- ඉදිරියේදී ඉන්ධන මිලදී ගැනීමට විදුලිබල මණ්ඩලයට බැරි වේවි…
- ඒත් හෙට විදුලි කප්පාදුව අඩුයි…
ඩොලරයේ අගය රුපියල් 300 දක්වා මිල වැඩි වී ඇතිවිට ඩීසල් මගින් ජනනය කරන විදුලි ඒකකයක් සඳහා රුපියල් 40කට වඩා අමතර පිරිවැයක් දැරීමට සිදුවී ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක කියයි.
මේ තත්ත්වයත් ලෝක වෙළෙඳපලේ බොරතෙල් බැරලයක සිදුවන මිල උච්ඡාවචනයත් හේතුවෙන් විදුලිබල මණ්ඩලයට ලැබෙන ආදායමෙන් තෙල් ලබා ගැනීමේ ප්රශ්නයක් ඇති වී තිබෙන ආකාරය ඔහු පෙන්වා දෙයි.
කෙසේ වෙතත් හෙට විදුලි කප්පාදුව සිදු කරන්නේ එක් කලාපයක් සඳහා පැය තුන හමාරක් සහ අනෙක් කලාපය සඳහා පැය දෙකක් බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
ඒ අනුව A සිට L දක්වා කාණ්ඩවලට උදේ 8.30 ත් පස්වරු 5.30.ත් අතර පැය දෙකයි මිනිත්තු පහළොවක් සහ පස්වරු 5.15 සිට රාත්රී 10.30 දක්වා පැයකුත් මිනිත්තු පහළොවක් ලෙස පැය 3.30ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇත.
P සිට W දක්වා කාණ්ඩයේ පස්වරු 5 සිට රාත්රී 11 දක්වා පැය දෙකක විදුලි කප්පාදුවක් වනු ඇත.







