දිනසේන රතුගමගේ –
කිළිනොච්චිය මාන්කුලම් පනිච්චකුලම් ප්රදේශයේදී පසුගිය 25 දා සිදු වූ සුඛෝපභෝගී බස් රථ හා ලොරි අනතුරෙන් බරපතල ලෙස තුවාල ලබා සිටි අයෙකු ඊයේ 29 දා මියගොස් තිබේ.
මොහු මියගොස් ඇත්තේ කිළිනොච්චිය රෝහලේ ප්රතිකාර ලබමින් සිටින අතරවාරයේදීය.
එම අනතුරෙන් සිද්ධිය වූ ස්ථානයේදීම තුන් දෙනෙකු මියගොස් හතර දෙනෙකු තුවාල ලබා තිබුණි.
යාපනයේ සිට කොළඹ බලා ගමන් කරන ලද සුඛෝපභෝගී බස් රථයක් කාර්මික දෝෂයකට ලක් වීම නිසා එම බස් රථය මාර්ගය අයිනේ අලුත් වැඩියා කරමින් සිටියදී පිටුපසින් පැමිණි ලොරියක් බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදු වුණි.
බස් රථය හා ලොරිය එකිනෙක ගැටීමත් සමගම ලොරියට යටවීමෙන් හා වාහන දෙක මැදට හසු වීමෙන් බස් රථය අලුත් වැඩියා කරමින් සිටි පිරිසෙන් තුන් දෙනෙකු එතැනම මිය ගිය අතර තවත් හතර දෙනෙකු බරපතල තුවාල ලැබීය.
මියගිය පුද්ගලයාගේ මළ සිරුර පරීක්ෂණ කටයුතු වලින් පසුව ඔහුගේ ඥාතීන් වෙත බාර දී තිබේ.