බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිඹුලාගල ආරණ්‍යයේ පුරාවස්තු සොරුන්ගෙන් මාධ්‍යවේදී මනම්පිටිය නිමල් ජයරත්නට මරණ තර්ජන…

by editor
මාර්තු 7, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දඹුල්ල කාංචන කුමාර ආරියදාස –  

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ නිදන් සෙවීම පිළිබඳ ප්‍රවෘත්තියක් වාර්තා කිරීම නතර නොකරන්නේ නම්    මනම්පිටිය අප ප්‍රාදේශීය මාධ්‍යවේදී නිමල් ජයරත්න   ඝාතනය කරන බවට, ඔහු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මනම්පිටිය පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ.

මාධ්‍යවේදී නිමල් ජයරත්න   ඇතුළු මුළු පවුල්ම වෙඩි තබා ඝාතනය කරන බවට ඔහු   විසින් හත්වැනිදා  දහවල්  පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.

පසුගියදා ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩවාසය කරමින් සිටියදී හදිසි රිය අනතුරකින් අපවත් වූ භික්ෂුවකගේ ආවාස ගෙයක් තුළ නිධන් හාරන බවට කැණීම් සිදුකළ සිද්ධියක් මුල්කර කරගනිමින් 0729199512 යන දුරකථන අංකයෙන් පස්වැනි දා රාත්‍රී 10 ට පමණ මාධ්‍යවේදී නිමල් ජයරත්නට යුද හමුදාවේ බවට ඉගි පලකොට මෙම නිර්නාමික  දුරකථතන ඇමතුම  ලබාදී ඇතැයි පොලිසිය කියයි.

එම ඇමතුමෙන් සඳහන් කොට ඇත්තේ මීට පෙර යුද හමුදා විශ්‍රාමික සෙබලූන් කණ්ඩායමක් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කොස්ගහ උල්පත ප්‍රදේශයේ නිධන් හැරීමක් පිළිබඳ, වාර්තා කර ඇති බවත්  ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ නිදන්  කොල්ලයද වාර්තා නොකළහොත් මුළු පවුල්ම ඝාතනය කරන බවත්ය

කෙසේ වෙතත් ඓතිහාසික කොස්ගහඋල්පත නිදන් සිද්ධිය වාර්තා කළා සේම දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ නිධන් සෙවීමේ සිද්ධිය වාර්තා නොකළොත්  නිමල් ජයරත්න   සහ ඔහුගේ බිරිඳ දරුවන් ඝාතනය කරන බවත් , එම නිර්නාමික දුරකතන ඇමතුම ලබාදුන් පුද්ගලයා පරුෂ වචනයෙන් විනාඩි හතරකට ආසන්න කාලයක්, බැන ඇති බවට හා තමා හා බිරිද, දරුවා ඝාතනය කරන බවට මාධ්‍යවේදී නිමල් ජයරත්න   පොලිසිය වෙත ඉදිරිපත් කරන ලද පැමිණිිල්ලේ සඳහන් වන බව මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර   සඳහන් කලේය,

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ල ඉදිරිපත් කළ මාධ්‍යවේදී නිමල් ජයරත්න   ප්‍රකාශ කොට ඇත්තේ  මෙම ඇමතුම තමන්ගේ ජංගම දුරකථනයේ පටිගත කොට තිබෙන බවය.

පරික්ෂා කිරීම සඳහා එම හඬපට අවශ්‍ය නම් ලබාදිය හැකි බවද පොලිසියට ප්‍රකාශ කොට තිබේ.

දිගින් දිගටම සිදු කරන මෙම මරණ තර්ජන හේතුවෙන් වහාම පරීක්ෂණයක්, පවත්වන බවත් මෙම දුරකතන ඇමැතුම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කරන බවත්  මනම්පිටිය පොලිසිය කියයි.

මෙම සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

ප්‍රවෘත්ති වාර්තා කිරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් රටේ සමාජයේ බරපතළ ප්‍රශ්නයක් පවතින නිසා මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා, ජනමාධ්‍යවේදීන්ගේ සංගම් කීපයක් මේ වෙනවිටත් සාකච්ඡාවක් සිදු කරමින් පවතින බව, සමාජ මාධ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ ජාතික සංවිධායකවරයා      සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහ බැංකුව ස්වාධීන කරන අලුත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Next Post

මැතිවරණ කොමිසමට යන්නට සිටි මුදල් ලේකම් හදිසියේ ආරක්ෂක මණ්ඩලයට ගෙන්වලා !

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.