දකුණු චීන මුහුදේ ගමන් කළ පිලිපීන නෞකාවකට ආසන්නයට පැමිණ චීන වෙරළ ආරක්ෂක නෞකාවක් අක්‍රමණශීලීව ගමන් කිරීමක් සම්බන්ධයෙන් වාර්තා වේ.
ඒ අනුව පිලිපීන වෙරළ ආරක්ෂක බලකාය විසින් මෙම සිද්ධිය නිල වශයෙවන් වාර්තා කර ඇති අතර ඒ සම්බන්දයෙන් නිල මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කර ඇත.
පිලිපීන වෙරළ ආරක්ෂක බලකාය පවසන අන්දමට චීන වෙරළ ආරක්ෂක බලකායට අයත් නෞකාවක් දකුණු චීන මුහුදේ ගමන් කළ පිලිපීන නෞකාවට මීටර් 19ක් දක්වා ආසන්නයට පැමිණ තිබේ.
මෙම චීන නෞකාවේ හැසිරීම ජාත්‍යන්තර නීතීන් උල්ලංඝණය කිරීමක් බවද පිලිපීන වෙරළ ආරක්ෂක බලකාය විසින් පෙන්වා දෙයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පිලිපීනය විසින් රාජ්‍ය තාන්ත්රිකි විරෝධතාවක් පළකර ඇත්ත යන්න පිළිබඳ නිල වශයෙන් වාර්තා නොවන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඒ අනුව පිලිපීන වෙරළ ආරක්ෂක බලකාය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විදේශ කටයුතු දෙපාර්තමේන්තුවට සාමකාමී සහ නීත්‍යානුකූලව කටයුතු කරන ලෙසට දැණුම් දී ඇති බවටද වාර්තාවේ.