අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තෙල්වල විතරක් නොව බොහෝ ආහාරවල තිබිය හැකි ඇෆ්ලාටොක්සීන් මාරක විසේ විත්තිය

හැමෝම කතාවෙන   ඇෆ්ලාටොක්සීන් ගැන නොදන්න ඇත්ත

by editor
මාර්තු 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ – ජාතික රෝහල මහනුවර.

  • පිටරට තෙල්වල විතරක් නොවෙයි…. මේ රටේ හිඳින තෙල්වලත් මේ විස තියෙන්න පුලුවන්…

  • තෙල්වල වගේම සහල් ඇතුළු ධාන්‍යවර්ගවලත් තවත් බොහෝ ආහාර ද්‍රව්‍යවලත් මේ විස අඩංගුවෙලා තියෙන්න පුළුවන්.

  • රත් කිරීමෙන් විනාශ වන්නේ නැහැ. විසට එරෙහිව ප්‍රතිශක්තියක් ඇතිවෙන්නෙ නෑ…

  • සත්ව ආහාරවලින් සත්තුන්ගෙ සිරුරට ඇතුළුවෙලා කිරි බිත්තර මස් හරහා සිරුරට එන්න පුලුවන්…

  • ඇෆ්ලාටොක්සීන් විස නසන ගුණයක් කොත්තමල්ලිවල තියනවා…

අවුරුදු කාලයේ ආසන්නයේ කැවුම් කොකිස්, ආස්මි, දොදොල් , උඳු වළලු වාගේ අවුරුද්දටම ලාක්ෂණික වූ අවුරුදු කැවිලි සෑදීමට අපට ඉතාම අත්‍යවශ්‍ය වන පොල්තෙල් පිළිබඳව බරපතළ බියක් මේ වන විට රට තුළ පැතිරිලා. එයට හේතුව   අපේ රටට පොල් තෙල් ආනයනය කරන ප්‍රධාන සමාගම් තුනක ආනයනය කළ පොල්තෙල් වල උග්‍ර පිළිකා කාරකයක් වන ඇෆ්ලාටොක්සීන් (Aflatoxin) නැමැති විස රසායන ද්‍රව්‍යය, අනුමත ප්‍රමාණයට වඩා තුන් ගුණයකටත් අධික ප්‍රමාණයක් අඩංගුව ඇති බව සොයා ගැනීම නිසයි. ඒවා මේ වන විටත් මහජන පරිභෝජනයට මුදා හැර ඇති බවට සැක පළ කෙරෙනවා.

ඇෆ්ලාටොක්සීන් තියෙන්නෙ පොල් තෙල්වල විතර ද?

ඇෆ්ලාටොක්සීන් යනු Aspergillus Flavus සහ Aspergillus parasiticus යන දිලීර කාණ්ඩ දෙක මගින් නිකුත් කරන විස රසායන ද්‍රව්‍යයක්. උණුසුම් සහ තෙතමනය සහිත රටවල්වල මෙම දිලීර සීඝ්‍රයෙන් වර්ධනය වනවා. පස ආශ්‍රිතව සහ දිරා යන එළවළු කොටස්, පිදුරු  සහ ධාන්‍ය වර්ගවල මෙම පුස් වර්ගය වර්ධනය වනවා . නිසි පරිදි ආරක්ෂිත තත්වයන් යටතේ ගබඩා කොට නොමැති මඤ්ඤොක්කා, මිරිස්, මිලට්, කජු, සහල්, තල, සෝගම්, සූරියකාන්ත ඇට, බඩඉරිඟු, පිටි, පොල්, කටු පොල් වැනි කටුව සහිත ගෙඩි වර්ග වැනි බොහෝ ආහාරයට ගන්නා දේවල් මත මෙම දිලීරය එනම් පුස් වර්ගය වර්ධනය වනවා. පුස් කාපු සහල්, මුඩු වූ තෙල්වල මෙන්ම නරක් වූ කජු, රටකජු, මාජරින්, බටර් ආදියෙ මෙම විෂ රසායනය බෙහෙවින් අඩංගු වෙනවා. පුස් කන ලද පාන් වලත් බිස්කට් වර්ගවලත් මෙම විෂ රසායනය අඩංගු වනවා. මෙම රසායන ද්‍රව්‍යය දැඩි උෂ්ණත්වයට ලක් කළ ද විනාශ වන්නේ නැහැ.  එම නිසා කෙතරම් හොඳින් තද උෂ්ණත්වයේ කෑම සකසා ගත්තද ඇෆ්ලාටොක්සීන් විනාශ වන්නේ නැහැ. එබැවින් පුස් සහිත එම ආහාර අනුභව කිරීම හේතුවෙන් මෙම විෂ රසායනය සිරුරට ඇතුළු වෙනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කිරි බිත්තර මස්වල තිබෙන ඇෆ්ලාටොක්සීන් විස

එපමණක් ද නොවේ, මෙම විෂ රසායනය සත්ව ආහාරවල, විශේෂයෙන් පුන්නක්කු ආශ්‍රිතව පවතින්න පුළුවන්. එවන් ආහාර ලබා දෙන සතුන්ගේ සිරුරු ඇතුළට ගමන් කරන මෙම විෂ රසායනය එම සතුන්ගේ කිරි, බිත්තර, මස් මිනිසා විසින් පරිභෝජනය කරන විට ඔවුන්ගේ සිරුරු තුළට ද එමගින් ඇතුළු වෙනවා.  පාකිස්ථානයේ සතුන්ගෙන් ලබාගන්නා ඉහත ආහාර තුළ ඉතා වැඩි ප්‍රමාණයක් ඇල්ෆාටොක්සීන් අඩංගුව ඇති බව සොයාගෙන තිබෙනවා.

ඇෆ්ලාටොක්සීන් ආහාර මගින් සිරුරට ඇතුළුවී, අක්මාව හරහා ගමන් කරන විට අක්මාව විසින් එහි විස හරණය කොට Aflatoxin M නැමැති විස භාවය අඩු රසායන ද්‍රව්‍ය බවට පත් කරනවා. නමුත් , ඒ අතරතුර අක්මාවේ සෛල තුළ P53 නැමැති ජානය වෙනස් කරමින්, එමගින් පිළිකා සෛල ඇතිකිරීමට හැකියාව තිබෙනවා. බොහෝ විට මෙම රසායන ද්‍රව්‍යය ශරීරගත වන්නේ ආහාර මඟින් වුවත් පුස් සහිත ආහාර ද්‍රව්‍ය විකිණීමට සැකසීමේදී හෝ පරිහරණය කිරීමේදී වඩාත් විෂ සහිත Aflatoxin B රසායනය සම තුළින් ද සිරුරට ඇතුළු වීමේ හැකියාව තියෙනවා. එම රසායනය මගින් සිරුරේ ප්‍රතිශක්තිය අඩු කරන බව සොයාගෙන තිබෙනවා.

ධරුණුම පිළිකා කාරකයක්

විද්‍යාව මගින් නිසැකවම හඳුනාගෙන ඇති දරුණු පිළිකා කාරක අතරට ඇල්ෆාටොක්සීන් ද අයත් වනවා. ඇමරිකාවේ ආහාර සහ ඖෂධ පරිපාලන ආයතනයට (F.D.A) අනුව මිනිස් සිරුරට හානිකර නොවන අයුරින් යම් ආහාරයක අඩංගු විය හැකි උපරිම ඇල්ෆාටොක්සීන් ප්‍රමාණය දක්වා ඇත්තේ එම ආහාරයේ කොටස් බිලියන එකකට ඇෆ්ලාටොක්සීන් කොටස් 20 ත් 300 ත් අතර ප්‍රමාණයක් ලෙසයි. වැඩිහිටි පුද්ගලයන්ගේ මෙම රසායන ද්‍රව්‍යයේ දැරිය හැකි ප්‍රමාණය කුඩා දරුවන්ට වඩා තරමක් ඉහළයි. නමුත් අවදානම එලෙසින්ම පවතිනවා. කුඩා දරුවන්ට මෙම රසායන ද්‍රව්‍ය කිරි හෝ තෙල් හෝ බටර්, මාගරින්, චීස්, ධාන්‍ය වැනි ආහාර මගින් කුඩා අවධියේදීම ශරීරගත වුවහොත් ඔවුන්ගේ සිරුරේ වර්ධනය අඩාල වෙනවා.  එනම් සිරුරේ උස යාම අඩු  වෙනවා. ඔවුන්ගේ සංවර්ධනයේ පියවරයන් ද අඩාළ වෙනවා.   ඔවුන්ගේ අක්මාවට හානි සිදු වීම සහ අක්මාවේ පිළිකා ඇතිවීමේ ප්‍රවණතාව ද ඉහළ මට්ටමකට එනවා.

කිසිම සත්වයෙකු මෙම ඇල්ෆාටොක්සීන් සඳහා ප්‍රතිශක්තිය දරන්නෙ නෑ. එනම් ප්‍රතිශක්තිය මගින් මෙම රසායන ද්‍රව්‍යෙය්  බලපෑම ඉවත් කර ගැනීමේ හැකියාවක් නෑ. (ඩිප්තීරියාව, පිටගැස්ම වැනි රෝග ඇති කරන එවන් විස රසායන, ප්‍රතිශක්තිය මගින් විනාශ කර දැමීමේ හැකියාව සිරුරට තිබෙනවා. )

ඇෆ්ලාටොක්සීන් වැඩි මාත්‍රාවක් එකවර සිරුර තුළට ඇතුළු වුවහොත් එය ක්ෂණික විසවීමක් වීමේ හැකියාව තිබෙනවා. මෙය Acute aflatoxicosis ලෙසින් හඳුන්වනවා. එහිදී අක්මා සෛල ක්ෂණිකව මැරී යාමට ( Necrosis ) ලක්වන අතර සිරෝසිස් සහ අක්මා පිළිකා ඇතිවීමේ ප්‍රබල හැකියාවක් තිබෙනවා. වසර 2003 දී කෙන්යාවේදී එවන් විෂ වීමක් සිදුවී පුද්ගලයන් එකසිය විසි දෙනෙක් මිය ගිය බවට වාර්තා වෙනවා.

දිගු කාලයක් සුළු ප්‍රමාණය බැගින් මෙම රසායන ද්‍රව්‍ය සිරුරට ඇතුළු වීම තුළ අක්මාවේ සහ පිත්තාශයේ පිළිකා ඇතිවීමේ සම්භාවිතාව ඉතා ඉහළයි.

ඇෆ්ලාටොක්සීන් සහිත විස ආහාර ගැන ලෝකයේ හැසිරීම

ලෝකය තුළ වරින් වර මෙම රසායන ද්‍රව්‍ය අහිතකර ප්‍රමාණයකින් ආහාර තුළ අඩංගු බව සොයාගෙන ඒවා වෙළඳපළින් වහාම ඉවත් කිරීමට එම රජයන් කටයුතු යොදා තිබෙනවා.

2013 පෙබරවාරි මාර්තු මාසවල රුමේනියාව, සර්බියාව, ක්‍රොයේෂියාව යන රටවල පානයට ගන්නා ආනයනික කිරිවල මෙම රසායන ද්‍රව්‍ය අහිතකර මට්ටමින් තියෙන බවට සොයාගනු ලැබුවා.

වසර 2014 දී නේපාලයේ සහ බංගලාදේශයේ නව ජන්ම දරුවන්ගේ පෙකනි වැල තුළින් ලබාගන්නා ලද රුධිරයේ ඇෆ්ලාටොක්සින් අඩංගු බව සොයා සොයාගනු ලැබුවා.

2019 වසරේ දී කෙන්යාවේ වෙළඳ නාම පහකට අයත් බඩඉරිඟු වෙළඳපොළෙන් ඉවත් කරන ලද්දේ ද ඉතා අහිතකර ප්‍රමාණයක් ඒවා තුළ ඇෆ්ලාටොක්සීන් අඩංගු වීම නිසයි .

බේරෙන්නෙ කොහොම ද?

මෙම භයානක රසායනික ද්‍රව්‍ය සිරුර තුළට ඇතුළු වීම වළක්වා ගන්නේ කෙසේද යන්න දැන් බොහෝ දෙනාට ඇති ගැටලුවක්. ඇත්ත වශයෙන්ම අපි ආහාර ගැනීමේදී දැනට වඩා පරීක්ෂාකාරී වීම   මගින් යම් පමණකට හෝ ඇල්ෆාටොක්සීන් සිරුරට ඇතුළුවීම වළක්වා ගැනීමේ හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම මුඩු ගඳ සහිත තෙල් සහ පරණ වූ තෙල් සම්පූර්ණයෙන්ම භාවිතාවෙන් ඉවත් කළ යුතු වනවා. පොල් තෙල් සැකසීමේදී පුස් කන ලද කොප්පරා යොදාගන්නවාද යන්න නිරතුරුවම සොයා බැලීම සෞඛ්‍ය අංශ විසින්ද   සිදු කළ යුතු වනවා. සහල් පරිභෝජනය කිරීමේදී මද වශයෙන් හෝ පුස් බැඳී ඇති, නැතහොත් පුස් ගඳ සහිත සහල් භාවිතයෙන් ඉවත් කළ යුතු වනවා. කජු රටකජු වැනි ආහාර ගැනීමේදී යම් තරමින් හෝ පුස් තිබෙනවා නම් , අමිහිරි රහක් තිබේනම් ඒවා පරිභෝජනය කිරීමට සුදුසු වන්නේ නැහැ. පුස් බැඳී ඇති පාන් සහ බිස්කට් වර්ග, කිසිසේත්ම පුස් ඇති කොටස කඩා ඉවත් කර ඉතිරි හරිය පරිභෝජනය කිරීමට වත් සුදුසු නැහැ.

පොල් තෙල්වල විතරක් නෙවෙයි සූරියකාන්ත තෙල් ඇතුළු සියලුම පරිභෝජනයට ගන්නා තෙල්වල මෙම රසායන ද්‍රව්‍ය අඩංගු වී තිබීමේ හැකියාව තිබෙනවා. එබැවින් ඒවා භාවිතයේදී ද ප්‍රවේශම් සහගත විය යුතු වනවා. වර්තමානයේ අපේ රටට ආනයන කොට ඇති විස රසායන සහිත පොල් තෙල් වෙනුවට එළවළු තෙල් පාවිච්චි කිරීම විකල්පයක් වන්නේ නැහැ. පොල් තෙල්වල අඩංගු වන්නේ මැදි දුර දාම මේද අම්ල බැවින් එය සිරුරට අහිතකර වන්නේ නැහැ.

සත්ව ආහාර සඳහා ලබාදෙන ලබා දෙන ආහාර ද්‍රව්‍යවල මෙම රසායන ද්‍රව්‍ය අඩංගුව තිබේද යන්න නිරතුරුව පරීක්ෂා කිරීම අවශ්‍ය වනවා. නොඑසේ සේ නම් ඒවා ආහාර දාම ඔස්සේ මිනිස් සිරුරට ඇතුළත් වීමේ හැකියාව තිබෙනවා.

කුඩා දරුවන්ට මාස හයෙන් පසුව ආහාර ලබා දීමේදී එම ආහාරවලට තෙල් ස්වල්පයක් එකතු කිරීම අවශ්‍ය වනවා. නමුත් වර්තමානයේ තත්වය අනුව භාවිතා කරන එම තෙල් කොතරම් දුරට ආරක්ෂිත ද යන්න ගැටලුවක්. එම නිසා වඩාත්ම සුදුසු වන්නේ පිරිසුදු පොල්තෙල් ටිකක් හැකිනම් ගෙදරදි සිඳ ගැනීමයි..

කෙසේ නමුත් ආහාර පරිභෝජනයේදී මද වශයෙන් හෝ ඇල්ෆාටොක්සීන් සිරුරට ඇතුළු වීම වළක්වා ගැනීමට බොහෝ අපහසු බව පැහැදිලියි. නමුත් එම ප්‍රමාණයේ ඇති පිළිකාකාරක ගතිය අවම කිරීම සඳහා නිරතුරුවම කැරට්, පාස්ලි, සැල්දිරි සහ කොත්තමල්ලි ආහාරයට ගැනීමෙන් සිදුකළ හැකි බව සොයා ගෙන තිබෙනවා. ව්‍යංජන සැකසීමේදී අපේ රටේ අනාදිමත් කලක සිට තුනපහ යොදාගැනීමේදී කොත්තමල්ලි ඇතුළත්කොට තිබීමේ විද්‍යාත්මක පසුබිම මේ අනුව සනාථ වන බව කිව යුතු වෙනවා

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

එරික් පෙරේරා වෙන්නප්පුවෙන් මාරු කළේ ප්‍රසිද්ධියෙ කියන්න බැරි හේතු නිසා

Next Post

විෂ සහිත පොල්තෙල් ගෙන්වූ සමාගමකින් පැන්නූ පොල්තෙල් බවුසර් දෙකක් දංකොටුවෙන් අල්ලයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.