බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දඩ කොළයට උරණ වී ටිපර් රථ රියදුරු පොලිස් නිලධාරියෙක් යටකර මරලා

තවත් දෙදෙනෙක් දැඩි සත්කාර ඒකකයේ

by Lanka Sara Editor
ජූලි 14, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

අණ නොතකා ටිපර් රථයක් ධාවනය කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කලැයි කෝපයට පත් ටිපර් රථ රියදුරෙක් ඊයේ (13) රාත්‍රියේ දී එම ටිපර් රථයටම යට කර පොලිස් නිලධාරීයෙක් ඝාතනය කර තවත් පොලිස් නිලධාරින් දෙදෙනෙකුට බරපතල තුවාල සිදු කර පලා ගොස් තිබේ.

ඊ‍යේ රාත්‍රියේ 11ට පමණ සිදු කළ මෙම අපරාධයෙන් පොලිස් නිලධාරියා මිය ගොස් ඇත්තේ එම ස්ථානයේදීමය. අනෙක් දෙදෙනා බරපතල තත්වයෙන් මාතර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

ටිපර් රථ රියදුරා විසින් මෙසේ සැලසුම් සහගතව අනතුරට ලක් කර ඇත්තේ හක්මන පොලිස් වසමේ, කෝංගල 13 කණුව පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකි.

මියගිය පොලිස් කොස්තාපල්වරයා වලස්මුල්ලේ පදිංචි 36 වියැති අයෙකි.
අනෙක් පොලිස් නිලධාරීන් දෙදෙනා තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ. ඒ අය පොලිස් සැරයන්වරුන්ය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

කිරින්ද නගරයේ වාහන පරීක්ෂා කිරීමේ රාජකාරියේ යෙදී සිටි මෙම පොලිස් නිලධාරීන් තිදෙනා මාතර දෙස සිට හක්මන දෙසට ධාවනය වු ටිපර් රථයක් පෙරේදා (13) රාත්‍රියේ නැවැත්වීමට සංඥා කර ඇත.

එවිට පොලිස් අණ නොතකා ටිපර් රථය නොනවත්වා ධාවනය කර ඇති බැවින් මෙම නිලධාරීන් එම අවස්ථාවේ හක්මන දෙසට ඉදිරියෙන් ඇති මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි නිලධාරීන්ට ඒ බව ගමන් කථන මගින් දැනුවත්කර ටිපර් රථය ලුහුබැඳ තිබේ.

අනතුරව මාතර හක්මන මාර්ගයේ කෝංගල 13 කණුව මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් එම ටිපර් රථය නවතා පරීක්ෂාකර ඇත. ලොරි රථය ලුහුබැඳ පැමිණි නිලධාරීන්ද එම අවස්ථාවේදී එම ස්ථානයට පැමිණ තිබෙන බව පොලීසිය සඳහන් කරයි.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් අන්තරාදායක ලෙස රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් තාවකාලික රියදුරු බලපත්‍රයක් රියදුරුට නිකුත්කර අවවාද කර ඔහුව මුදාහැර තිබේ.

අනතුරුව හක්මන දෙසට ධාවනය කළ ටිපර් රථය විනාඩි 10කට පමණ පසු මාතර දෙසට අධීක වේගයෙන් පැමිණ මාර්ග බාධකය අසල රාජකාරි යෙදී සිටි ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ නිලධාරීන් යටකර පලාගොස් ඇත.

පොලිස් නිලධාරීන් යටකර පළාගිය ටිපර් රථය වැලි ප්‍රවාහනයට යොදවා ඇති එකක් බවත් හුංගම සිට වැලි තොගයක් ප්‍රවාහනය කර නැවත හුංගම වෙත යමින් සිටියදී මෙම සිදුවීම වී ඇති බවත් පොලීසිය කියයි.

ටිපර් රථය සමග රියදුරු අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුමක්ද ආරම්භකර තිබුණි.

Share69Tweet43
Previous Post

තැපැල් ඡන්දපොළේ සෞඛ්‍යාරක්ෂාව ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකට වගකීමක් නෑලු!

Next Post

ආරක්ෂක ප්‍රධානියාට කොවිඩ් ආසාදනය වී රාගම බ්‍රවුන්ස් මෙල්ස්ටා රෝහල වසා දැමේ

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.