ඩොලරය අඩුවීමට සාපේක්ෂව ජංගම දුරකථන සහ උපාංගවල මිල සියයට 20කින් අඩු කිරීමට කටයුතු කරන බව ජංගම දුරකථන ආනයනකරුවන්ගේ සංගමය නිවේදනය කරයි.
අද (09) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති සමිත් සෙනරත් පැවසුවේ ඩොලරය ඉහළ යන විට ජංගම දුරකථන මිල ඉහළ දැමුවා සේම ඩොලරයේ අගය පහළ යනවිට එහි වාසිය පාරිභෝගිකයාට ලබා නොදුනහොත් එම වෙළඳාම සාධාරණ වෙළෙඳාමක් නොවන බවය.
“හැමෝම දන්නවා දැන් ඩොලරය අඩුවෙලා තියෙනවා. ඉතින් අපි සියයට 20කින් ජංගම දුරකථන සහ ඒ හා සම්බන්ධ උපාංගවල මිල අඩුකරන්න තීරණය කළා,”
“මොකද අපි ජනතාව පිටට බර දැම්මා වගේම තමයි, ජනතාවට දීපු බර ඩොලර් එක අඩුවෙද්දී අඩුකරන්න ඕන. එහෙම නැත්නම් ඒක අයථා ව්‍යාපාරයක් වෙනවා. “
“යාපනයේ ඉඳලා මාතර දක්වා සැළකිය යුතු සාමාජිකයින් පිරිසක් ඉන්නවා. ඒ හැමෝම ඒකමතිකව තීරණය කරලා තියෙනවා මේ මිල අඩුකිරීමට.”







