බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තිස්ස කුට්ටිආරච්චිට කතානායක දැඩි සේ අවවාද කරයි… මම වල් නෑ.. අහන අයයි වල්… කුට්ටආරච්චි කියයි…

by editor
නොවැම්බර් 23, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දෙරණ –

අශෝභන වචන භාවිත කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ට මෙන් ම පිටස්තර පාර්ශවයන් ට අපහාස වන අන්දමින් සිදුකළ කථාවලින් වැළකී සිටින ලෙස පාර්ලිමේන්තු‍ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි ට කථානායකවරයා විසින් අද දැඩි ලෙස අවවාද  කළේය.

අද (23) උදෑසන 9.30ට පාර්ලිමේන්තුව ආරම්භ වීමත් සමග සභාව අමතමින් කථානායවරයා මේ බව පැවසීය.

පාර්ලිමේන්තු‍ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි   කාන්තාවන් ට අපහාස කරමින් පාර්ලිමේන්තු සභා ගර්භයේ දී සිදුකළ අශෝභන කථාව සම්බන්ධයෙන් තමාගේ කනගාටුව ප්‍රකාශ කරන බව ද  කථානායකවරයා මෙහිදී සඳහන් කළේය.

මෙවැනි තත්ත්වයන් ඉදිරියේ ඇතිවීම වළක්වා ගැනීම සඳහා දෙපාර්ශවයේ ම ප්‍රධාන සංවිධායකවරුන් විසින් තම පක්ෂයේ මන්ත්‍රීවරුන් දැනුවත් කරන ලෙස ද කථානායකවරයා දැනුම් දෙනු ලැබීය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මෙවැනි තත්ත්වයන් මින් ඉදිරියටත් පාර්ලිමේන්තුව තුළ සිදුකරනු ලබන්නේ නම්, ස්ථාවර නියෝග අනුව දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බව ද කථානායකවරයා මෙහිදී පැවසීය.

“තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රිතුමා විසින් විශේෂයෙන්ම කාන්තා පාර්ශවයට අපහස කරමින් මෙම උත්තරීතර සභාගර්භයේ දී කරන ලද එම අශෝභන කථාව පිළිබඳව මාගේ කනගාටුව ප්‍රකාශ කරන අතර, මෙවැනි අයෝග්‍ය, අශෝභන වචන භාවිත කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙන්ම පිටස්තර පාර්ශවයන්ට අපහාස කරමින් කරන ලද කථාවලින් වැළකී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතාට දැඩි ලෙස අවවාද කරමි.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි විසින් 2021.11.20 වනදින දී සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රිනි  රෝහිණී කුමාරි විජේරත්න හා පිටස්තර තවත් කාන්තාවකට අපහාස වන අයුරින් යම් ප්‍රකාශයක් සිදුකර තිබුණි.

ඒ සම්බන්ධයෙන් රෝහිණී කුමාරි මන්ත්‍රිනිය විසින් ඊයේ (22) වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළාය.

එහිදී තිස්ස කුට්ටිආරච්චි  සිදුකළ ප්‍රකාශයට  එරෙහිව පරීක්ෂණයක් සිදුකරන ලෙසත් කථානායකවරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබුණි.

එම ඉල්ලීම අනුව අද දිනයේ දී කථානායකවරයා විසින් මෙම අදහස් පළ කර සිටියේය.

පසුව තිස්ස කුට්ටිආරච්චි ට ද මේ පිළිබඳව අදහස් දැක්වීමට කථානායකවරයා විසින් අවස්ථාව ලබාදුන්නේය.

එහිදී අදහස් දැක්වු තිස්ස කුට්ටිආරච්චි  මෙසේ කීවේය.

“සමාවෙන්න කථානායකතුමනි, අයවැය විවාදයේ දී කරපු කථාව සම්බන්ධව විපක්ෂයේ මාතලේ දිස්ත්‍රික්කයේ මන්ත්‍රි තුමිය මට තේරෙන්නේ නෑ. මම කියපු අසභ්‍ය වචනය මට කියන්න.

කථානායකතුමනි, මම වල් නෑ. අහපු මිනිස්සු වල් වුණාට මට කරන්න දෙයක් නෑ. මම කිව්වේ යහපත් සිතින්. මම බටු ගැන කිව්වහම කොහොම ද  කාන්තාවන්ට අපහසු වෙන්නේ. එහෙම අසාධාරණයක් මට කරන්න එපා. මම සමාව ගන්නවා ජාතියෙන් ම මට පැහිදිලිව කියන්න කාන්තාවන් ට අපහසුතාවයට පත්වෙන විදියට මම කියපු පරුෂ වචනය මොකද්ද කියලා.”

මෙහිදී කාන්තා සංසඳයේ සභාපතිනි, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ  අදහස් දක්වමින් සඳහන් කර සිටියේ, සභාවේ උත්තරීතරත්වය ආරක්ෂා වන ලෙස සියලුදෙනා හැසිරිය යුතු බවය.

“මේ සභාගර්භයේ ඉන්නවා මන්ත්‍රීවරු 225ක්. ඒ 225ට අදාළ කරුණු කාරණා මිසක් මින් පරිභාහිරව ඉන්න කාන්තා සහ පුරුෂයින්ගේ නම් මේ සභාවට ගේන්න එපා කියලා මම ගෞරවයෙන් ඉල්ලනවා. සභාවේ උත්තරීත්වය රැකෙන්නේ 225 දෙනාගේ හැසිරීම අනුව. දරුවෝ බලාගෙන ඉන්නවා. කාන්තා මන්ත්‍රීවරු ඉන්නේ 12යි. පක්ෂ හෝ විපක්ෂ මන්ත්‍රීවරියන්ට අසභ්‍ය හෝ වක්‍ර ප්‍රකාශ ඇත්නම් ඒවා හෙළා දකිනවා ඒවට විරුද්ධව කටයුතු කරන්න.”

මේ පිළිබඳ අදහස් දැක්වු නලීන් බණ්ඩාර  මෙසේ කීවේය.

“මේ වචන තුන දැන් ආයම කියන්නේ නෑ. අපිට කැතයි. ලැජ්ජයි. හිරිකිතයි. ඒ වචන තුන ඕන වචනයක යට අර්ථයක් ඇතුව කතා කරන්න පුළුවන්. එදා මෙයා චැලේන්ජ් කළා එහෙම ඔප්පු  කලොත් මන්ත්‍රීකමින් අයින් වෙනවා කියලා. දැන් තමුන්නාන්සේ මේ සභාවට නිගරු කරන්නේ නැතිව යන්න ගෙදර… යන්න ගෙදර…”

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමරිකන් ඩොලර් 20000ක් සඟවාගෙන ඩුබායි යන්න ගිය ව්‍යාපාරිකයෙක් රේගුව කොටු කරගනී….

Next Post

නිල නිවේදනය නිකුත් වේ… පළිබෝධ නාශක රෙජිස්ටාර් වහාම ක්‍රියාත්මකවන පරිදි තනතුරින් පහ කරයි…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.