සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දකුණු ආසියවේ ලොකුම වැට් බඳු වංචාව කළ අපරාධකරුවන්ට මහාධිකරණය දුන් දඬුවම දෙවැනි වරටත් අභියාචනාධිකරණය තහවුරු කරයි…

අභියාචනාධිකරණයේ තීන්දුවක් යළිත් අභියාචනායකට ලක් කිරීමට ඉල්ලීම අධිකරණ ක්‍රියාවලියම අවභාවිතා කිරීමක්... විනිසුරුවරු කියති...

by editor
ජූලි 11, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

2002 වසරේ නොවැම්බර් මස 15 වනදා සහ 2004 වසරේ දෙසැම්බර් මස 15 වනදා අතර කාලසීමාව තුළ දකුණු ආසියාවේ විශාලතම බදු වංචාව ලෙස සැලකෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයවිය යුතු රුපියල් බිලියන 3.9 වැට් බදු මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය විසින් ලබා දුන් බරපතල වැඩ සහිත වසර 20 බැගින් දඬුවම් හා දඩ මුදල් සහිත දඬුවම තහවුරු කරමින් අභියාචනාධිකරණය අද සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

දකුණු ආසියාවේ විශාලතම බදු වංචාව ලෙස සැලකෙන රුපියල් බිලියන 3.9 “වැට් බදු” මුදල් වංචාව සිදු කළ විත්තිකාර ව්‍යපාරිකයෙකුට බරපතල වැඩ සහිත වසර 20ක සිර දඬුවම් හා දඩ නියම කරමින් කොළඹ මහාධිකරණය විසින් ලබා දුන් තීන්දුව අනුමත කරමින් අභියාචනාධිකරණය විසින් දුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (11) තහවුරු කළේය.

අර්ජුන ඔබේසේකර, සෝභිත රාජකරුණා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා විසින් මෙම තීන්දුව අද ප්‍රකාශයට පත් කළේය.

මෙම වංචාව සිදු කළ විත්තිකරුවන් තිදෙනාට මහාධිකරණයේ නඩුව විභාගවන විට අධිකරණය මග හැර රටින් පලා ගොස් තිබුණහ. මහාධිකරණ තීන්දුව නිකුත් වූ පසු පිටරටක සිට එම දණ්ඩනයට එරෙහි අභියාචනා පෙත්සම් ගොනු කලහ. එම පෙත්සම් විමසා බැලූ අභියාචනාධිකරණය මුල් මහාධිකරණ තීන්දුව තහවුරු කළේය. ඉන් පසු විත්තිකරුවන්ගෙන් කෙනෙක් වූ මොහොමඩ් කුතුබ්දීන් විසින් 2024 වසරේ ජූලි මස අභියාචනාධිකරණයට යළි පෙත්සමක් ගොනු කර අභියාචනාධිකරණයේ තීන්දුව යළි සලකා බලන ලෙස අභියාචනාවක් ඉදිරිපත් කළේය. මෙම තීන්දුව ඉදිරිපත් කළේ චූදිතයන්ගෙන් කෙනෙක් වූ මොහොමඩ් කුතුබ්දීන් විසිනි. ඒ 2024 වසරේ ජූලි මසය. එම පෙත්සම සම්බන්ධයෙන් නියෝගයක් ලබා දීම අභියාචනාධිකරණය විසින් කල්තබා

ඉකුත්දා මෙම නඩුකරය කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් තමන්ට මහාධිකරණය විසින් පැනවූ දඬුවම තහවුරු කරමින් අභියාචනාධිකරණය විසින් දී තිබෙන තීන්දුව යළි සලකා බලන ලෙස විත්තිකරු විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබෙන ඉල්ලීම පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති බව පෙන්වා දුන්නේය.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

අභියාචනාධිකරණය හමුවේ අදාළ පෙත්සම ගොනු කර තිබෙන විත්තිකරු මහාධිකරණ නඩු විභාගය මගහැර රටින් පලා ගොස් සිටි අයෙකු බවත් ඔහුට මෙම තීන්දුව යළි සලකා බලන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට කිසිදු නීතිමය හැකියාවක් නොමැති බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා එහිදී තර්ක කර තිබුණි. එබැවින් විත්තිකරු විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සම නිෂ්ප්‍රභ කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.

එම කරුණු සම්බන්ධයෙන් අද දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ ජනක් ද සිල්වා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අභියාචනාධිකරණය විසින් තීන්දුවක් ලබාදී තිබියදී එය යළි සලකා බලන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කිරීමට පෙත්සම්කරුට නීතිමය හැකියාවක් නොමැති බව සඳහන් කර සිටියේය.

එය අධිකරණ ක්‍රියාදාමය අව භාවිතාවට ලක් කිරීමක් යැයි චෝදනා කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙවැනි ක්‍රියා සඳහා නීතියෙන් අවසර හිමි නොවන බවත් සඳහන් කර සිටියේය.

ඒ අනුව මෙම විත්තිකරුට මහාධිකරණය මගින් පනවන ලද සිර දඬුවම් හා දඩ මුදල් තහවුරු කරමින් අභියාචනාධිකරණය විසින් දැනටමත් ප්‍රකාශයට පත් කරන තීන්දුව තහවුරු කරන බවත් මෙම නඩුකරය සම්බන්ධයෙන් තවදුරත් ඉල්ලීම් සලකා බැලීමට අවශ්‍ය නොවන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපොස උසස් පෙළ විභාගයේ ආරම්භය නොවැම්බර් 10…

Next Post

රටේ බිත්තර නිශ්පාදන අතිරික්තයක්… බිත්තර ගොවීන්ට වෙන දේ පාර්ලිමේන්තුවේ දි කියැවෙයි!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.