අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තුනෙන් දෙකේ බලය ගත්ත සිරිසේන සොයුරන්ගේ යහපාලන වැලි කෙළිය

by Lanka Sara Editor
පෙබරවාරි 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය යහපාලන රජයේ අවසන් කාලයේ පොළොන්නරුව මනම්පිටියෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා ප්‍රමුඛතාව මත ලබා දුන් වැලි තොගවලින් වැඩි කොටසක් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහෝදරයින්ට අයත් සමාගම් දෙකකට හිමිව ඇති බව ජාතික විගණන කාර්යාලයේ වාර්තාවක් උපුටා දක්වන සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි.

එම පුවත්පතේ ගවේෂණාත්මක වාර්තාකරණ කර්තෘවරිය වන නමිනි විජේදාස විසින් සකසන ලද වාර්තාවකට අනුව 2018 වසරේ මාර්තු මාසයේ සිට 2019 වසරේ මැයි මාසය දක්වා කාලය තුළ රජයට අයත් ජීඑස්එම්බී තාක්ෂණ සේවා සමාගම විසින් නිකුත් කරන ලද මනම්පිටියේ වැලි නිධියෙන් ලබා ගත් වැලි පොලොන්නරුවේ සංවර්ධන ක්‍රියාකාරකම්වලට ලබා දෙන ප්‍රමුඛතාව මත සමාගම් තුනකට ලබා දී ඇති අතර එයින් දෙකක් සිරිසේන ජනාධිපතිවරයාගේ සහෝදරයින්ගේ බව එම වාර්තා සඳහන් කරයි.

ජාතික විගණන කාර්යාලය විසින් සිදු කරන ලද විශේෂ විගණන වාර්තාවකට අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා විශේෂ ප්‍රමුඛතා යටතේ සමාගම් තුනකට වැලි කියුබ් 13124ක් ලබා දී ඇති අතර එයින් කියුබ් 10949ක් ම ලබා දී ඇත්තේ අරලිය එන්ජිනියරින් පෞද්ගලික සමාගමට සහ කේ.එම්.සී කන්ස්ට්‍රක්ෂන් පෞද්ගලික සමාගමට බව හෙළි වේ.

සෙසු සමාගම වන පොළොන්නරුව ඔරියන්ට් කන්ස්ට්‍රක්ෂන්ස් පෞද්ගලික සමාගම අඩුම කෝටාව වන කියුබ් 2675ක් හිමිව ඇත.පොළොන්නරුවේ ක්‍රියාත්මක වූ පිබිදෙමු පොළොන්නරුව සහ රජරට නවෝදය සංවර්ධන ව්‍යාපෘති සඳහා වන ඉදිකිරීම්වලට අවශ්‍ය වැලි පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළින්ම සපයා ගත යුතු බවට තීරණය කෙරී ඇති අතර පොළොන්නරුව දිසාපතිවරයාද අදාළ රාජ්‍ය සමාගමට උපදෙස් ලබා දී ඇත්තේ එම වැලි අවශ්‍යතාවන්ට ප්‍රමුඛතාව හිමිවිය යුතු බවය. ඒ අනුව මෙම සමාගම් තුනට ප්‍රමුඛතාව හිමිව ඇති බව සඳහන් වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ බාල සොහොයුරන් වන ඩඩ්ලි සිරිසේනට අයත් අරලිය සමාගම සහ කපිල ගාමිණී සිරිසේන ට අයත් කේඑම්සී සමාගම සාමාන්‍යෙයන් ඉහත කාලය තුළ දිනකට දිනකට වැලි කියුබ් 28ත් 29ත් අතර ප්‍රමාණයක් ලබා ගෙන ඇති බව මෙම විගණන වාර්තා හෙළි කරන බව සන්ාඩ් ටයිම්ස් පුවත් පත පවසයි. එ අනුව එම කාලය තුළ ඔවුන් ලබාගෙන ඇති වැලි ප්‍රතිශතය සියයට 83ක් පමණ වෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කුකුළන්ගෙන් මිනිසුන්ට වැළඳෙන කුරුළු උණක් ගැන පළමු සිදුවීම රුසියාවෙන් වාර්තා වෙයි

Next Post

කෙත කමත ගැන දරු පැටවුන්ට කියන්න හැදූ අපූරු වැඩසටහන…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.