මහනුවර දිගන අඹකොටේ හා අලුත්වත්ත ප්‍රදේශවල ඇතිව තිබෙන සුළු කම්පන තත්ත්වයන් භූමි කම්පාවක පෙර ලක්ෂණ විය හැකි බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ඛනිජ සමික්ෂණ නලින් ද සිල්වා මහතා පවසයි.
අද (02) මහනුවර දිගන අඹකොටේ හා අලුත්වත්ත ඇති වූ භූ කම්පන තත්ත්වය පල්ලේකැලේ ස්ථාපිතකර තිබෙන භූ කම්පන මානයේ සලකුණු සටහන්ව තිබූූ බව විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ උදය ද සිල්වා මහතා පැවසීය.
මෙම පිපුරුම සමඟ පොළොවේ ඇතිවූ කම්පන තත්ත්වයත් සමඟ වික්ටෝරියා ජලාශයේ ජල මට්ටමේ සුළු වෙනසක් සමඟ ජලයෙන් වායු බුබුළු මතුවීමක් ප්‍රදේශවාසීන් නිරීක්ෂණය කර තිබෙන බවත් ප්‍රධාන භූ කම්පනය ඇතිවූ දිශාව පිළිබඳව අඹකොටේ හා අලුත්වත්ත ජනතාව ලබාදෙන තොරතුරු සමඟ පල්ලේකැලේ භූ කම්බන උපකරණ වල දත්ත යම් ආකාරයකට සැසඳෙන බවත් ඒ මහතා කීය.
මෙය ඊළඟට සිදුවන්නට යන විශාල භූමිකම්පාවක පෙර ලක්ෂණ බව කියන්නට තවමත් ප්‍රමාණවත් සාක්කි නොමැති බවත් යම් දිශානතියක් සහිතව පොළොව අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාකාරීත්වයක් ලෙස මෙය හඳුනාගත හැකි බවත් සිල්වා මහතා පැවසුවේය.
දිගන ආශ්‍රිතව සිදු කෙරෙන හුණුගල් කර්මාන්තයේදී බෝර දැමීම් සිදුකරන බවත් එහිදී සිදුවන පිපිරීම් භූ කම්පන මානවල දත්ත හා කිසිදු සැසඳීමක් නොමැති බවත් කී ඒ මහතා මේ පිළිබඳ නිශ්චිත අදහසක් ප්‍රකාශ කිරීමට පිපිරුම සිදුවූ ගැඹූර සම්බන්ධව යම් නිගමනයකට පැමිණිය යුතුව තිබෙන බවද අවධාරණය කළේය.
මේ සම්බන්ධයෙන් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ඊයේ (02) පෙරවරුයේ දිගන අලුත්වත්ත ප්‍රදේශයට ගොස් පරීක්ෂණ ආරම්භකර තිබේ.
තෙල්දෙණිය,මැණික්හින්න,හාරගම,බලගොල්ල,හිජ්රාපුර,මයිලපිටිය,දිගන ආදි ප්‍රදේශ රැසක ජනතාවට (29) රාත්‍රි 8.30 ට පමණ මෙවැනිම කම්පන තත්ත්වයක් පිළිබඳව පොලීසියට ප්‍රකාශ ලබාදී තිබිණි.
ඡායාරූප-පසුගිය 29 දින ඇතිවූ කම්පන තත්ත්වයෙන් නිවසක බිත්ති ඉරිතලා ගොස් තිබෙන අයුරු.







