සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දැවැන්ත වැඩ පිළිවෙළ ඒ බරින්ම ගන්න… කෑලි අල්ලගෙන මඩ ගහන්න එපා… ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය හර්ෂට උත්තර දෙයි!

by editor
අගෝස්තු 29, 2024 - Updated on අගෝස්තු 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල විසින්ම ගිවිසුම සම්බන්ධව නැවත සාකච්ඡා කිරීමට එකඟව තිබෙද්දී විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පෙනී ඉන්නේ මෙම ගිවිසුම සමාලෝචනය කළ යුතු බව ප්‍රකාශ කරන සිය පක්ෂයේ නායකයා වෙනුවෙන් ද, එසේ කළ නොහැකි බව පවසන රනිල් වික්‍රමසිංහ වෙනුවෙන්දැයි මුලින් පැහැදිලිව ප්‍රකාශ කළ යුතු බව ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජික මහාචාර්ය අනිල් ජයන්ත පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය අද කොළඹ දී පැවැත් වූ මාධ්‍ය හමුවකදී ය.

මහාචාර්යවරයා විවේචකයින්ගෙන් ඉල්ලා සිටියේ විශාල අරමුණක් වෙනුවෙන් ගොඩනගන සංකීර්ණ වැඩපිළිවෙළක සමස්ථය සලකා බලා සාධාරණ විවේචනයක් කරනු වෙනුවට ඉන් කොටස් අල්ලාගෙන සිදුකරන පදනම් විරහිත අගතිගාමී ප්‍රකාශ සිදු නොකරන ලෙසය.

එහිදී මහාචාර්ය අනිල් ජයරත්න මෙසේ ද පැවසුවේය.

නව පුනරුද යුගයකට රට ගෙන යන ආකාරය පිළිබඳව ජාතික ජන බලවේගය ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉතාමත් පුළුල් එකක්. එය ඉදිරිපත් කළ පසුව අධ්‍යයනය කර කරුණු දක්වනවා වෙනුවට පදනම් විරහිත චෝදනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.

මේ වන විටත් විශේෂයෙන් විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තුළ රට හිර වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කරන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟත්වය පළ කර තිබෙනවා. විශේෂයෙන් විපක්‍ෂයේ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් පරස්පර විරෝධී මත පළ කරමින් සිටිනවා. අයි.එම්.එෆ්. ගිවිසුමේ අඩංගු කරුණු සංශෝධනය කරන්න බැරි බව හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන අතර, එම පක්‍ෂයේ තව පිරිසක් කියන්නේ ඒ ගිවිසුම නැවත සමාලෝචනය කරන බවයි. මේ ගැන විග්‍රහ කරන්න කලින් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පෙනී සිටින්නේ රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරන එම ගිවිසුම සමාලෝචනය කරන්න බැහැ කියන මතය වෙනුවෙන්ද, එහෙම නැත්නම්, තමන්ගේ පක්‍ෂයේ නායකයා ප්‍රකාශ කරන මෙය සංශෝධනය කරනවා කියන මතය වෙනුවෙන්ද යන්න පැහැදිලිව ප්‍රකාශ කළ යුතුයි.

නමුත්, පසුගිය 28 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙන්නේ ඡන්දයක් කටේ තබාගෙන මෙම ගිවිසුමේ ඇතුළත් ආදායම් බදු අය කිරීමේ කාණ්ඩ සමාලෝචනය කර ගන්නා බවයි. ජාතික ජන බලවේගය ඉතා පැහැදිලිව ප්‍රකාශ කරන්නේ මේ වන විට පවත්වාගෙන යන අයි.එම්.එෆ්. වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කර අපේ රටට වාසිදායක ලෙස සංශෝධනය කරගත යුතුයි කියන අදහසයි. ඒ වාගේම ප්‍රාථමික ශේෂය දළ දේශීය නිෂ්පාදිතයේ 2.3%ක පවත්වාගෙන යා යුතුයි කියන එක පවත්වාගෙන යන්න සිදු වෙනවා. එවැනි නිර්ණායක කිහිපයක් වෙනස් කළ නොහැකිව පවතිනවා.

නමුත්, මෙය කරන්නේ කොහොමද කියන ප්‍රශ්නයේදී විකල්ප කිහිපයක් තිබෙනවා. හර්ෂ ද සිල්වා වැනි මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරන්නේ මේ අත්සන් කර තිබෙන ගිවිසුම අනුව ක්‍රියා කිරීම පමණක් සිදු කළ යුතු බවයි. අයි.එම්.එෆ්. ගිවිසුම වෙනස් කිරීමට සාකච්ඡා කිරීමේදී ආණ්ඩුවේ ආදායමට සාපේක්‍ෂව වියදම් කළමනාකරණය කර ගන්නේ කොහොමද කියන ප්‍රශ්නය කෙරෙහි මූලික අවධානය යොමු කරනවා. ඒ වෙනුවෙන් පවතින බදු ව්‍යුහය සාධාරණ ලෙස සකස් කර ගැනීමට නවීන තාක්‍ෂණය යොදා ගැනීම සහ තමන්ගේ හිතවතුන්ට බදු සහන ලබා දීම වැනි ක්‍රියාමාර්ග නවත්වා ආදායම් මාර්ග වැඩි කර ගන්නවා. ඒ අතර, බදු සහන ලබා දිය යුතු තැන් හඳුනාගෙන ඒ සහන ලබා දිය යුතුයි. පුද්ගලයන්ගේ ආදායම් බදු සීමාව මාසයකට රුපියල් ලක්‍ෂයේ සිට ලක්‍ෂ දෙක දක්වා වැඩි කරන්න යෝජනා කිරීම එක් උදාහරණයක්.

රුපියල් බිලියන දහස ඉක්මවූ බදු ප්‍රමාණයක් අය කරගත යුතුව තිබෙනවා. අපි ඒ බව සඳහන් කළාම සුරාබදු දෙපාර්තමේන්තුවේ හෝ වෙනත් දෙපාර්තමේන්තුවක ප්‍රධානීන් ඇවිත්, එවැනි බදු ප්‍රමාණයක් අය කර ගැනීමට නැති බව ප්‍රකාශ කරනවා. නමුත්, අපි පැහැදිලිව ප්‍රකාශ කරන්නේ විගණන වාර්තාව පදනම් කරගෙනයි.

අනෙක් පැත්තෙන් වියදම් දැරීමේදී ලෝක බැංකුව වැනි ආයතන ඩොලර් මිලියන 200කින් ප්‍රතිපාදන ලබා දෙන්න එකඟ වී තිබෙනවා. අන්න ඒ ක්‍රියාදාමය පුළුල් කරන්නයි අපි යෝජනා කරන්නේ. සෘජුවම එතැනදී රුපියල් බිලියන 60ක පමණ අමතර වියදමක් දරන්න සිදු වුණත්, වංචා, දූෂණ සහ අකාර්යක්‍ෂමතාව නිසා අහිමි වන විශාල ආදායම් ප්‍රමාණයක් තිබෙනවා. ඒ නිසා කාටවත් කලබල වෙන්න එපා කියලා අපි කියනවා.

විපක්‍ෂයේ වගේ හිටියාට මේ දූෂිත ආණ්ඩුව රැකගන්න ක්‍රියා කරන කණ්ඩායම්වලට අමතරව මහ බැංකුවේ අධිපතිවරයාත් තාක්‍ෂණික කරුණු දක්වමින්, නොමඟ යවනසුළු ප්‍රකාශ සිදු කිරීමට පටන්ගෙන තිබෙනවා. මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම් ගැන නැවත සාකච්ඡා කරන්න යනවා නම්, ආර්ථිකය කඩාවැටෙන බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා. සහනය ලබා දී ආදායම් අඩු වන ආකාරය වාගේම නාස්තිකාර වියදම් අඩු කරගෙන මුදල් ඉතිරි කර ගන්නා හැටිත් අප ප්‍රකාශ කර තිබෙනවා.

සමස්තයක් ලෙස රාජ්‍ය වියදම් අඩු කරගෙන ආදායම් වැඩි කර ගන්න තිබෙන සැලසුමේ සමස්තය අර ගන්නවා මිස එක කොටසක් පමණක් අල්ලා ගන්න එපා කියලා අපි අවධාරණය කරනවා. ප්‍රාථමික ශේෂය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%ක අඩු මට්ටමේ පවත්වාගත යුතු නිර්ණායකයක් දී තිබුණත්, දැන් එම ප්‍රමාණය සියයට 10ත් පැන තිබෙන්නේ අතිවිශාල පොලී ගෙවීම් නිසයි. ණය හිමියන්ගෙන් ඒ පොලිය ප්‍රතිව්‍යුහගත කරගෙන නැහැ. අයිඑම්එෆ් එක සහ අපේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඒ අය මවන බිල්ලාට හසු නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

විකල්ප ණය තිරසර කිරීම සම්බන්ධයෙන් අපි කථා කරන්නේ සමස්ත සැලැස්මත් සමඟයි. ඒ වාගේම මේ දක්වා ලබාගෙන තිබෙන ණය සියල්ල විගණනයකට ලක් කරන බව අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව දක්වා තිබෙනවා. නමුත්, ඔවුන් ඒ කරුණත් හංඟනවා. ඒකට හේතුව 2015-2019 කාලයේ වැඩිම ස්වෛරීත්ව බැඳුම්කර ණය ප්‍රමාණයක් ලබාගෙන තිබෙන්නේ ඔවුන් වීමයි. ස්වෛරීත්ව බැඳුම්කර ණය මුළු මුදල ඩොලර් බිලියන 17යි. එයින් බිලියන 12.5කට වැඩි ප්‍රමාණයක් ලබා ගත්තේ ඔවුන්ගේ පාලන කාලය තුළයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී අතිශයින් තීරණාත්මක ස්වෛරීත්ව බැඳුම්කර සම්බන්ධයෙන් තවමත් එහෙට මෙහෙට ඇද ඇද ඉන්නවා. මූලික අවබෝධතාව මිස ණය හිමියන් සමඟ අවසාන එකඟතාවකට ඇවිත් නැහැ. ඒ සාකච්ඡා අතරමඟ හිර වෙලයි තියෙන්නේ.

ඒ වාගේ ම අපි යෝජනා කර තිබෙන සංවර්ධන බැංකුව ගැනත් ව්‍යාජ මත පතුරුවනවා. අපි යෝජනා කරන්නේ දැන් පවතින අවිනිශ්චිතතාව තුළ දිගුකාලීන අවදානම් ගන්න පෞද්ගලික අංශය අකමැති නිසා සංවර්ධන බැංකුවක අවශ්‍යතාව තිබෙන බවයි. ඕනෑම රටක ආර්ථිකය ඇතුළේ සංවර්ධන බැංකු තිබෙනවා. ඒ බැංකුවල මූලික අරමුණ අනෙක් බැංකු වාගේ ලාභ ලබන එක නොවෙයි.
අපට තිබුණ සංවර්ධන බැංකුවත් 1993දී හර්ෂලා, රනිල්ලාගේ ආර්ථික ප්‍රතිපත්ති අනුව විකුණලා දැම්මා.

අලුතින් පටන් ගන්න දිගුකාලීන බැඳුම්කර මගින් රුපියල් බිලියන 60ක පමණ මුදලක් ලබා ගන්න ඇස්තමේන්තු කර තිබෙනවා. ඒ වාගේම දැනටමත් දරන ප්‍රාග්ධන වියදම්වලින් සියයට 5ක් පමණ යොදවා තවත් රුපියල් බිලියන 40ක් පමණ සොයා ගන්න ඉලක්ක කර තිබෙනවා. ආරම්භක අවස්ථාවේදී සංවර්ධන බැංකුව පටන් ගන්න රුපියල් බිලියන 100ක් හොඳටම ඇති. ක්‍රමානුකූලව ප්‍රසාරණය වෙන කොට තවත් පුළුල් කර ගන්න පුළුවන්. දැනට ක්‍රියාත්මක කරන සමහර ආයතනවල අලාභය මහා භාණ්ඩාගාරයට මාරු කිරීමේ සෙල්ලමත් නතර කරනවා.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ක්‍රීඩිකාවකට බරපතල විෂමාචාරයක් කළ වික්ටෝරියා කාන්තා කණ්ඩායේම ප්‍රධාන පුහුණුකරු දුලිප් සමරවීරට එරෙහිව ඔස්ට්‍රේලියා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් පරික්ෂණයක්!

Next Post

මන්නාරම අධිකරණයට පහරදුන් පුද්ගලයින් 04 දෙනෙක් වසර 12කට පසු වරදකරුවන් වෙයි!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.