බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙවියන්වහන්සේ මා ලඟහිටියා.. සිංහල රෝගීන්ගේ ආශිර්වාද සහ ප්‍රර්ථනා මාව ආරක්ෂා කළා…

සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳ කළ බව කී වෛද්‍ය ශාෆි සහාබ්දීන් කී කතාව...

by editor
පෙබරවාරි 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

නාමිනී විජේදාස –

( 2022/1/23 Sunday Times හි පළවූ ”God and prayers of predominantly Sinhalese patients protected me” ලිපියේ පරිවර්තනය – සමන් පුෂ්ප ලියනගේ.)

“හිර කුටියේදී එයාල මට ලීටර් එක හමාරෙ ප්ලාස්ටික් බීම බෝතලයක් තියාගන්න ඉඩ දුන්නා. කාටවත් කොට්ට දුන්නෙ නෑ. ඒත් බිම ඔලුව තියාගෙන ඉන්නකොට මට නින්ද යන්නෙ නෑ. බෝතලේ වතුරෙන් පුරවල ටිකක් වතුර ඉවත් කළාම ඒක ටිකක් නම්‍ය වෙනවා. මම සී.අයි.ඩියෙ හිටිය දවස් 46ම නිදාගත්තෙ ප්ලාස්ටික් බෝතලේ ඔලුවට තියාගෙනයි. මම ඒකට හුරු වුණා.”

පුවත් පතක් කළ විනාශය

ශාෆි සහාබ්දීන් එම බිහිසුණු අත්දැකීම විඳින්නට පටන් ගත්තේ 2019 මැයි 23 වැනිදා පුවත්පතක මුල් පිටුවේ මෙම වෛද්‍යවරයා, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය මෙහෙයවූ බවට සැක කරනු ලැබූ තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයකුව හිඳිමින් සිසේරියන් සැත්කම් කරන අතරතුර සිංහල බෞද්ධ මවුවරුන් 4000ක් රහසේ වඳ භාවයට පත් කළේ යයි චෝදනා කරන පුවතක් පළ කිරීමෙන් අනතුරුවයි.

ඔහු සිරගත කොට ඇප මත නිදහස් කිරීමෙන් පසු පළමු වරට තමා සහ තම පවුලේ අය විඳි ගැහැට පිළිබඳව හෙළිදරව් කරමින් සහාබ්දීන්, ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත සමග සංවාදයක යෙදුණේය. ඔහු ආරක්ෂා කරනු ලැබුවේ දෙවියන් සමග මූලික වශයෙන් සිංහල රෝගීන්ගේ ආශිර්වාදයත්, යාදිනි විසිනුත් බව හෙතෙම කියා සිටී.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

වෛද්‍ය සහාබ්දීන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ කාන්තා ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයාව සිටියේය. 2015 දී ඔහු සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අස් වී එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට තරග කළේය. ඔහුට පාර්ලිමේන්තුවට ඇතුළත් වීමේ වරම අහිමි වූයේ සුළු ඡන්ද සංඛ්‍යාවකිනි. මැතිවරණයට පෙර පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී වෛද්‍ය සහාබ්දීන්, තමා වෛද්‍ය වෘත්තියේදී සිසේරියන් සැත්කම් 8000ක් පමණ කර තිබේ යයි මාධ්‍යවේදියකුට කියා තිබිණි. ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාව වූයේ එයින් සැත්කම් 4000ක් කරන අතරතුර නීති විරෝධී අයුරින් නාළ අවහිරකොට සිංහල බෞද්ධ මවුවරුන් වඳ භාවයට පත් කළේය යන්නයි.

වෛද්‍ය වෘත්තියේ යෙදෙන බොහෝ අයට මෙම කීම මනඃකල්පිතයක් විය. මේ බව අධිකරණ හා නිල විමර්ශනයේදී ගර්භණී හා නාරි වෛද්‍ය අංශයේ වෛද්‍යවරුන් හෙදියන් හා කාර්ය මණ්ඩලයේ අනෙක් අයගෙන් වාර්තා කරගත් ප්‍රකාශවලින් පෙනී ගියේය. එකී චෝදනාවට ඇතැම් වෛද්‍ය විශේෂඥයෝ ප්‍රසිද්ධියේම අභියෝග කළහ.

පොඩි හිමිවරුන්ට පාළි  ඉගැන්වූ ගුරුතුමාගේ මුණුබුරා

වෛද්‍ය සහාබ්දීන් අධ්‍යාපනය ලබාගත්තේ කලාවැව මුස්ලිම් විද්‍යාලයෙනි. කලාවැව යනු අනුරාධපුර දිස්ත්‍රික්කයේ විශාලතම සහ පැරැණිතම මුස්ලිම් වාසස්ථාන පිහිටි ප්‍රදේශයයි. ඔහුගේ පිය පාර්ශ්වයේ සීයා, එම ප්‍රදේශයේ පළමු රාජ්‍ය සේවකයාය. එම ප්‍රදේශයේ පළමුවෙන්ම දිග කලිසම් ඇඳි අයකුගෙන් කෙනකු වූ ඔහු විජිතපුර රජමහා විහාරයේ ලාබාල බෞද්ධ භික්ෂූන්ට පාලි භාෂාව ඉගැන්වූයේය. ඔහුගේ පියා විදුහල්පතිවරයකු වූ අතර මව ගෘහණියක වූවාය.

පවුලේ දරුවන් තිදෙනාගෙන් බාලයා වූයේ වෛද්‍ය සහාබ්දීන්ය. ඔහුගේ සොයුරිය වෛද්‍යවරියකි. සොයුරා ගණකාධිකාරීවරයෙකි. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයෙන් සමත් වූ අයෙකි. 2003 දී තමාට වඩා කනිෂ්ඨ වෛද්‍යවරියක වූ ඉම්රා සමග ඔහු විවාහ වූයේය. ඇගේ උපන් නගරය වූ කුරුණෑගල ඔවුහු පදිංචි වූහ. 2004 දී සෞඛ්‍ය අමාත්‍යංශයට සම්බන්ධ වීමෙන් පසු හෙතෙම මධ්‍යම පළාතේ සේවය කළේය. මැතිවරණය සඳහා නික්ම යනවිට ඔහු සේවය කරමින් සිටියේ දඹුල්ල රෝහලේය.

පුද්ගලික ව්‍යාපාරවලට යොමු වීම

වෛද්‍ය සහාබ්දීන් ටිකෙන් ටික පෞද්ගලික ප්‍රතිකාර කිරීමේද නියැළුණේය. කුරුණෑගල නගරයේ සාර්ථක ලෙස විද්‍යාගාරයක් පිහිටවූ ඔහු වාහන අලෙවි කිරීමට සහ රෙදිපිළි අලෙවි කිරීමේ ව්‍යාපාර වෙතද යොමු වූයේය.

කුරුණෑගල නගරයේ ඉඩමක් මිලදී ගැනීම සඳහා මිතුරන් තිදෙනකු සමග එකඟතාවකට එළැඹීමෙන් පසුව එය මිලදී ගැනීම සඳහා ඔවුහු ඔහුගේ බැංකු ගිණුමේ රුපියල් මිලියන ගණනක් තැන්පත් කළහ. ඒ වනවිට පැවතුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයක ඉලක්කයක් බවට පත් වූයේ එම ගනුදෙනුවයි.

මැතිවරණයෙන් ඔහුට ඡන්ද 54,000 ලැබුණු මුත් පාර්ලිමේන්තු ආසනයක් හිමිකර ගැනීම සඳහා එය ප්‍රමාණවත් නොවීය. මැතිවරණයෙන් මාස 16කින් පමණ අනතුරුව සෞඛ්‍ය අමාත්‍යංශය ඔහු නැවත සේවයේ පිහිටුවාලූයේ මැතිවරණයෙන් පැරදුණ තවත් වෛද්‍යවරුන් දෙදෙනකු ද සමගය. 2018 පෙබරවාරි මාසයේ පටන් 2019 මැයි මාසයේ ඔහු අත්අඩංගුවට ගන්නා තුරු ඔහු කුරුණෑගල ශික්ෂණ රෝහලේ ගර්භණී හා නාරි වෛද්‍ය අංශයේ සේවය කළේය.

පාස්කු ප්‍රහාරයෙන් පසු

2019 අප්‍රේල් මාසයේ ප්‍රහාර එල්ල කිරීමෙන් පසු එම ප්‍රදේශය පුරා මුස්ලිම්වරුන් අතර ආතතියක් හට ගත්තේය. නොපැහැදිලි චෝදනා මත සුප්‍රසිද්ධ ප්‍රජා නායකයෝ අත්අඩංගුවට පත්වූහ. ඇතැමුන් සිර භාරයෙන් නිදහස් කරනු ලැබුවේ දින ගණනාවක් ඉක්ම ගිය පසුවය. තමාද ඉලක්ක වී ඇති බවට කියන කටකතා වෛද්‍ය සහාබ්දීන්ගේ කනට ඇසිණි. පවතින තත්ත්වය පහව යනතුරු රටින් පිටව ගොස් හිඳ නැවත පැමිණීමට ඔහුගේ බිරිඳට අවශ්‍ය වූයේය.

“මට බය හිතුනා. ඒත් කාට වුණත් මාව අත්අඩංගුවට ගන්න ඕන වෙන්නෙ ඇයි කියල මම ප්‍රශ්න කරමින් හිටියෙ.” ඔහු කීවේය. “මම රටෙන් පිටව යන්න කැමැති වුණේ නෑ මගේ රටට මම ආදරේ නිසා. පසුගිය කාලෙ රටෙන් යන්න ඕනෑ තරම් අවස්ථා මට ලැබුණා. අද පවා එහෙමයි. අසරණ රෝගීන්ගේ කන්නලව් නිසා මම ආරක්ෂා වුණා කියලයි හිතන්නෙ. මොකද මම වැඩ කළේ ඒ අයටයි. යම් පුද්ගලයකුගේ දුක් වේදනා තමන් දුරු කළොත් ඔවුන් තමන් වෙනුවෙන් හදවතින් කතා කරනවා.”

මුළු රෝහල පුරාම වෛද්‍ය සහාබ්දීන් මුළුමනින් ජනප්‍රියව සිටියේ යයි එයින් ඇඟවෙන්නේ නැත. විශේෂයෙන් ඇතැම් ජ්‍යෙෂ්ඨයන් අතර ඔහු ජනප්‍රිය නොවූයේය. ඔහුගේ ප්‍රතිපත්තිය වූයේ, ගිහින් තමාගේ රැකියාව කොට එතැනින් නික්ම ඒමයි. එකිනෙකා සමග දොඩමින් සිටීමට ඔහු කාලය ගත කළේ නැත. ශාෆි මහත්තයා ලවා ශල්‍යකර්ම, ස්කෑන් සහ වෙනත් රෝග පරීක්ෂා කිරීම් කර ගැනීමට කාර්ය මණ්ඩලයේ උදවිය ඔහු සොයා ගියහ.

පාදෙණිය  නෝනගේ සිසේරියන් සැත්කම

රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ හිටපු සභාපති අනුරුද්ධ පාදෙණියගේ දෙවැනි දරුවා ලැබෙන විට ඊට අදාළ සිසේරියන් සැත්කම කර ඇත්තේ ද වෛද්‍ය සහාබ්දීන් ය.

“මම GMOA සාමාජිකයකු වුණත් මම ඔවුන්ට විරුද්ධව දැඩි මතයක සිටියා. විශේෂයෙන් වර්ජනවලදී තමන් ජයග්‍රහණ ලබන්නේ රෝගීන්ගේ අයිතීන් අහිමි කරලයි’’ යන මතයේ මම සිටිය. ‘‘රෝගීන් දුක් විඳිනව. ඒ නිසා මම වැඩ වර්ජනය කරල වෛද්‍ය සංගමයට සහාය වෙමින් ඊට එක්වුණේ නෑ.”

ඇතැම්හු වෛද්‍ය සහාබ්දීන්ට එරෙහිව අපහාස වදන් දෙඩුවෝය. ඇතැම් විට ඔහු හා වචන හුවමාරු වූයේය. ඔහු හිස උදුම්මාගත් දඩබ්බර අයෙක් සේ සලකනු ලැබිණි.

“මම කාටවත් හිස නැමුවෙ නෑ. මම මගේ වැඩක් බලාගෙන හිටියෙ. ඒත් ඒ ගතිය නිසා මට මෙතරම් හානියක් වේවි කියල මම හිතුවෙ නෑ.”

පොලිස් අත්අඩංගුවට පත්වීම

නීති විරෝධී වඳ සැත්කම්වලට වෛද්‍ය සහාබ්දීන් වැරැදිකරු යයි කියන මතයට පක්ෂ පුවත් පත්තර පිටු ගණන් පළවෙන්නට ගත්තේය. සමාජ මාධ්‍යවල ඔහුට මරණ තර්ජන එල්ල විය. මැයි 24 වැනිදා උදයේ ඔහු සේවයට වාර්තා කිරීමට බියෙන් පසුවූයේය. රෝහල් පරිශ්‍රයෙන් පිටත ඔහුට ආරක්ෂාව සැපයීම ප්‍රතික්ෂේප කෙරිණි. එදින රාත්‍රියේ ඔහු උපවාස කාලයෙන් පසු සිය 12 හැවිරිදි පුත්‍රයා සමග පල්ලියේ යාඥා කරමින් ඉන්නා විට තම නිවසට පොලිසිය පැමිණ ඇතැයි ඔහුට පණිවිඩයක් ලැබුණේය.

ඔහු කඩිමුඩියේ නිවෙසට පැමිණියේය. අසාධාරණ ලෙස තමා ඉලක්කගත වූයේ ඇයි දැයි පොලිසියෙන් විමසා සිටියේය. ඔවුහු ඔහුව පොලිසිය වෙත රැගෙන ගියේ පුවත්පත් ලිපියක සඳහන් චෝදනාවලට, ෆේස්බුක් සටහනක් යෙදූ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයකුට එරෙහිව පැමිණිල්ලක් ගොනු කරන මුවාවෙනි.

පොලිස් ස්ථානයේදී තමාට අයුක්තිය සිදුකළ පැමිණිල්ල වාර්තාගත කිරීම ඔහුට අවශ්‍ය විය. එම කාර්ය ඉටු නොවීය. ඉන්පසු ඔහු නැවත නිවසට රැගෙන ආයේ නිවස පරීක්ෂා කිරීම සඳහාය. CCTV කැමරා නිවා දමන ලෙස ඔවුහු නියෝග කළහ. ඔවුහු දරුවන්ගේ කොම්පියුටර්, ලැප්ටොප්, බ්‍රීෆ්කේස් සහ පැරැණි දුරකථන ඉවත ඇද ගත්හ. ඔහුගේ බිරිඳගේ කුරාණය පවා ඔවුහු උදුරා ගත්හ.

නිතිඥ සහය ගන්නත් අවරස නෑ…

පොලිස් නිලධාරීහු නැවත ඔහුව පොලිස් ස්ථානය වෙත රැගෙන ආහ. නීතිඥවරයකු අමතන්නට ඔහුට අවසර නොලැබිණි. ඔහුගේ දුරකථන ක්‍රියාවිරහිත කෙරිණි. ඔහු පොලිස් කොස්තාපල්වරයකු ළඟ හිඳුවා තැබූ අතර එම නිලධාරියා ඔහුට ඉවත යන්නට ඉඩ දුන්නේ හෝ ඔහුගේ පැමිණිල්ල ලියා ගැනීමක් සිදු කළේ නැත. ඔහු රඳවා තබාගෙන ඉන්නේ ඇයි දැයි (ඔහු තබාගෙන ඇත්තේ රඳවාගෙන නම්) ඔහු නොදත්තේය. නිවසට ගොස් පසුදා එන්නට ඔහු විමසූ විට කොස්තාපල්වරයා ඊට ඉඩ නුදුන්නේය. කිසිවකුට ඔහු බලන්නට අවසර නුදුන්නේය.

“මාව තනිකරම හුදෙකලා කළා.” වෛද්‍ය සහාබ්දීන් කීවේය. “මාව තියාගන්නවද මට යන්න දේවිද දන්නෙත් නෑ.”

ඊළඟ දිනයේ උදෑසන ඥාතීන් දෙදෙනකුට ඇතුළට පැමිණ ඔහුට විස්කෝතු හා වතුර ලබා දෙන්නට ඉඩ දෙනු ලැබීය. ඉහළින් ලැබුණු නියෝගයකට අනුව විමර්ශන සඳහා ඔහු තබාගත් බව පොලිසිය ඔහුට කීවේය. නැවත අපරාධ අංශයට ගෙන ගිය ඔහුට පුටුවක හිඳගෙන ඉන්නට සිදුවිය.

ඔහුගේ නීතිඥවරයාට එතැනට එන්නට අවසර නොලැබිණි. ඔහුගෙන් ප්‍රශ්න කරන ලද්දේ බලෙන් වඳ සැත්කම් කිරීමක් ගැන නොව පෞද්ගලික හා පවුලේ ඉතිහාසය පිළිබඳවය. ඔහු අත්අඩංගුවට ගැනීම ගැන ආරංචිය පැතිරයාමත් සමඟ මාධ්‍යවේදීහු පොලිසිය වෙත ආහ. “ඊට පස්සෙ මාව අත්අඩංගුවට ගන්න කතාවක් ඇහුණ.” වෛද්‍ය සහාබ්දීන් කීවේය.

පොලිසියෙන් සී.අයි.ඩී.යට

“ඔවුන් මාව සී.අයි.ඩියට දෙන්න සූදානම් වුණා. මොනව කරන්නද කියල මට හිතාගන්න බැරිවුණා. ඒ සඳහා අනුගමනය කරන වැඩ කිහිපයක් තිබුණා. මගේ ඇඟිලි සලකුණු අරගෙන ශරීරය පුරා පරීක්ෂා කළා. එය මානසික වදයක්.”

ඔහුට මාංචු දමා ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගැනුණි. මැයි 25 වැනිදා ඒ වනවිට ප.ව. 6.00 පසු වී තිබිණි. ඔහු අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ගෙන යා යුතු විය. පොලිසිය ඔහු සේවය කළ කුරුණෑගල ශික්ෂණ රෝහලටම රැගෙන ගියේය.

“හැමෝටම පේන්න මාංචු පිටින්.” ඔහු කීවේය. “හැම දෙනාම මා දිහා බැලුවා. මට වැඳපු මිනිස්සු මට ගෞරව කරපු මිනිස්සු සමහර ඇටෙන්ඩන්වරුන්ගෙ ඇස්වල කඳුළු.”

එක් කූඩුවක මාකඳුරේ මධුෂ්

අවසානයේ වෛද්‍ය ශාෆිව ගෙන ගියේ සී.අයි.ඩියේ හතරවැනි තට්ටුවටයි. කොළඹ සී.අයි.ඩීයේ මූලස්ථානය වූ එහි සිර මැදිරි 4ක් විය. එකක සිටින්නේ මාකඳුරේ මධුෂ් බව ඔහුට දැනුම් දුන්නේය.

“ඔහු සමග සම තත්ත්වයට වැටීමට මා කළ වරද කුමක්දැයි මා කල්පනා කළා. මට මහ හිතේ අමාරුවක් දැනුණා. මම ඇඬුවෙ නෑ. අඬල වැඩක් නෑ. මගේ අරමුණ වුණේ පිටට එන එකයි. මට කරදරයක් නොවෙන බවට මට ලොකු විශ්වාසයක් තිබුණා. දෙවියන් මා බේරා ගනීවි. මට මාංචු දමන විටත් මට සිහි වුණේ අල්ලා දෙවියන්වයි.”

වෛද්‍ය සහාබ්දීන් දින 46ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගතකොට ජුලි 25 දින ඇප ලබා ගත්තේ සති දෙකක් කෑගල්ල බන්ධනාගාරයේ ද සිර කර තැබූ පසුවය. ඔහුව රඳවා තබාගනු ලැබුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය. කිහිප වාරයක් ඔහු ප්‍රශ්න කිරීම්වලට භාජන විය. ඇතැම් විට ප්‍රකාශ ලබාගැනීම සඳහා සාක්ෂිකරුවන් සී.අයි.ඩීයට රැගෙන ආයේය.

“මට එල්ල කළ හැම චෝදනාවක්ම අදාළ නොවේය යන ස්ථාවරයේ මම සිටියා. ඒ බව ඒ අය තේරුම් ගන්නා බව මම දැන සිටියා.” වෛද්‍ය සහාබ්දීන් කීවේය.

පවුලේ අයට කරදර

ඔහුගේ පවුලේ උදවිය නොයෙක් කරදර වින්දෝය. ඔහුව රැගෙන ගිය දිනයේ ඔවුහු නිවස හැර ගියෝය. ඉම්රා, දරුවන්, ඒ අයගේ පාසල්වලින් ඉවත් කරගෙන කොළඹ රැගෙන ආවාය. වෛද්‍ය ශාෆිගේ බිරිඳට මුස්ලිම්වරු පවා ඉඩ නොදුන්හ. තට්ටු හතක් ඉහළ උසින් පිහිටි නිවාස කොටස කුලියට ගන්නට ගිය අවස්ථාවේ මිත්‍රශීලීව ඇයට සලකා ඇත්තේ එකම එක යුවළක් පමණි.

“ඈ නිතරම බයෙන් පීඩාවට පත්වෙලා හිටියෙ.” ඔහු කීවේය.

“ඈට ඉස්කෝල සොයන්න සිදුවුණා. කුරුණෑගල වැඩ කරන්න බැරි නිසා මාරුවක් ඉල්ලන්න සිදු වුණා. ඇගේ අතේ සතේ නැති වුණා. මගේ ගිණුම් අත්හිටෙව්වා. පත්තරකාරයො ඈව ලුහු බැන්ඳා යන යන තැන. ප්‍රසිද්ධියෙ කතා කළොත් ඈට දරුවන් ආරක්ෂා කර ගන්න බැරිවුණා. තමාව මරා දමාවි කියලත් ඈ බය වුණා.”

දරුවන්ට කුරුණෑගලින් කොළඹ ගොස් ඉන්පසු කල්මුණේ සහ ආපසු මහනුවරටත් යන්නට සිදුවිය. දැන් ඔවුන් වාසය කරන්නේ මහනුවරයි. තවමත් ඔවුන් සාමාන්‍ය තත්ත්වයට පැමිණ නැත. තමන්ට වූ හදිය කුමක්දැයි ඔවුහු තවමත් නොදනිති.

 

 

 

නාමිනී විජේද‌ාස විසිනි

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික පුහුණුකාරකම්  හිතවත්කම් වලට…

Next Post

74වැනි නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 197ක් ජනාධිපති සමාව යටතේ නිදහස්…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.