ත්‍රීකුණාමලය ආශ්‍රිත මුහුදේ සුළු භූ චලනයක් සිදුව තිබේ. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පැවසුවේ, අද පස්වරු 4.06 ට පමණ එම මැග්නිටියුට් 3.9 ක් පමණ වූ භූ කම්පනය සිදුවී ඇති බවය.
භූකම්පනය සිදුව ඇත්තේ ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 60 ක දුරකින් පිහිටි සාගර කලාපයේ ය. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ පල්ලෙකැලේ, හක්මන හා මහකනදරාව යන භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානවල එම භූ චලනය සටහන් වී තිබේ.
නිව්ස් ෆස්ට් සඳහන් කළේ, ත්‍රිකුණාමලය, තෝපූර් ඇතුළු ප්‍රදේශවල ජනතාවට භූකම්පනය දැනී ඇති බවයි.
.







