බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තාක්ෂණ- පර්යේෂණ සේවා එක වහළක් යටට

by Lanka Sara Editor
සැප්තැම්බර් 30, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

තාක්ෂණ, පර්යේෂණ හා නවෝත්පාදන සම්බන්ධ සේවාවන් ජනතාවට සමීප කරවීමට මෙන්ම එම ක්ෂ්‍රේත්‍රයට අදාලව ජනතා ගැටඵ නිරාකරණය හා තාක්ෂණික මාර්ගෝපදේශ කඩිනමින් සැපයීම අරමුණු කරගත් සම්බන්ධීකරණ ඒකකයක් පිහිටුවීමට නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යය සැලසුම් කරයි.

විෂය භාර රාජ්‍ය අමාත්‍යවරිය වන වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මියගේ සංකල්පයක් අනුව සැලසුම් වන මෙම නව ඒකකය මඟින් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන පර්යේෂණ හා සංවර්ධන ආයතනවලින් විවිධ වූ සේවාවන් ලබා ගැනීමට පැමිණෙන සේවාලාභියෙකුට එක වහලක් යටදී කාර්යක්ෂම හා සුහදශීලී සේවාවක් මෙන්ම මගපෙන්වීමක් ඉතා ඉක්මනින් ලබාදීම අපේක්ෂා කෙරේ. සෙත්සිරිපාය දෙවන අදියරේ 6 වන මහලේ ඇති අමාත්‍යාංශ පරිශ්‍රයේ දි ඔක්තෝබර් 5 වැනිදා මෙම ඒකකය ආරම්භ කිරිමට නියමිතය.

තාක්ෂණය පදනම් කරගත් සමාජයක් බිහිකිරිම තුළින්, පර්යේෂණ හා නවෝත්පාදන හරහා එහි ප්‍රතිලාභ ආර්ථිකයට දායක කර ගැනීමට සාමූහිකව කටයුතු කළ හැකි ස්ථානයක් මේ හරහා නිර්මාණය වේ.

පර්යේෂණ හා නව නිපැයුම් සඳහා තාක්ෂණික සහය හා මගපෙන්වීම ලබා දීම, එම නිර්මාණ වාණිජකරණයට පහසුකම් සලසා දීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය නිර්මාණය, ව්‍යාපාර සංවර්ධනය, තාක්ෂණික පැවරුම් සිදුකිරීම, නිර්මාණ වාණිජකරණය තුළින් විවිධ පරිමාණයේ කර්මාන්ත ඇතිකිරීමේ දී අවශ්‍ය මූල්‍ය පහසුකම් සලසා ගැනීමට මැදිහත් වීම ආදී සේවාවන් සැපයීමෙන් සේවාලාභීන්ට සහය වීම මෙහි දී සිදු කෙරේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මෙම ඒකකය ආරම්භ කිරීමෙන් පසු සෑම සතියකම සදුදා දිනයේ අදාල ආයතන වල වගකිවයුතු නියෝජිතයින් මෙහිදි සම්බන්ධිකරණ කාර්යය සදහා යොමු කෙරෙන අතර එම නියෝජිතයින් සේවාලාභියාගේ ගැටඵව නිරාකරණයට වගකීමෙන් බැදී සිටී.

අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය, ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය, ජාතික විද්‍යා පදනම, ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිසම, ජාතික පර්යේෂණ සභාව, ජාතික මූලික අධ්‍යයන ආයතනය, විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයය, සිත්‍රා – සමාජ නවෝත්පාදන පර්යේෂණාගාරය මෙන්ම දිවයින පුරා ස්ථාපිත කර ඇති විදාතා සම්පත් මධ්‍යස්ථාන ජාලය සහ ලෝක බුද්ධිමය දේපල සංවිධානය ආදී ආයතන සම්බන්ධීකරණයෙන් නවෝත්පාදන හා පර්යේෂණ විෂයයට අදාල පහසුකම් සැලසීමේ කාර්යය මෙම ආයතනය තුළ දී සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

නව නිර්මාණකරුවන්, නව ව්‍යවසායකයන් තම අරමුණු සංවර්ධනය කිරීමේදී පසු කරන විවිධ අදියරයන් ට අනුව සේවාවක් හෝ මග පෙන්වීමක් අපේක්ෂාවෙන් වරින් වර එක් එක් ආයතන වලට යාමට ගතවන කාලය අවම කිරීම, විවිධ අවස්ථාවල පීඩාවට පත් වීම අවම කිරීම මෙන්ම බලාපොරොත්තු බිඳ වැටීමකින් තොරව සුබවාදී බලාපොරොත්තු ඇති කරවමින් මෙම ‍ව්‍යුහය ඉදිරියේ දී ක්‍රියාත්මක වන බව රාජ්‍ය අමාත්‍යවරිය අවධාරණය කළාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹින් ඉස්සූ වාහනයක් යාපනේ දී විකුණන් ගිහින් කොටු වේ…

Next Post

අවුරුදු 16ක්  දුක් විඳ සුනාමියෙන් නැතිවුණු දරුවා සොයා ගත් අම්මා.

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.