අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දුම්රියේ ගැටී හිමි නමක් මිය ගිහින්… මරණය සැකයි… පොලිසිය කියයි…

by editor
දෙසැම්බර් 29, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය –

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ කහව හා අකුරල අතර ප්‍රදේශයේදී භික්ෂූන් වහන්සේ නමක් දුම්රියක හැපී ඊයේ (28) රාත්‍රී අපවත් වී තිබේ.

මෙසේ අපවත් වී ඇත්තේ ඇල්පිටිය, ගණේගොඩ පුරාණ රජමහ විහාරස්ථානයේ වැඩ වාසය කල එම විහාරස්ථානයේ විහාරාධිකාරී පිටුවල සාරද නැමැති තිස් හැවිරිදි භික්ෂූන් වහන්සේ නමකි.

අපවත් වූ භික්ෂූන් වහන්සේගේ මෘත දේහය එම දුම්රියෙන්ම කහව දුම්රිය ස්ථානයට රැගෙන විත් බාර දී තිබූ බවත් මෘත දේහය මේ වන විට බළපිටිය මූලික රෝහලේ තැන්පත් කර තිබෙන බවත් අම්බලන්ගොඩ පොලීසිය කියයි.

අපවත් වූ භීක්ෂූන් වහන්සේගේ හදිසි මරණ පරීක්ෂණය මාදම්පාගම හදිසි මරණ පරීක්ෂක කේ වගආරච්චි මහත්මිය විසින් සහ පශ්චාත් මරණ පරීක්ෂණය බළපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් අද (29) දින බළපිටිය මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කොළඹ සිට ගාල්ල බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේ මෙම භික්ෂූන් වහන්සේ ගැටී ඇති බවත් අනතුර ඊයේ (28) රාත්‍රී 8.45 ට පමණ සිදුව තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි.  

අපවත් වූ භික්ෂූන් වහන්සේගේ මෘත දේහය දුම්රියෙන්ම රැගෙන විත් කහව දුම්රිය ස්ථානයට බාර දී තිබූ නිසා අනතුර වූ ස්ථානය නිවැරදිව සොයා ඉදිරි පරීක්ෂණ කටයුතු ආරම්භ කරන බව අම්බලන්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

මෙම භික්ෂූන් වහන්සේ ත්‍රීරෝද රථයකින් ඊයේ (28) සවස 4.30 ට පමණ අම්බලන්ගොඩට පැමිණ තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. මිට මාස කිහිපයකට පෙර අපවත් වූ නායක භික්ෂූන් වහන්සේ නමකගේ දානයට අවශ්‍ය බඩු මිළ දී ගැනීම සඳහා කොළඔ යන බව අදාල ත්‍රීරෝද රථයේ රියදුරුට දැනුම් දී තිබෙන බවද ඔහු පොලීසියට ප්‍රකාශ කර තිබේ.

කොළඹ යන බව පවසා ඇල්පිටියෙන් අම්බලන්ගොඩට පැමිණි මෙම භික්ෂූන් වහන්සේ අකුරල හා කහව ප්‍රදේශයට ගියේ කුමන හේතුවක් නිසාද? යන්න සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ සිදුකරන බවද අම්බලන්ගොඩ පොලීසිය කියයි. මෙය සිය දිවි හානිකර ගැනීමක් ද නොඑසේ නම් වෙනත් හේතුවක් නිසා මෙම භික්ෂූන් වහන්සේ දුම්රියේ ගැටුණාද? යන්න සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ පවත්වන බවද අම්බලන්ගොඩ පොලීසිය කියයි.

අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමාගේ මෙහෙයවීම මත සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයසූරිය, පොලිස් සැරයන් සුනිල් (58496) ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කේරළයේ ලොකුම නගර සභාව 21 හැවිරිදි ආර්යා අතට

Next Post

කල්මුණේ වෙළෙඳපලේ කොවිඩ් පරීක්ෂණ අරඹද්දි පිරිසක් තාප්පවලින් පැන දුවලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.