කීර්ති ප්‍රනාන්දු –
ගම්පහ රෝහලේ දී සිය දරුවා බිහිකළ කොවිඩ් ආසාදිත මවක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටිය දී අද ( 02) මිය ගිය බව ගම්පහ මහ රෝහල පවසයි.
31 හැවිරිදි ගම්පහ මාකෙවිට පදිංචි මවක් මෙසේ මිය ගොස් ඇත.
මිය ගිය කාන්තාව දෙදරු මවකි. ඇය මීට දින කීපයකට පෙර උණ රෝගයෙන් පෙළෙමින් සිට ගම්පහ රෝහලට ඇතුළත් කර තිබේ.
පසුව වෛද්‍යවරුන් ඇයව පී.සී.ආර්. පරීක්ෂාවකට ලක් කර තිබේ. එහි දී ඇය කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇත.
අනතුරුව එම ගර්භණී මව සිසේරියන් සැත්කමකින් දරුවා බිහි කර තිබේ. පසුව මව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.
ප්‍රතිකාර ගනිමින් සිටිය දී අද දහවල් ඇය මිය ගොස් තිබේ.
කුඩා බිළිඳා ඉතා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.