තමන් සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා පවසයි.
තමන් සභාපතිත්වය දැරූ ආයතන ගණනක ධුරවලින් ඉල්ලා අස් වී පැහැර හරිනු ලැබූ බිලියන ගණනක බදු ගෙවීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂගෙන් හිස්වූ මන්ත්‍රී ධුරයේ ධම්මික පෙරේරා දිව්රුම් දුන්නේය.
ඔහු වෙනුවෙන් නව කැබිනට් අමාත්‍ය ධුරයක් නිර්මාණය වූ අතර ජනාධිපතිවරයා යටතේ තිබූ විශේෂිත ආයතන කළමනාකරණය කිරීමට ද ඔහුට පවරා තිබිණි.
ධම්මික පෙරේරා ඔහු වෙනුවෙන්ම නිර්මාණය කළ නව කැබිනට් අමාත්‍ය ධුරයේ කටයුතු කළේ දින 16 ක කාලයක් පමණයි. ඒ කාලය තුළ ඔහු කැබිනට් සම්ප්‍රදාය කඩ කරමින් අගමැතිවරයාට මුදල් ඇමති ධුරයෙන් අස්වන ලෙස බලපෑම් කරමින් පුවත්පත් සාකච්ඡාවක් ද පැවැත්වීය.
මේ වනවිට කැබිනට් ඇමතිවරු රැසක් සිය ධුරවලින් ඉල්ලා අස්වෙමින් සිටිති. මේ අතර ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ද සිය ධූරවලින් ඊයේ ඉල්ලා අස් වූහ.







