මුළු දිවයිනටම විදුලිය ඇන හිටිමට ලක් වූ ඊයේ එහි බලපෑම සමග මුළුමනින්ම ක්‍රියා විරහිත ව ඇති නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරය යළි ක්‍රියාත්මක තත්ත්වයට පත් වන තුරු දිවයින පුරා කාණ්ඩ හතරකට දහවල් පැයයි විනාඩි 45ක් සහ රාත්‍රි පැයක් බැගින් විදුලිය අත් හිටුවීමත් සෙනසුරාදා දිනවල රාත්‍රි පැයක් බැගින් විදුලි අත්හිටුවීමටත් ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අවසර ඉල්ලා ඇත.
ඒ අනුව යෝජනාව මෙසේය.
ඒ කාණ්ඩය – පෙරවරු 10 සිට 11.45 දක්වා සවස 6 සිට 7 දක්වා
බී කාණ්ඩය පෙරවරු 11.45 සිට පස්වරු 1.30 දක්වා සවස රාත්‍රි 7 සිට 8 දක්වා
සී කාණ්ඩය පස්වරු 1.30 සිට පස්වරු 3.15 දක්වා සවස රාත්‍රි 8 සිට 9 දක්වා
ඩී කාණ්ඩය පස්වරු 3.15 සිට 5 දක්වා සවස රාත්‍රි 9 සිට 10 දක්වා
ඒ ඒ කාණ්ඩයට අයත් වන ප්‍රදේශ විදුලි බල මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරනු ඇත.