බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිවුලපතාන ගම අසල දි  අම්පිටියේ සුමන රතනහිමි සහ කරදියානාරු OIC එළිපිට ගැටෙති…

by editor
ඔක්තෝබර් 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය  නිමල් ජයරත්න   –

මඩකලපුව දිවුලපතාන ගම්වාසීන් තම ගම්මානයේ මීට දින තුනකට ඉහතදී තැන්පත් කරන ලද බුදුපිළිමය අතුරුදහන් වීම පිළිබඳ සොයා බැලීමට ඊයේ (19)   මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන  හිමියන් එම ගම්මානයට පිවිසීමත් සමග  එම ප්‍රවේශය අවහිර කරමින්  ආරක්ෂක අංශය මගින් දිඹුලාගල වලමණ්ඩිය පාලම අවහිර කිරීම හේතුවෙන්  සුමන හිමියන් සහ කරදියනාරු පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා අතර   උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

මඩකලපුව දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්‍යයන්   පසුගිය දා  පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණේ  මඩකලපුව දිවුලපතාන ප්‍රදේශයට භික්ෂූන්ට යෑමට අවසර ලබා නොදෙන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් ජනාධිපතිවරයා ඊට අනුමැතිය ලබා දුන් බවත්ය.

ප්‍රශ්නය ඇති වන්නේ මේ පසුබිම තුළ සුමන හිමියන්     එම  ගම්මානයට ඇතුළත්වීමට කටයුතු කිරීමත් සමඟය.

අම්පිටියේ සුමනරතන  හිමියන් ප්‍රමුඛ පිරිසක් දිවුලපතාන ගම්මානයට පිවිසෙන වලමණ්ඩිය යුද හමුදා කඳවුර ආසන්නයේ ශ්‍රි ලංකා පොලීසිය සහ යුදහමුදාවෙ 300 ක් පමණ ඒකරාශී වීමෙන් එම ගමට යෑමට ඉඩ නොදීමත් සමග සුමනරතන  හිමියන් සහ කරදියනාරු පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තුෂාර හේමචන්ද්‍ර සමග ගැටුම ඇති විය.

අම්පිටියේ සුමනරතන හිමි දිවලපතාන ගම්වාසීන් සමග…

සුමනරතන නාහිමියන් විශාල පරිශ්‍රමයක් යොදා දිවුලපතාන ගම්මානයට ගොස් එම පවුල්වලින් ඉල්ලා සිටියේ   ගම්මානයෙන් ඉවත් නොවන ලෙසය,

RelatedPosts

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

දිවුලපතාන ගම්වාසීන් විසින් බුද්ධ මන්දිරයේ තැන්පත් කරන ලද බුද්ධ ප්‍රතිමාව ආරක්ෂක අංශයේ යම් නිලධාරීන් පිරිසක් පළාතේ දෙමල මන්ත්‍රීවරුන්ගේ උවමනාවට සහ රජයේ උවමනාවකට මෙයින් ඉවත් කර ඇති බවට තමා විශ්වාස පළ කරන බවද සුමනරතන හිමියෝ සඳහන් කළහ.

දිවුලපතාන ගම්මානයේ ගම්වාසීන් ශ්‍රි  ලංකා මහවැලි අධිකාරිය මගින් බලහත්කාරයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් අම්පිටියේ සුමනරතන නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයත්, ප්‍රදේශවාසීන් අවස්ථා කිහිපයකදීම මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්යාලය වටලා විරෝධතාව සිදු කළහ.

නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ සිටින සිංහල පවුල් ප්‍රදේශයෙන් ඉවත් කිරීමට මඩකලපුව දිස්ත්‍රික් දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන්  රාසමාණික්‍යන්   ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප කිහිපදෙනෙකු පාර්ලිමේන්තුවේ විශාල සටනක්  සිදුකර තිබිණි. එහෙත් ඊට එරෙහිව කිසිදු සිංහල මන්ත්‍රීවරයෙකු ප්‍රකාශයක් නොකිරීම කණනගාටුවට කරුණක් බවද අම්පිටියේ සුමනරතන නාහිමියෝ සඳහන් කළහ.

නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රිකයේ සිංහල ජනතාවගේ ඉඩම් අයිතිවාසිකම් ඇතුළු අනෙකුත් අයිතිවාසිකම් රජය විසින් අමු අමුවේ උල්ලංඝනය කරන බවත්, මේ සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පෙළගැසී සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරදීමට එක්වන ලෙසත් අම්පිටියේ සුමනරතන නාහිමියෝ මෙහිදී සඳහන් කළහ.

1 කරදියනාරු පොලිස් ස්ථානාධිපති තුෂාර හේමචන්ද්‍ර මහතා සමඟ සුමනරතන නාහිමියන් දිවුලපතාන ගමට යෑමට පොරබදන අයුරු

2  අම්පිටියේ සුමනරතන නාහිමියන් දිවුලපතාන ගම්වාසින් සමඟ මාධ්‍යයට අදහස් දැක්වූ අයුරු.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපේ ක්‍රිකට් වළපල්ලට යැවූ මාස්ටර් මයින්ඩ් භූමිකාව!

Next Post

රැඳවුම් භාරයේ සිටින කුඩු සළිඳුගේ  සහ හරක් කටාගේ සැප කෑමට  අධිකරණය අවසර දෙයි!

Related Posts

පුවත්

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.