බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිස්ත්‍රික් 15කට තද වැසි අනතුරු ඇඟවීම්…ඉන් 11කට රතු නිවේදන….

රත්නපුර ඇල්ලේ දේවාලය අසල නායෙ යෑමකින් පුද්ගලයින් 03ක් අතුරුදන්....

by editor
ජූනි 4, 2021
in පුවත්
Rain
Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල – කීර්ති ප‍්‍රනාන්දු –

දිවයිනේ දිස්ත්‍රික්ක 15කට කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කරන ලද අතර එයින් දිස්ත්‍රික්ක 11ක් දැඩි අවධානම් තත්ත්වයේ පවතින බවට රතු නිවේදන නිකුත් කර ඇත.

රත්නපුර, කලුතර හා ගම්පහ දිස්ත්‍රික්කවල කලු ගඟ, කැලණි ගඟ හා අත්තනගලු ඔය පිටාර යාම හේතුවෙන් ඒ ආශ්‍රිත පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇති අතර ප්‍රධාන හා අතුරු මාර්ග ද නිවාස බොහෝමයක් ද ජලයෙන් යටවී ඇත. රත්නපුර දිස්ත්‍රික්කයේ දේවාලය ප්‍රදේශයේ පුද්ගලයන් 3ක් අතුරුදන් ව ඇති අතර පුද්ගලයන් විශාල පිරිසක් විපතට පත් ව, නිවාස හා දේපළ රැසකට හානි සිදු ව තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩට අද (04) අලුයම වන විට මිලිමීටර් 247ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර කලුතර ඉංගිරියට මිලිමීටර් 218.5ක් ද ගම්පහ දිස්ත්‍රික්කයේ කටුනායකට මිලිමීටර් 208.7ක ද හොරණට මිලිමීටර් 193ක ද මිනුවන්ගොඩට මිලිමීටර් 173.5ක ද බණ්ඩාරගමට මිලිමීටර් 156.5ක ද යක්කලට මිලිමීටර් 155ක ද වර්ෂාපතනයක් ලැබී ඇත.

ඒ අනුව කලුතර, රත්නපුර හා ගම්පහ දිස්ත්‍රික්කවල ආපදා අවදානම් තත්ත්වය බරපතළ වන අතර සෙසු දිස්ත්‍රික්ක වන්නේ ගාල්ල, කුරුණෑගල, කෑගල්ල, මහනුවර, නුවරඑළිය, පුත්තලම, මාතර, කොළඹ, මාතලේ, බදුල්ල, මොණරාගල හා හම්බන්තොට යි.

මෙකී දිස්ත්‍රික්කවල නායයාම් අවදානම් ප්‍රදේශවල ජනතාව දැඩි විමසිල්ලෙන් කටයුතු කළයුතු බවට ද ගංගා, ජලාශ, අතු ගංගා, ඇළ මාර්ග බොහෝමයක් පිටාර ගැලීමෙන් විපත් සිදුවිය හැකි බවට ද අනතුරු ඇඟවේ.

මේ අතර රත්නපුර ඇල්ලේ  දේවාලය ආසන්නයේ පස් කාන්දක් කඩා වැටීම නිසා පුද්ගලයින් 03ක් අතුරුදහන් වූ බව ආපදා කළමනාරකරණ මධ්‍යස්ථානය පවසයි.  අද (04) අළුයම සිදුවූ නායෙ යෑමේ සිද්ධියත් සමග එම ප්‍රදේශයේ ගලවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් සිද්ධිය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගනිමින් සිටින බවත් එම මධ්‍යස්ථානය කියයි.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද වාර්තා කළ කොවිඩ් මරණ ගණන 42යි… කොවිඩ් ආසාදිතයන් 3264යි.

Next Post

ඇමෙරිකාවෙන් ශ්‍රි ලංකාව ඇතුළු ආසියානු රටවල්වලට එන්නත් මිලියන 7ක්

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.