නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් දිනකට එලවළු කිලෝ ලක්ෂ 2 ½ පමණ දිවයින පුරා පිහිට ආර්ථික මධ්‍යස්ථාන ඇතුළු සුපිරි වෙළදසැල් සහ තොග වෙලඳසැල් වලට බෙදා හැරි නමුත් කොවිඩ් වසංගතය හේතුවෙන් එම ප්‍රමාණය කිලෝ පන්දහසක් දක්වා අඩු වී ඇතැයි නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ ලේකම් අරුණ ශාන්ත පවසයි.
ඔහු පවසන්නේ දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන ගණනාවක් සහ සුපිරි වෙලදසැල් ගණනාවක් වසා දමා ඇති නිසා එලවළු සඳහා පවතින ඉල්ලුම මේ වන විට අඩු වි ඇති බවය.
නුවරඑළියේ එළවළු අස්වනු හිඟ මේ සමයේ කැරට් කිලෝවක තොග මිල රු 120-130 , ලික්ස් රු 35, නුවරඑලිය අල රු 170-180 , ගෝවා රු 80-90 , මාළු මිරිස් රු 220-230 , බිට්රුට් රු 60 , රාබු රු 60 , බෝචි රු 180 – 200 , තක්කාලි රු 55-65 අලෙවි වෙමින් ඇත.
සංචරණ සිමා පනවා ඇති සහ ඇදිරි නිතිය පනවා ඇති ප්‍රදේශවලට අවශ්‍යය එලවළු එම ප්‍රදේශයටම ප්‍රවාහනය කර බෙදා හැරිමට රජය අවස්ථාව සලසා දෙන්නේ නම් එම කටයුත්ත නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානය හරහා සිදු කළ හැකි අයුරු නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ ලේකම්වරයා පෙන්වා දෙයි.