මහනුවර ශ්‍රී දළදා මාලිගයේ ජත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තැන්පත්කර ඇති රිදී පබළු,රන් සිවි ආදි කෞතුක භාණ්ඩ සොරාගෙන පළායෑමට උත්සහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ දළදා මාලිගාවේ කෞතුකාගාරයේ සේවයේ නියුතු නිලධාරීන් විසිනි.
පෙරේදා වූ මෙම සිදුවීමෙන් පසු සැකකරු අල්ලා පොලීසියට බාරදී ඇත. සැකකරු කුණ්ඩසාලේ පදිංචි 23 හැවිරිදි අයෙකි.
ලෝකයේ බෞද්ධ රටවල් වල පෞරාණික භාණ්ඩ බොහොමයක් ශ්‍රී දළඳා මාලිගාව ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරය තුළ තැන්පත් කර තිබේ.
සෑම ප්‍රදර්ශන කුටියකම සී.සී.ටි.වී කැමරා ඇතුළු ආරක්ෂිත උපකරණ සවිකර ඇත.
මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත දළදා මාලිගා පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විපුල බණ්ඩාර මහතා විසින් සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.