සුමිත් පොතුපිටිය –
දළ ඇතුන් ඝාතනය කර ලබා ගන්නා බව කියන ඉතා දුර්ලභ ගණයේ ගජමුතු දෙකක් ඇතුළු ගජමුතු හයක් රුපියල් කෝටි 60 කට විදේශීකයකුට අලෙවි කිරීමට සූදානම් වීමේදී පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පවසයි .
මෙතෙක් ලංකාවෙන් හමුවූ බර වැඩිම ගජමුතු දෙක මෙම ගජමුතු හය අතර තිබී ඇත. මේ ගජමුතු ජාවාරමේ දි අත්අඩංගුවට ගෙන ඇත්තේ අවිස්සාවේල්ල, පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.
වටිනා ඇතුන් මරා ලබාගන්නා ලද දුර්ලභ ගණයේ ගජමුතු හයක් විදේශීකයකුට අලෙවි කිරීමට යන බවට ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහට ලද තොරතුරක් මත කැරට් 325 ක් සහ 328 බරකින් යුත් ගජමුතු දෙකක් ඇතුළු ගජමුතු හයක් භාරයට ගෙන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය.
ඉන්දියාවේ ඉංජිනේරු වරයෙකු ලෙස උපාය දූතයෙකු යොදා වැටලීම කර ඇති බව වැටලීමට එක්වූ නිළධාරීයෙක් කිය.
සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී අනුරාධපුර නොච්ච්යාගම ප්‍රදේශයෙන් රැගෙනවිත් ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය සදහන් කරයි.
අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී චාමික වික්‍රමසිංහ සහ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ ගේ උපදෙස් පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා ,උප පොලිස් පරීක්ෂක සදරුවන් , සැරයන් ජයලාල් (428), කොස්තාපල් වරුන්වන බාලසූරිය (77090), අකිල (92896), පෙරේරා (26823), සේනාරත්න (104643), පොකොරි උදාර (16227), රුද්‍රිගු (94734), මල්ලවාඅරච්චි (105536),සිල්වා (105529)වැටලීමට එක්වූහ