බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දශක දෙකකට පසු ළමා මෙහෙකරුවන්ගේ වැඩිවීමක් – එක්සත් ජාතීන්ගේ නවතම වර්තාවක් හෙළිකරයි

by Lanka Sara Editor
ජූනි 10, 2021
in පුවත්
child labour
Share on FacebookShare on Twitter

දශක දෙකකට පසු ගෝලීය ළමා මෙහොකාර සේවයේ වර්ධනයක් වර්තා වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (10) නිකුත් කළ නවතම වර්තාවක් මඟින් අනාවරණය කර තිබේ.

ඒ අනුව ලෝකයේ සෑම ළමුන් දස දෙනෙකුගෙන් එක් අයෙකු ළමා මෙහෙකාර සේවයේ යෙදෙන බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදෙනවා.

2016 වර්ෂයේදී මිලියන 152ක් වූ ළමා මෙහෙකරුවන් සංඛ්‍යාව 2020 වර්ෂය අවසාන වන විට මිලියන 160 දක්වා ඉහළ ගොස් ඇති බවද යුනිසෙෆ් ආයතනය සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය එක්ව නිකුත් කළ මෙම වාර්තාවේ සඳහන්ය.

ළමා මෙහෙකරුවන්ගේ සංඛ්‍යාව ඉහළයාම කොරෝනා වසංගතයට පෙර සිටම ආරම්භ වී තිබුූ බවත් එය ගෝලීය වසංගතය හමුවේ දරුණු අතට පත්වීමට ඉඩ ඇති බවද මෙම වාර්තාවෙන් අනතුරු අඟවා තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ අනුව උප සහරා අප්‍රිකානු කලාපයේ දරුවන් වැඩි වශයෙන් ළමා මෙහෙකාර සේවයට යොමුවී තිබේ. එසේම ඉදිරියේදී තත්ත්වය තවත් දරුණු අතට හරවමින් දරුවන් මිලියන 50ක් මෙහෙකාර සේවයට එක්වීමට ඉඩ ඇති බවද අදාල වර්තාවෙන් පෙන්වා දී තිබේ.

“මේ වන විට අපි ඉතාම අසීරු අවස්ථාවකයි සිටින්නේ. කොරෝනා වසංගතයත් සමඟ තත්ත්වය තවත් දරුණු අතට හැරෙනවා.” යනුවෙන් යුනිසෙෆ් සංවිධානයේ ප්‍රධානි හෙන්රිටිටා ෆෝරේ ප්‍රකාශ කර ඇත.

“මේ වන විට ගෝලීය වසංගතය ඇතිවී දෙවන වසරෙත් සැලකිය යුතු කාලයක් ගතව තිබෙනවා. මේ කාලය පුරාවටම පාසල් අධ්‍යාපනය ඇණහිටී තිබෙනවා. ආර්ථික තත්ත්වයත් දිනෙන් දින කඩා වැටෙමින් පවතිනවා. ඒ නිසාම ගොඩක් පවුල් වලට අකමැත්තෙන් වුනත් දරුණු තීරණ වලට එළැඹීමට සිදුවෙනවා.” යනුවෙන්ද ඇය පෙන්වා දී තිබේ.

කොරෝනා වසංගතය හේතුවෙන් තවත් ළමුන් මිලියන 9ක් පමණ 2022 වර්ෂය අගවන විට මෙහෙකාර සේවයට යෙමුවීමේ අවදානමක් පවතින බවද අදාල වර්තාවෙන් පෙන්වා දී ඇත.
කෙසේ වෙතත් වසංගතය තවත් දරුනු ත්ත්වයට පත්වුවහොත් මෙම සංඛ්‍යාව බලාපොරෝතු වන අගයට වඩා පස්ගුණයකින් ඉහළ යාමටද ඉඩ පවතින බවද අදාල එහි වැඩිදුරටත් සඳහන්ය.

ළමා මෙහෙකාර සේවයට වැඩි වශයෙන් පිරිමි ළමුන් ගොදුරුවීමේ අවදානමක් පවතන බවත් මිලියන 160ක් වූ ළමා මෙහෙකරුවන්ගෙන මිලියන 97ක්ම පිරිම ළමුන් බවද අනාවරණය වී තිබේ.
එහෙත් ළමුන්ට නිවසේ පැවරෙන දෛනික රාජකාරී සමඟ සසදන විට මෙම පරතයට අඩකින් පමණ අඩු වන බවද එම වාර්තාවෙන්ම පෙන්වා දී ඇත.

එමෙන්ම අනතුරුදායක රැකියාවල නිතරවන වයස අවුරුදු 5ත් 17ත් අතර ළමුන්ගේ ශීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කරන බවත් එමගින් එම දරුවන්ගේ වර්ධනය සහ සෞඛ්‍යට විශාල බලපෑමක් ඇති කරන බවද අනාරණයවී තිබේ.
එහිදී අනතුරුදායක ක්ෂේත්‍ර වන පතල් කැනීම සහ අනතුරුදායක යන්ත්‍ර යෙදාගෙන සිදුකරන රැකියාවල මෙම දරුවන් වැඩිවශයෙන් නිතරවන බවටද වාර්තාවේ.

ඔවුන් සතියකට පැය 43කට අධික කාලයක් සේවයේ යෙදන බවටද අනාවරණය වී ඇති අතර ඒ හේතුවෙන් ඔවුන්ගේ පාසල් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇති බවද එම වර්තාව මගින් පෙන්වා දී තිබේ.
දැනට ගණන් බලා ඇති අකාරයට වයස අවුරුදු 5ත් 17ත් අතර දරුවන් මිලියන 79ක් මෙම අනතුරුදායක කර්මාන්තවල සේවයේ නිරතවේ. මෙම සංඛ්‍යව 2016 වසරට සාපේක්ෂව මිලියන 6.5ක වර්ධනයක් බවද එක්සත් ජාතිනීගේ සංවිධානය පෙන්වා දෙයි.

අදාල වර්තාවට අනුව ළමා මෙහෙකරුවන් සියයට 70ක් පමණ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියාවල නිරත බවයි. මෙම සංඛ්‍යාව මිලියන 112ක් බවද එම වාර්තාව මගින් පෙන්වා දී ඇත.

මේ අතර ළමා මෙහෙකරුවන් වැඩි වශයෙන් උප සහරා අප්‍රිකානු කලාපයෙන් වර්තාවේ. මෙය කළාපයේ ඉහළ යන ජනගහනය, පවතින සාමජීය සහ දේශපාලනික ගැටුම්, සහ අධික දරිද්‍රතාවය මීට හේතුවී තිබේ.

ඒ අනුව ගතවූ වසර 4ක් කාලයේදී පමණක් ළමුන් මිලියන 16.6ක් ළමා මෙහෙකාර සේවයට එක්ව ඇතැයි අනාවරණය වේ.

මෙම කලාපයේ වසට අවුරුදු 5ත් 17ත් අතර දරුවන්ගෙන් සියයට 25ක් පමණ ළමා මෙහෙකාරුවන් වශයෙන් කටයුතු කරයි.

කෙසේ කොරෝනා වසංගතය තවත් සැලකිය යුතු කාලයක් පැවතියහොත් තත්ත්වය ඉතාම දරුණු අතට පත්විීම වැලැක්වීමට විශාල ප්‍රයත්නයක් දැරිය යුතු බවද එම වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වාදෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැලි ජාවාරම්කාර මුලතිව් පූජකයා කොටු කරන්න ඩ්‍රෝන කැමරා මෙහෙයුමක්…

Next Post

ගිලෙන එක්ස්ප්‍රස් පර්ල් නැවේ තෙල් කාන්දුවක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.