ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පොදුජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති නායකයෙකු පසුගිය කාලය තුළ විදේශ ගමන් වාර 16ක් පමණ සිදු කර ඇති අතර ඒ පිළිබඳව රජයේ අවධානය යොමුව ඇතැයි ආරංචිමාර්ග ‘ලංකාසර’ ට පැවසීය.
මේ වන විට වැඩ තහනමකට ලක්ව සිටින මෙම වෘත්තීය සමිති නායකයා 2015 සිට තායිලන්තය, ඉන්දුනීසියාව, චීනය, ඉන්දියාව, පිලිපීනය, වියට්නාමය, කාම්බෝජය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල වාර කිහිපයක්ම සංචාරය කර තිබේ.
ඔහු මෙම සංචාර ඔහුගේ පෞද්ගලික මුදල් යොදවා සිදු කළ පෞද්ගලික සංචාරද? එසේත් නැතිනම් කිසියම් වෘත්තීය සමිති කටයුත්තකට සම්බන්ධ වූ වෙනත් පාර්ශවයකින් අරමුදල් සැපයූ සංචාර ද? යන්න සම්බන්ධයෙන් රජය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් සිටියි