩුම තරමින් තිස් දහසකටවත් කොවිඩ් ආසාදනය වී තිබෙන්නට හැකි බවය. කොළඹ මහ නගර සභාවේ හිටපු ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා වෛද්‍ය ප්‍රදීප් කාරියවසම්ය. ඔහුගේ තක්සේරුව අනුව අඩුම තරමින් කොළඹ ජනගහණයෙන් අඩක් කොවිඩ් ආසාදිතයන්ය. ඔහුට අනුව නිවැරදි පර්යේෂණයක් කළහොත් කොළඹ පමණක් ලක්ෂ 03ක කොවිඩ් ආසාදිත පිරිසක් වාර්තා වනු ඇත.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

පිටකොටුව හරස් වීදියක්…

ඒ සංඛ්‍යා ලේඛණ කෙසේ වෙතත් අප මේ මොහොත වනවිට ප්‍රායෝගිකව අත්දකින ඇත්තක් තිබේ. කොළඹ කොවිඩ් කේන්ද්‍රය මැද කොළඹ හා උතුරු කොළඹය. දැනට වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් 36000න් වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන්නේනේ කොළඹය. කොවිඩ් මරණවලින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වූයේ කොළඹ නගර සීමාව තුළය. දිනපතා නිවෙස්වල මිය යන පුද්ගලයන්ගේ පී.සී.ආර් පරීක්ෂණ කළ විට බොහෝ දෙනෙකුගෙන් වාර්තා වන්නේ වෛරසයට එරෙහිව උපන් ප්‍රතිදේහ ය. ඉන් තහවුරු වූයේ මේ මිනිස්සුනට වෛරසය ආසාදනය වී තිබුණු බවය.

මේ ඇත්ත දැනගෙන ඒ වෙනුවෙන් අප කටයුතු කළේ නැත. රජය සෞඛ්‍ය අංශ නිර්දේශ කළ සංචරණ සීමා ගැන නොතකා හැරියේය. උත්සව සමය තුළ සමාජය කළමනාකරණය කළ යුතු ආකාරය පිළිබඳ කළ යෝජනා මායිම් කළේ නැත. රට සංචාරක කර්මාන්තයට, විනෝදාස්වාද අවකාශන්ට, සාමාන්‍ය ජන ජීවිත රටාවට විවෘත කිරීමේ තීන්දුන්වට රජය ගමන් කරමින් සිටියේ මේ සැබෑ උවදුර තක්සේරු කරන සෞඛය ක්ෂේත්‍රයේ විශේෂඥයන් අඩුම තරමින් රට සති තුනක හුදකලා කිරීමක් ඉල්ලා සිටින විටය. ඒ සියල්ල දැන් සිදු වී හමාරය.

  • අවදානමට සූදානම් ද?

දැන් රට ඉදිරියේ ඇත්තේ එළඹෙන්නට නියමිත අවදානම සෞඛ්‍ය ක්ෂේත්‍රය දරාගන්නේ කෙසේද යන්න පිළිබඳ වූ අභියෝගය ය. මේ වනවිටත් රටේ සෞඛ්‍ය පද්ධතියේ රිද්මය බිඳ වැටී අවසන්ය. කොන්දේ අමාරුවකට රෝහල්ගතවන පුද්ගලයෙක් රෝහලෙන් පිටවන්නේ කොවිඩ් ආසාදිතයෙකු ලෙස නම් කොවිඩ් සම්බන්ධව ඇති කර ඇති මේ සමාජ භීතිය තුළ මිනිස්සු ගෙදර මිය යෑම තෝරා ගනිති. මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ඇඳන් ධාරිතාවයෙන් අඩක් හිස්ය. මිනිස්සු මිය යන්නට ඔන්න මෙන්න වනතුරු රෝහලට නොපැමිනෙති. මේ වනවිට අප අත්විඳින නොපෙනන ප්‍රතිඵලය රටේ බෝ නොවන රෝග වැඩි වීමය. ඉන් සිදුවන මරණ ගණන වැඩි වීමය. පවතින වසංගත තත්වය මාරක භීතියක් කර සමාජයට මුදා හැරියා මිස ඒ සඳහා ප්‍රායෝගිකව රටේ රෝහල් පද්ධතිය සැලසුම් කිරීමට අප අසමත් විය.

ඉදිරි මාසය තුළ වර්ධනය වී පැමිණිය හැකි යැයි උපකල්පනය කරන කොවිඩ් වසංගතයට මුහුණ දීමට අප සතු ඇත්තම ධාරිතාව කුමක් ද?. ඒ කතාව හෙළිවන විට නිවාඩු දමා ගෙදරට වී බිය වනවා හැර  කරන්නට දෙයක් නැත.
වසංගතයට මුහුණ දීමට අප නිර්මාණය කළ රෝහල් පද්ධතිය කේන්ද්‍රගත වන්නේ අයි.ඩී.එච් රෝහල වටාය. අනතුරුව එය මුල්ලේරියාව රෝහල, හෝමාගම රෝහල තෙක් ව්‍යාප්ත වුනේය. අයි.ඩී.එච් රෝහලේ ඇත්තේ අඳන් 200ට අඩු ප්‍රමාණයකි. දැඩි සත්කාර ඒකකයේ ඇඳන් 08කි. මුල්ලේරියාව රෝහලේ ඇඳන් 200ට අඩු ප්‍රමාණයකි. දැඩි සත්කාර ඒකකයේ ඇඳන් 04කි. විශේෂ ප්‍රතිකාර ඒකකයේ ඇඳන් 4කි. රෝගීන 200ක ධාරිතාවයකට ඉඩ ඇති හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇඳන් 8න් ප්‍රතිකාර සාධනය කරන්නේ ඇඳන් 05කි. ඇත්ත නම් සමස්ථ උවදුරේ තීරණාත්මක අවස්ථාව කළමනාකරණය සඳහා ප්‍රධාන කොවිඩ් රෝහල් තුනේ ඇත්තේ ඇඳන් 600කට අඩු ප්‍රමාණයකි. දැඩි සත්කාර ඒකක ඇඳන් 17කි. විශේෂ ප්‍රතිකාර ඒකක ඇඳන් 05කි. මාධ්‍ය ඉදිරියට එන කොවිඩ් ලොක්කන් පුරාජේරුව තොරොම්බල් කරන්නේ මේ යථාර්ථය කාපට් එක යටට දමමිනි.

අයි.ඩී.එච්. රෝහල
  •  මග හැරිය තැන්

කොළඹ නගර සීමාව තුළ පමණක් ක්ෂයරෝගයෙන් පීඩා විඳින ආසාදිතයෝ 2000ක් වෙති. මේ මිනිසුන් ජීවත් වන්නේ කොළඹ අධි ජන සාන්ද්‍රණයක් සහිත වතු ආශ්‍රිතවය. මාලිගාවත්ත, මරදාන, පංචිකාවත්ත, කෙත්තාරාම, කොළඹ උතුර යන කොළඹ නගර සීමාට අමතරව වැල්ලම්පිටිය හා කොලොන්නාව අශ්‍රිතව මේ රෝගීහු වාර්තා වෙති. අද වැඩිපුරම කොවිඩ් වෛරසය ව්‍යාප්ත වී ඇත්තේ මේ ප්‍රදේශ තුළය. මෙම රෝගීන් දෙදහසම මේ වනවිට සිටින්නේ බිහිසුණු අනතුරකය. ඒ අවදානම සඳහා වැලිසර රොහල සූදානම් කිරීම ප්‍රායෝගිකව කළ යුත්තකි. එහෙත් සැලැස්මක් නැත. මේ ලියන මොහොත වනවිටත් කොළඹ ජාතික රෝහලේ කොවිඩ් ආසාදිත ක්ෂයරෝගීන් ස්ථානගත කිරීමට තැනක් නැතිව පසුවෙති. මේ අසරණ රෝගී පුද්ගලයන් ඇස් පනාපිට මිය යමින් සිටින්නේ සෞඛ්‍ය පද්ධතියම අනතුරකට ලක් කරමිනි.
රටේ සැලකිය යුතු පිරිසක් වකුගඩු රෝගීන්ය. කොවිඩ් ආසාදිත වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දු පෙරණ පහසුකම දැනට ඇත්තේ හෝමාගම රෝහලේ පමණි. යාපනයේ රෝගියෙක් වාර්තා වුවත් රැගෙන එන්නේ හෝමාගමටය. මේ වනවිටත් හෝමාගම රෝහලට ඒ ධාරිතාව දරාගත නොහැකි වී තිබේ. රුධිර කාන්දු පෙරණයන් සඳහා අවස්ථාවක් ලබා ගත නොහැකිව මරණය දකිමින් සිටින කොවිඩ් ආසාදිතයන් හෝමාගම අවකාශයක් ලැබෙන තුරු කොළඹ ජාතික රෝහලෙත් වෙති.
හෘද රෝගී කොවිඩ් ආසාදිතයන්, අස්ථි සම්බන්ධ ගැටලු සහිත ආසාදිතයන් යොමු කරන මුල්ලේරියාව රෝහල අවශ්‍ය ප්‍රමාණයට විශේෂඥ වෛද්‍යවරුන් සහිතව ඒ සඳහා ස්ථාවර කර නැත.

  • නෙවිල් ප්‍රනාන්දු රෝහල 

නෙවිල් ප්‍රනාන්දු රෝහල

හැමදාම මග හරින ප්‍රශ්නය මෙයය. රටේ මිනිස්සුන්ගේ ජීවිත වලට වඩා මේ රෝහලට මේ ආණ්ඩුවේ සීතා අරඹෙපොල ලා ලබා දෙන තක්සේරුව කුමක් දැයි අපට වැටහෙන්නේ නැත. පැමිණෙන වසංගතය යථාර්තයකි. ඒ උවදුර හමුවේ සිය ගණනක් ඇස් ඉදිරිපිට මිය යෑමට නියමිතය. රටේ ප්‍රධාන කොව්ඩ් රෝහල් තුනටම වඩා වැඩි ඇඳන් ප්‍රමාණයක් හා දැඩි සත්කාර ඒකක ඇඳන් ප්‍රමාණයක් මේ රෝහල සතුය. රෝහල රජයට භාර දුන් බව නෙවිල් ප්‍රනාන්දුත් කීවේය.
එහෙත් කොළඹින් එපිට ආරක්ෂිත පරිසරයක ස්ථාන ගත වී ඇති, ඇඳන් 1005ක් හා දැඩි සත්කාර ඒකක 2ක් සහිතව නිශ්ප්‍රයොජනව පවතින මේ රෝහල කොවිඩ් ප්‍රතිකාර රෝහලක් බවට පත් වන්නේ නැත. කොවිඩ් මරණය හමුවේ එන අතිශයම ප්‍රායෝගික යෝජනාව ක්‍රියාත්මක වන්නේ නැත. රටට ආදරය කරන දේශපාලනයක් නම් මේ තරම් මුග්ධ ලෙස සමාජයක මරණය අතපල්ලෙන් වැටෙන්නට හරින්නේ නැත.
එහෙත් අපට නියම වී ඇත්තේ උන් ගේ අසංවේදී දෑස් ඉදිරිපිට මිය යන්නටය. ශ්වසන රෝගී කොවිඩ් ආසාදිතයන් සඳහා වැලිසර විශේෂ ඒකකයක් සූදානම් කිරීම, සෑම පළාතකමට හඳුනාගත් එක් ප්‍රධාන රෝහලක් කොවිඩ් ප්‍රතිකාර රෝහලක් ලෙස වර්ධනය කර ජාතික රෝහල් පද්ධතිය කොවිඩ් ආසාදිතයන්ගෙන් හැකි තාක් ඈත් කර රෝහල් සම්බන්ධ ජනතාවගේ විශ්වාසය තහවුරු කිරීම, නෙවිල් ප්‍රනාන්දු රෝහල මේ ප්‍රතිකාර පද්ධතිය තුළට ඇතුළත් කර ගැනීම, විශේෂඥවරුන් සහිත කාර්ය මණ්ඩලයක් බලගන්වා පවතින අභියෝගය ඔවුන්ට භාර දී හමුදාවේ මහත්වරු මේ නොදන්න විශේෂඥ ගොං කම් නොකර උවදුර වෙනුවෙන් තමන්ට කළ හැකි ප්‍රායෝගික කොටස කිරීම මේ මොහොතේ සිදුවිය යුතු බව පෙනේ.
කටේ නරිවාදම් රෙදි පල්ලෙන් බේරෙන්නට නොදී රට වෙනුවෙන් ඇත්තටම කළ යුතු දේ කිරීමේ අවකාශය තවමත් මේ ආණ්ඩුවෙන් ගිලිහී නැත. එය කළමනාකරණය කිරීමේ ප්‍රමාණය මත   ආණ්ඩුවේ අනාගතය තීන්දු වනු ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් 28 දා සිට වර්ජනයේ…

Next Post

බ්‍රිතාන්‍යයේ අලුත් කොරෝනා ප්‍රභේදය දැන් රටවල් පහක

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.