සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දළදා පෙරහර නිමා කරන බවට සැල කරන උත්සවය ජනපතිගේ ඡන්ද ව්‍යාපෘතියක් කරගෙන… මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්!

by editor
අගෝස්තු 20, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී දළදා පෙරහර මංගල්ලය නිමා කළ බවට සැළ කරන ගෞරවාගර්භ වූ සම්ප්‍රදායික අවස්ථාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ දේශපාලන ව්‍යාපෘතියක් කරගෙන ඇතැයි මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිළි කර ඇතැයි වාර්තා වේ.

දළදා වහන්සේ සහ දළදා මාළිගාව මුල් කරගෙන මෙම ප්‍රචාරක ව්‍යාපෘතිය ජනතා මුදලින් දියත් වී ඇති බව එම පැමිණිල්ලේ දක්වා ඇත.

පෙරහර නිමා කරන ගාම්භීර අවස්ථාවේ දී කලාව හා පෙරහර සංස්කෘතිය සම්බන්ධ කතාවක් කරමින් මෙම විශිෂ්ට කලා මංගල්ලය සාර්ථක කරගැනීමට උරදුන් සියලුම ශිල්පීන්ට රාජ්‍ය නායකයා ලෙස ස්තුති කරන සම්ප්‍රදායික ගාම්භීර කථාවට තමන්ට දේශපාලන සහයෝගය ඉල්ලන දීර්ඝ දේශපාලන කතාවකුත්  ඈඳා ගෙන තමන්ට සහයෝගය දෙන ලෙස ඉල්ලා සිටිමින් අවසන් කළ ජනාධිපතිවරයාගේ කථාව සම්බන්ධව ද  විරෝධය පල වී තිබේ.

අද රාත්‍රියේ මීට ටික වේලාවකට පෙර රාජ්‍ය නිලධාරීන්, ඇතුළු හය සියයකට ආසන්න පිරිසකට මහවැලි රීච් හෝටලයේ රාත්‍රී භොජන සංග්‍රහයක් පැවැත්වුන අතර සාමාන්‍යයෙන් සම්ප්‍රදායක් ලෙස සිදුවන එම භෝජන සංග්‍රහයත්  සංවෘත එකක් වූ බවත්  ඒ අවස්ථාවට අවසන් පෙරහර උත්සවය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් හය දෙනා සම්බන්ධ කරගෙන නැති බවත් වාර්තා වේ.    

RelatedPosts

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

පෙරහර අවසන් වග දැන්වීමෙන් අනතුරුව රාජ්‍ය නායකයා වශයෙන් පෙරහට සම්බන්ධ වූ සියලු දෙනාට කෙටි ස්තුතියක් කළ ජනාධිපතිවරයා අනතුරුව සිය දේශපාලන සැලැස්ම ගැන විස්තර කරමින්  ද පැවසුවේය.

“බෝගම්බර ගොඩනැගිල්ල හිල්ටන් සමාගම එක්ක හෝටලයක් ඇති කරනවා. පරණ තැපැල් කාර්යාලය ටාජ් හෝටලය සමග සම්බන්ධ කරගෙන යනවා.”

‘බෝගම්බර හෝටලය ලඟ ඉඩම් කීපයක් තියනවා. අප ඒ සඳහා සංචාරක හෝටල් හැටියට යොදවන්නත් ඊට අමතරව මහනුවර දකුණ ලංගම ඩිපෝවත් ඒ සඳහා යොදවන්න පුලුවන්.”

“අපේ තියන දැනට මහනුවර වෙළඳපල අලුතින් සකස් කරන්නත් නැසී ගිය කෙරි හිල් ගෘහනිර්මාණ ශිල්පියාගේ සමාගමෙන් බෝගම්බර ප්‍රදේශයත්, මාලිගාවත් එකතු කරන්නට ඒ වගේම සැලසුමක් තියනවා. ඒවත් ක්‍රියාත්මක කරන්න තියෙන්නේ.”

“එහෙමනම් මාලිගාව එක අතකින් බෝගම්බර ප්‍රදේශය තව අතකින් දියුණු කරන්නටත්, සම්ප්‍රදායික කලාවත් දියුණු කරන විදිහට අප ක්‍රියා කරගෙන යන්නේ.”

මීට අමතරව ඉතිරි සංචාරක ව්‍යාපෘති  දිගන කුණ්ඩසාලය ප්‍රදේශයේ යොදවන්න බලාපොරොත්තු වෙන්නේ.

මම විශේෂයෙන් ජපානයෙන් ඉල්ලිමක් කරලා තියනවා අපේ මධ්‍යම අධිවේගී මාර්ගය ගලගෙදරින් නවත්වන්නේ නැතිව කටුගස්තොට වෙනකම් ගෙනෙන්න කියලා.

කටුගස්තොටින් මහනුවර නගරයට එන්න කුණ්සාලේ හිටියට විශාල නාගරික ප්‍රදේශයකට ඇතුළු කරන්න බලාපොරොත්තු වෙනවා.

අපි දැනට පේරාදෙණිය උද්‍යානය ගැන කතා කරනවා. ඒත් අප කිසි විටෙක උඩවත්ත කැලේ ගැන කියන්නේ නෑ. අපි දළදා මාලිගාව පමණක් නෙමෙයි, අපේ සතර දේවාලයටත් සංචාරකයින් පැමිණිලා ආගමික වැඩකටයුතුවලට එක්වීම සඳහාත් ක්‍රියා කරන්න තියනවා.

මහනුවර විශාල මධ්‍යස්ථානයක් හැටියට සැලසුමක් හදාගෙන තියෙන්නේ. එහෙම නගර හතරක් තියනවා. එකක් කොළඹ නරගය, අනික ගාල්ල, අධිවේගී මාර්ගයේ එක් කොටසක තියෙනවා. තුන්වැනි නරගය මහනුවර. ඊට පස්සේ ත්‍රී කුණාමලය.

මේ හතර තමයි ලංකාවේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන හැටියට දියුණු කරන්න තියෙන්නේ.

ඒ නිසා මහනුවර නගරයට සංචාරක වැඩ කටයුතුත් සංස්කෘතික වැඩ කටයුතුත් බෞද්ධ  වැඩ කටයුතුත් සඳහා වෙනම සැලැස්මක් තියනවා. දැනට තියන බෞද්ධ රටවල් 15 විතර හැම එකක් වෙනුවෙන්ම එක් විහාරස්ථානයක් ඇති කරන්න උද්‍යානයක් ඇති කරන්න.

අන්න එතනින් තමයි බලාපොරොත්තු වෙන්නේ. මීට අමතරව මහනුවර නගරයේ ඒ ප්‍රදේශයේ ලංකා විශ්වවිද්‍යාලය තමයි ආරම්භ කළේ. අද පේරාදෙණිය විශ්වවිද්‍යාලය. ඒ විශ්වවිද්‍යාලය අලුත් වැඩියා කර දියුණු කරන්නටත් දැනට පුද්ගලික විශවවිද්‍යාලයක් SLL අයි.ටී විශ්වවිද්‍යාලය මන්ඩපයක් තියනවා. ඒ එක්කම මෝඩි අගමැති තුමා එක්ක මම කතා කරද්දි එතුමා ප්‍රකාශ කළා චෙන්නායි IIT ආයතනයෙ මණ්ඩපයක් ලංකාවෙ ආරම්භ කරන්න කියලා. මම ඒ සඳහා මහනුවර නම් කරලා යෝජනා කරන්නෙ ගලහා ඒක ආරම්භ කරන්න කියලා.

ජාත්‍යාන්තර විශේෂයෙන්ම දේශගුණ පරිවර්තන විශ්වවිද්‍යාලය කොත්මලේ ඇති කරන්න, ඒ වගේම තවත් ආයතනයක් තියනවා ඉන්ස්ටිටියුට් ඔෆ් ෆන්ඩමෙන්ටල් ස්ටඩිස් කියලා. ඒකත් අපි දියුණු කරන්න ඉන්නේ. අධයාපන අංශයෙනුත් මහනුවර දියුණු කරන්න

මේ සැලසුම් තියෙන්නේ ඊලඟ දශකය තුළ මහනුවර කරන්න තියනවා ප්‍රධාන නගරයක් බවට පත් කරන්න.
ඒකේ කේන්ද්‍රස්ථානය වන්නේ දළදා මාළිගාව සහ දන්තධාතූන් වහන්සේ සම්බන්ධ දේවාල සහ ඒ සංස්කෘතික වැඩ කටයුතු.

මම බලාපොරොත්තු වෙනවා ඒ ගැන ඒ සහයෝගය අපට ලැබෙයි කියලා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රන්ජන් ගේ සුබ පැතීම් අපට ශක්තියක්… ආඩම්බරයක්… විජිත කියයි!

Next Post

නම්බුකාර ලෙස තරගාවලිය නිමා කළෙමු…

Related Posts

පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!
  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.