බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තොටලඟ අරුණ එල්ලේ නායකයා ඝාතන සිද්ධියට හමුදාවේ 8ක් කැබ් රථ 2ක් පොලිස් අත්අඩංගුවේ…

by editor
සැප්තැම්බර් 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

තොටලඟ අරුණ එල්ලේ කණ්ඩායමේ නායකත්වය දැරූ වූ මට්ටකුලිය ග්‍රමසේවකවරිගේ  සැමියා සැලසුම්කර පැහැරගෙන ගොස්  ඝාතනය කිරීමේ සිද්ධියට යුද හමුදා ගැමුණු සේවා බලකායේ මෝදර කඳවුරට සම්බන්ධව   බුද්ධි රාජකාරිවල යොදවා සිටි    8  දෙනෙක්  සහ අපරාධයට යොදා ගත් කැබ් රථ දෙකක්  කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින්  මේ වනවිට අත් අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

යුද හමුදාවේ උපරිම සහයෝගය මත ආරම්භ වී ඇති මෙම විමර්ශනයට අදාලව මේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ යුද හමුදා කෝප්‍රල්වරයා සහ ඔහුගේ අනියම් බිරිය ලෙස හඳුනාගෙන ඇති ඝාතනය කළ එල්ලේ ක්‍රීඩකයාගේ බිරිය වූ ග්‍රාමසේවකවරිය මීට ඉහත අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

සිද්ධියට සම්බන්ධයැයි සැක කරන මෙම බුද්ධි  අනුඛණ්ඩය භාරව සිටි හමුදා කපිතාන්වරයා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග කීවේය.

දැනට හෙළිදරව් කරගෙන ඇති කරුණු අනුව ඝාතනය කළ පුද්ගලයා මග රැක සිට පැහැරගෙන ගොස් ඇත්තේ එක් කැබ් රථයකය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

එම කැබ් රථයෙන් මාදම්පිටිය කනත්ත අසල කසල අංගනය අසලට රැගෙන ගිය මෙම පුද්ගලයාට හමුදා පිරිස පහර දී ඝාතනය කර ඇත.  පසුව සිරුර සේද වත්ත ප්‍රදේශයට රැගෙන ගොස් ඇත්තේ වෙනත් කැබ් රථයකිනි.  මල සිරුර කැලණිගඟට අත් හැර ඇත්තේ සේදවත්තෙනි.

ඝාතනය කළ පුද්ගලයා පැදගෙන පැමිණ යතුරු පැදිය මෝදර යුද හමුදා කඳවුර  තුළට රැගෙන ගොස් කොටස්වලට ගලවා කැලණි ගඟට දැමූ බව හෙළි වී ඇත.

කිමිදුම් කරුවන් යොදවා එම යතුරුපැදියේ කොටස් කීපයක් ගොඩ ගැනීමට හැකි වූ බව පොලිස් ආරංචි මාර්ග කීවේය.

මේ වනවිට අත්අඩංගුවට ගත් කැබ් රථ දෙක රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබේ.

සිය ග්‍රාමසේවක බිරිය ඇයගේ අනියම් සැමියා වූ කෝප්‍රල්වරයා සමග සම්බන්ධයක් පවතින බව අතටම හසුකරගත්  පසු  ඇයට පහර දී මේ සිද්ධියක් මුල් කරගෙන  මෙම ඝාතනය සිදු වී තිබේ.

පසුගිය මස මුල් සතියේ සිදුවූ මෙම සිදුවීම සිය අනියම් සැමියා වූ කෝප්‍රල්වරයාට දැන් වූ පසු කෝප වූ කෝප්‍රල්වරයා සිය හමුදා මිතුරු කණ්ඩායමත් සමග එල්ලේ ක්‍රීඩයකයා මගදී පැහැරගෙනවිත් ඝාතනය කර සිරුර කැලණිගඟට දමා තිබේ.

දින ගණනාවකට පසු  කුණු වූ  මළ සිරුර ගොඩගසන්නේ කාක දූපතෙනි.  ඒ අවස්ථාවේ දී මෙම කාන්තාවම ගොස් සැමියාගේ සිරුර හඳුනාගෙන  ඇත.

සිදුවීම සම්බන්ධව පොලිස් ප්‍රශ්නකිරීම් වලදී මෙම ග්‍රාමසේවක කාන්තාව පවසා ඇත්තේ   තමන් සැමියාව ඝාතනය කිරීම සඳහා කිසිම අනුබලයක් නුදුන් බවය.

සැමියාට පහර දී අත් හරින බවට හමුදා කෝප්‍රල්වරයා පවසා තිබූ බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හවස මරණ තර්ජන  චෝදනාවක් කරනවා… උදේ පොලිස් මූලස්ථානය නිවේදන එවනවා… මර්ධන සැලසුමක් ගැන ස්ටාලින් කියයි!

Next Post

අද සිට සුරාසැල් ඇරේ

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.