ශ්‍රියානි විජේසිංහ –
එච්අයිවී වයිරසය පාසල් දරුවන්ට ආසාදනය වීම වලක්වා ගැනීම සඳහා පාසල් ළමුන් දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි එච්අයිවී ඒ්ඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි සඳහන් කළාය.
එච්අයිවී වයිරසය ආසාදනය වූ පාසල් දරුවන් කීප දෙනෙකුම මේ වන විට හමුවී ඇති අතර තවත් දරුවන්ට මෙම වයිරසය ආසාදනය වීම වලක්වා ගැනීමේ අදහසින් මෙම දැනුවත් කිරීම සිදුකිරීමට අදහස් කරන බව ඇය පැවසුවාය.
මේ සඳහා වෙද්‍යවරුන් කණ්ඩායමක් මේ වන විටත් පුහුණු කර ඇති අතර තවත් පිරිසක් පුහුණු කරමින් සිටින බවද පෙන්වාද දෙන විශේෂඥ වෛද්‍යවරිය මෙම දැනුවත් කිරීම පාසලේ 9වන වසරේ සිට උසස් පෙළ සිසුන් දක්වා ක්‍රියාත්මක කරන බව පැවසුවේ.
තවද ඉදිරියේදී උපකාරක පන්තිවලට ගොස් එහි සිටින සිසුන්ද දැනුවත් කිරීමට අදහස් කරන බව වෛද්‍ය රසාංජලී සඳහන් කළේය.







