තිරිඟු පිටි සඳහ මෙතෙක් ලබා දුන් තීරු බදු සහනය අප්‍රේල් 29 වැනිදා සිට ඉවත් කරගැනීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව තිරිගු පිටි කිලෝ ග්‍රෑමයක ආනයන බද්ද රුපියල් දහතුනකින් ඉහළ යනු ඇතැයි ද ඒ අනුව පිටිවල තොග මිල ඉහළ යනු ඇතැයි අත්‍යාවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ උපදේශක පි එම් අබේසේකර පවසයි.
පසුගිය අප්‍රේල් 29 දින මුදල් , ආර්ථික ස්ථායිකරන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ නියෝජ්‍ය භාණ්ඩාගර ලේකම් ඩබිලිව් ඒ සරත් කුමාර නිකුත් කළ චක්‍රලේඛණයට අනුව පිටි කිලෝග්‍රෑමයක තොග මිල මෙසේ වෙනස් විය හැකි බව වාර්තා වේ.
මෙතෙක් පිටි කිලෝග්‍රමයක තොග මිල රුපියල් 195 පමණ අගයක පැවතිණි.
එහෙත් තිරිගු ඇට ආනයනය කර පිටි බවට පත් කිරිමේදි මෙම නව තිරුබදු ඊට යටත් නොවන අතර පිටිකර ආනයනය කරනු ලබන තිරිගු පිටි සදහා මෙම තිරුබදු ඉහළ දැමීම සිදුවනු ඇත.








