දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවනයෙන් ඉවත් වන බව දුම්රිය නියාමක සංගමයේ උපලේකම් නිරෝෂන් හේරත් මහතා පවසයි.
දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් සඳහා අසාධාරණ ලෙස විනය ක්‍රියාමාර්ග ගැනීම සිදුවන මෙහෙයුම් වැරදිවලින් සිදුවන අලාභයන් අයකර ගැනීමට කටයුතු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන මෙම වර්ජනය සිදුකරන බව නිරෝෂන් හේරත් මහතා පවසයි.
අදාල ගැටළු පිළිබඳ දුම්රිය බලධාරීන් සමඟ සිදුකරන ලද සාකච්ඡා අසාර්ථක වූ බවත් ඒ අනුව මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට දුම්රිය රියදුරන් හා නියාමකවරුන් එක්ව තීරණය කළ බවද හේරත් මහතා පැවසීය.