2002 වසරේ නොවැම්බර් මස 15 වනදා සහ 2004 වසරේ දෙසැම්බර් මස 15 වනදා අතර කාලසීමාව තුළ දකුණු ආසියාවේ විශාලතම බදු වංචාව ලෙස සැලකෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයවිය යුතු රුපියල් බිලියන 3.9 වැට් බදු මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය විසින් ලබා දුන් බරපතල වැඩ සහිත වසර 20 බැගින් දඬුවම් හා දඩ මුදල් සහිත දඬුවම තහවුරු කරමින් අභියාචනාධිකරණය අද සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
දකුණු ආසියාවේ විශාලතම බදු වංචාව ලෙස සැලකෙන රුපියල් බිලියන 3.9 “වැට් බදු” මුදල් වංචාව සිදු කළ විත්තිකාර ව්‍යපාරිකයෙකුට බරපතල වැඩ සහිත වසර 20ක සිර දඬුවම් හා දඩ නියම කරමින් කොළඹ මහාධිකරණය විසින් ලබා දුන් තීන්දුව අනුමත කරමින් අභියාචනාධිකරණය විසින් දුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (11) තහවුරු කළේය.
අර්ජුන ඔබේසේකර, සෝභිත රාජකරුණා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා විසින් මෙම තීන්දුව අද ප්‍රකාශයට පත් කළේය.
මෙම වංචාව සිදු කළ විත්තිකරුවන් තිදෙනාට මහාධිකරණයේ නඩුව විභාගවන විට අධිකරණය මග හැර රටින් පලා ගොස් තිබුණහ. මහාධිකරණ තීන්දුව නිකුත් වූ පසු පිටරටක සිට එම දණ්ඩනයට එරෙහි අභියාචනා පෙත්සම් ගොනු කලහ. එම පෙත්සම් විමසා බැලූ අභියාචනාධිකරණය මුල් මහාධිකරණ තීන්දුව තහවුරු කළේය. ඉන් පසු විත්තිකරුවන්ගෙන් කෙනෙක් වූ මොහොමඩ් කුතුබ්දීන් විසින් 2024 වසරේ ජූලි මස අභියාචනාධිකරණයට යළි පෙත්සමක් ගොනු කර අභියාචනාධිකරණයේ තීන්දුව යළි සලකා බලන ලෙස අභියාචනාවක් ඉදිරිපත් කළේය. මෙම තීන්දුව ඉදිරිපත් කළේ චූදිතයන්ගෙන් කෙනෙක් වූ මොහොමඩ් කුතුබ්දීන් විසිනි. ඒ 2024 වසරේ ජූලි මසය. එම පෙත්සම සම්බන්ධයෙන් නියෝගයක් ලබා දීම අභියාචනාධිකරණය විසින් කල්තබා
ඉකුත්දා මෙම නඩුකරය කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් තමන්ට මහාධිකරණය විසින් පැනවූ දඬුවම තහවුරු කරමින් අභියාචනාධිකරණය විසින් දී තිබෙන තීන්දුව යළි සලකා බලන ලෙස විත්තිකරු විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබෙන ඉල්ලීම පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති බව පෙන්වා දුන්නේය.
අභියාචනාධිකරණය හමුවේ අදාළ පෙත්සම ගොනු කර තිබෙන විත්තිකරු මහාධිකරණ නඩු විභාගය මගහැර රටින් පලා ගොස් සිටි අයෙකු බවත් ඔහුට මෙම තීන්දුව යළි සලකා බලන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට කිසිදු නීතිමය හැකියාවක් නොමැති බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා එහිදී තර්ක කර තිබුණි. එබැවින් විත්තිකරු විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සම නිෂ්ප්‍රභ කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.
එම කරුණු සම්බන්ධයෙන් අද දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ ජනක් ද සිල්වා ප්රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අභියාචනාධිකරණය විසින් තීන්දුවක් ලබාදී තිබියදී එය යළි සලකා බලන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කිරීමට පෙත්සම්කරුට නීතිමය හැකියාවක් නොමැති බව සඳහන් කර සිටියේය.
එය අධිකරණ ක්‍රියාදාමය අව භාවිතාවට ලක් කිරීමක් යැයි චෝදනා කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙවැනි ක්‍රියා සඳහා නීතියෙන් අවසර හිමි නොවන බවත් සඳහන් කර සිටියේය.
ඒ අනුව මෙම විත්තිකරුට මහාධිකරණය මගින් පනවන ලද සිර දඬුවම් හා දඩ මුදල් තහවුරු කරමින් අභියාචනාධිකරණය විසින් දැනටමත් ප්‍රකාශයට පත් කරන තීන්දුව තහවුරු කරන බවත් මෙම නඩුකරය සම්බන්ධයෙන් තවදුරත් ඉල්ලීම් සලකා බැලීමට අවශ්‍ය නොවන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කළේය.







