ඖෂධ නොවන, විටමින් ඇතුළු වෙනත් අතිරේක ආහාර ඛාණ්ඩයට ගැනෙන පෙති කරල් ඇතුළු ද්‍රව්‍ය තොගයක් කල් ඉකුත්වන දින වෙනස් කර, නව මුද්‍රිත ඇසුරුම්වල බහා ඇසුරුම් කරමින් සිටි ජාවාරම් කරුවන් කණ්ඩායමක් දෙහිවල නැදිමාල රබවර්වත්ත පාරේ පිහිටි ගබඩාවක් තුළ දී අත්අඩංගුවට ගැනීමට ඖෂධ නියාමන අධිකාරියේ ආහාර හා ඖෂධ පාලන ඒකකය ඊයේ (13) කටයුතු කර ඇත.
Matix Lifecare(pvt)ltd නැමැති ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ආයතනයක් මගින් ආනයන කළ බෙහෙත් වර්ග කල් ඉකුත්වන දින හා බාහිර ඇසුරුම් වෙනස් කර වෙළෙඳපලට නිකුත් කරන බවට දෙහිවල පොලිසියට ලැබුණු තොරතුරක් මත දෙහිවල පොලිසිය හා එක්ව ඖෂධ නියාමන අධිකාරියේ ආහාර හා ඖෂධ පාලන ඒකකය විසින් මෙම වැටලීම සිදුකර තිබිණි.
වැටලීම සිදුකරනු ලැබූ ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත පෙරේරා ලංකාසරට පැවසුවේ මෙම ස්ථානයේ යළි ඇසුරුම් කර තිබුණේ ඖෂධ නොවන විටමින් ඇතුළු අතිරේක ආහාරමය ද්‍රව්‍ය බවය.
වැටලීම කරන අවස්ථාවේ එම ද්‍රව්‍ය ඇසුරුම් කිරීමට ව්‍යාජ ලෙස සකස්කළ මුද්‍රිත ඇසුරුම් ලක්ෂ ගණනක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ඔහු කීවේය. එමෙන්ම මේ පුද්ගලයන් ස්ටිකරයක් යොදාගෙන කල් ඉකුත්වන දින හා නිශ්පාදිත දින ද වෙනස් කරමින් සිටි බව ඔහු හෙළි කළේය.
මෙම ප්‍රධාන වරද දෙක සඳහා මෙම ආයනය පවත්වාගෙන යන පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආරංචි මාර්තග හවුරු කළේය. ආයතනය හිමිකාර මොහොමඩ් නුහුමාන් මොහොමඩ් රිසාන් නැමැති අය මේ වනවිට අදාල වරද සම්බන්ධව උසාවියට ඉදිරිපත් කර ඇප මත මුදාහැර ඇත.
අතිරේක ආහාර ද්‍රව්‍ය සඳහා ඖෂධයකට ක්‍රියාත්මකවන සේ කටයුතු කිරීමට ඖෂධ නියාමන අධිකාරී පනත අනුව නෛතික ප්‍රතිපාදන නොමැති නිසා ඉදිරි කටයුතු සඳහා අවශ්‍ය තහවුරු කරගැනීම් කිරීමට එම ඇසුරුම් ද්‍රව්‍යවල සාම්පල 12ක් රැගෙන ආ බව ප්‍රධාන අහාර හා ඖෂධ පරීක්ෂක අමිත පෙරෙරා කීවේය.
මේ සම්බන්ධව මාධ්‍යයට තොරතුරු වසන් කිරීමට කටයුතු කර ඇතිදැයි අප කළ විමසුමක දී ඔහු ප්‍රකාශ කළේ මහජන සෞඛ්‍යයට හානිකර ජවාරම් සැඟවීමට කිසිම විශේෂ අවශ්‍යතාවයක් ඖෂධ නියාමන අධිකාරියට නොමැති බවය.
වැටලීම කළ අවස්ථාව …