දිනසේන රතුගමගේ –
උතුරු දුම්රිය මාර්ගය අනුරාධපුරයේ සිට වවුනියාව දක්වා සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමට ක්‍රියාත්මක වැඩ පිළිවෙළේ පලමු අදියරය වශයෙන් දුම්රිය මාර්ගය ගලවා ඉවත් කිරීමත් මාර්ගයේ අතුරා ඇති ගල් ඉවත් කිරීමත් මේ වන විට ආරම්භ කොට තිබේ.

ඉන්දීය ණය ආධාර යටතේ ක්‍රියාත්මකවන මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු බාරව සිටින ඉරිකෝන් සමාගම ප්‍රකාශ කරන්නේ මෙම කොටසේ දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම ගලවා ඉවත් කොට අලුතින් දුම්රිය මාර්ගයක් සකස් කරන බවයි.
නව මාර්ගයේ දුම්රියක් පැයට කිලෝ මීටර් 110 කට වඩා වැඩි වේගයකින් ගමන් කළ හැකි නිසා අනුරාධපුරයේ සිට උතුරු දෙසට පවතින දුම්රිය ප්‍රමාදයන් වළක්වා ගැනීමට හැකියාවක් ලැබෙන බවත්, අධික වේගයකින් දුම් රිය ධාවනය කරවීමට හැකි වන බවත් ඉරිකෝන් සමාගමේ ඉංජිනේරුවෝ පවසති
මෙම දුම් රිය මාර්ගයේ කොටස සම්පූර්ණ අලුත්වැඩියාව සදහා අපේක්ෂිත කාලය මාස හතකි.







