ත්‍රී කුණාමලය – සමන් මල්ලවආරච්චි –
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විසින් පොලිසියේ නිසි අවසරයකින් තොරව තිලීපන් අනුස්මරණ පෙළපාළිය සිංහල ජනතාව වැඩි වශයෙන් වෙසෙන ප්‍රදේශයකට ගෙන යෑම ඉතාම අනවශ්‍ය ක්‍රියාවක් බවත් එය ජාතීන් අතර සමගිය විනාශ කරන ක්‍රියාවක් බවත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දීල් තොණ්ඩමාන් පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුකාරවරයෙකු ලෙස රටේ සහජීවනය ආරක්ෂා කිරීමේ වගකීමක් තමා සතු වන බවය.
අද (19) ත්‍රී කුණාමලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ආණ්ඩුකාරවරයා පැවසුවේ මේ වන විට රටේ පවතින ආර්ථික අර්බුදය තුළ ජනතා නියෝජිතයෙක් ලෙස ඉතාමත් කල්පනාකාරීව කටයුතු කිරීමේ වගකීමක් සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුම සතු බවය.
ජනතා නියෝජිතයන් නොසැලකිලිමත් වීමෙන් රටේ සංහිඳියාව කඩාකප්පල් වන බවත්, එය රටේ නීතිය හා සාමයට තදින් බලපාන බවත් ප්‍රකාශ ඔහු පෙන්වා දෙයි.
මින් ඉදිරියට රටේ ජාතීන් අතර සහජීවනයට බාධා වන ආකාරයේ කිසිදු ක්‍රියාවක් සිදු නොවීමට පියවර ගන්නා ලෙස ආණ්ඩුකාරවරයා විසින් පොලිසියට ද උපදෙස් දුන්නේය.