අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දඹුල්ලේ 14 හැවිරිදි දැරියගේ ඝාතකයා ඉන්නා ඉසව්ව ගැන පොලිසියට ඉවක්

by Lanka Sara Editor
ඔක්තෝබර් 11, 2021
in පුවත්
දැරිය ඝාතනයට ලක්ව සිටි නිවස

දැරිය ඝාතනයට ලක්ව සිටි නිවස

Share on FacebookShare on Twitter

සිය දරුවාට පාඩම් වැඩ කියා දෙන්නට යැයි කියා අවුරුදු 14 ක් වයසැති දැරිවියක් රැගෙන ගොස් අතවර කර මරා දැමූ සැක කරන දැනට අතුරුදන් ව සිටින සැකකරු, සිය බිරිද සහ දරුවා පිළිබඳව විද්‍යාත්මක සක්ෂි කිහිපයක් ලැබී ඇති හෙයින් ඉදිරි දිනි කිහිපය තුල ඔවුන් අත්අඩංගුවට ගත හැකි වේ යයි දඹුල්ල පොලීසිය විශ්වාසය පළ කරයි.

දඹුල්ල පොලිස් වසමේ අතුපාර ගම්මානයේ පදිංචිව සිටි එම දැරිවියව දූෂණය කර ඇතැයි පොලීසිය සැකකරයි. දඹුල්ල කහලෝගහ ඇල ගම්මානයේ පාළු නිවසක ඇදක් මත තිබී ඉකුත් 10 වෙනිදා ඇගේ මළ සිරුර සොයා ගන්නා විට එය තිබී අත්තේ නිරුවත්ව බව පොලීසිය සදහන් කරයි.

දඹුල්ල පොලීසිය කියන්නේ මිය ගිය දැරිවියට සහෝදර සහෝදරියන් සිවි දෙනෙක් සිටින බවයි. ඇයගේ අක්කාගේ පාසල් මිතුරියකගේ සැමියා විසින් මෙම අපරාධය කර ඇති බව පොලීසිය සැක කරයි.

එම සම කාලීන පාසල් මිතුරිය සිය සැමියා සහ අවුරුදු 08 ක දියණිය සමග පදිංචිව සිට ඇත්තේ ගල්කිරියාගම පොලිස් වසමේ හඹරැත්තාව ගම්මානයේ පිහිටි පොල් වත්තකය. එහි මුර මඩුවක ජීවත් වන ඔවුන් පොල්වත්තේ වැඩක් පලක් කරමින් පොල්වත්ත බලාකියාගෙන සිට ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මිය ගිය දැරිවියගේ සහෝදරියගේ හිතවත්කම් මත ඔවුන් මාස කිහිපයකට පෙර දඹුල්ලේ කලෝගහ ඇල පිහිටි නිවසක කුළියට පදිංචියට පැමිණ ඇත. එසේ වුවද එම නිවසේ කුළිය ගෙවා ගැනීමට නොහැකි වීම හේතුවෙන් යළි ඔවුන් නැවතත් කලින් පදිංචි වී සිටි පොල්වත්තටම ගොස් ඇත.

ඉකුත් 06 වෙනිදා මෙම සැකකරු දැරියගේ නිවසට පැමිණ ඇති අතර සිය 08 හැවිරිදි දැරිවියට පාඩම් වැඩ කියා දීමට යයි පවසා මෙම 14 හැවිරිදි දැරියව කැඳවාගෙන ගොස් අත්තේ දෙමාපියන්ගේද අවසරය ඇතිවය. ඒ අදුරු වැටෙන්නට පෙර නිවසට ඇරලවන පොරොන්දුව මතය.

ඒ පොරොන්දුව එදා අදුරු වැටී බොහෝ වේලාවක් ගතවන තුරු ඉටු නොවූ තැන පියා පොල්වත්තට ගොස් පරීක්ෂා කළේය. මඩුව හිස්ය. මිනිස් පුලුටක් එහි නොවීය. හිස් අතින් නිවසට එන දැරිවියගේ පියා පහුවෙනිදාත් පොල්වත්තට ගියේය. ගමේ හැම තැනම සොයා බැලුවේය.

අවසානයේදී පොලීසියට මේ ගැන ඔවුන් කියන්නට යන්නේ 08 වෙනිදා රාත්‍රියේදීය.
පොලීසිය 09 වෙනිදා උදේම වැඩට බැස්සේය. පොල්වත්තට ගියේය.

නිවැසියන් බඩු මුට්ටුත් රැගෙන අතුරුදන්ව ඇති බව එහිදී පොලීසියට පෙනී ගියේය. අනතුරුව පොලීසිය කලෝගහඇල නිවසට යන්නේ එම නිවසින් දුගදක් හමන බවට 119 හදිසි ඇමතුම් අංශයට ගම්වැසියෙක් ලබාදුන් තොරතුරකට අනුවය. ඒ අනුව පොලීසිය එහි ගොස් දොරගුළු කඩා පරීක්ෂා කිරීමේදී පෙනී දකින්නේ නිවසේ ඇදක් මත නිරුවතින් ඇති දැරිවියගේ මළ සිරුරය.

මේ ගැන මෙතෙක් කර ඇති විමර්ශන වලින් පෙනී ගොස් ඇත්තේ දැරිවියගේ මරණය සිදුව ඇත්තේ 06 වෙනිදා බවය.

බැලූ බැල්මට අතවරයකට එහාගිය අපරාධයක් සිදුව ඇති බව පෙනී ගියත් එය නිෂ්චිතවම තහවුරුකර ගැනීමට හැකියාව ලැබෙන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයේදීය.

එය අද පැවැත්වීමට නියමිතව තිබුණත් එය හෙටට කල් ගියේය. විමර්ශනවලින් හෙළිවී ඇති ආකාරයට සැකකරු සිය බිරිය සහ දරුවා රැගෙන 06 වෙනිදා සවස 3.00 ට පමණ පොල්වත්තෙන් පිටත්ව ගොස් ඇති බවකි.

දරුවාට පාඩම් කියාදෙන්නට යැයි කියා 14 හැවරිදි දැරිවිය ඔහු රැගෙන ගොස් ඇත්තේම ඇයට මෙම අපරාධය කරන්නට සැළසුම්කරගෙනම බව පොලීසිය සැකකරයි.

විද්‍යාත්මක සාක්ෂි කිහිපයක් ලැබී ඇති බැවින් සැකකරු සිටින ඉසව්වක් සොයා ගැනීමට හැකිවනු ඇතැයි පොලීසිය විශ්වාස කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අකුණු සන්නායක පෙන්වා කෝටි ගණන් ගැරූ ජාවාරමුන් 09ක් පොලිස් අත්අඩංගුවේ…

Next Post

ජීවන් ත්‍යාගරාජා උතුරු පළාත් ආණ්ඩුකාර ධූරයට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.