මිනුවන්ගොඩ හා දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසවලින් යැවූ අත්‍යවශ්‍ය ආශ්‍රියන් පිරිසකගේ පීසීආර් පරීක්ෂණ 345ක ප්‍රතිඵළ දින 5ක් තිස්සේ ප්‍රමාද වීම නිසා දැඩි අර්බුදයක් නිර්මාණය වී ඇතැයි කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති එස්.ටී.යූ.ටී. කුලතිලක ලංකාසරට පැවසීය.
කටාන සෞඛ්‍යය වෛද්‍ය කොට්ඨාසයේ 215ක් හා දිවුලපිටිය සෞඛ්‍යය වෛද්‍ය කොට්ඨාසයේ 130ක් ලෙසින් වූ මෙම පී.සී.ආර් පරීක්ෂණ කර ඇත්තේ පෑලියගොඩ මාළු වෙළෙඳසලේ සේවකයන්, පාසල් දරුවන්, කොවිඩ් ආසාදිතයන්ගෙ පළමු ආශ්‍රිතයන් ඇතුළු අතිශය අවදානම් සහිත පිරිසකට බව ඔහු වැඩිදුරටත් කීවේය.
ඒ දින පහ තුළ නව පී.සී.ආර් පරීක්ෂණ සිදු කර නැති බවත් නිවෙස්වල දැඩි කොන්දේසි යටතේ නිරෝධායන කර ඇති පිරිස් දැඩි අපහසු තාවයට පත් වී ඇති බවත් උප සභාපතිවරයා වැඩි දුරටත් කීය.