මනම්පිටිය නිමල් ජයරත්න –
වැලිකන්ද මහවැලිතැන්න සිංහපුර ප්‍රදේශයේ ගෙවත්තක වගාව රැක ගැනීම සඳහා අනවසරයෙන් ඇද තිබූ විදුලි කම්බි රැහැනක දැවටී අවුරුදු තිස්පහක පමණ වයසති වන අලියෙකු අද ( 04 ) මියගොස් ඇති බව වැලිකන්ද අඩවි ආරක්ෂක කාර්යාලය සඳහන් කරයි.
මෙම සිද්ධියට සම්බන්ධ සැකපිට ගෙවත්තේ හිමිකාරිය වන අවුරුදු හැට එකක් වයසති තිදරු මවක අත්අඩංගුවට ගෙන පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට අද සවස ඉදිරිපත් කළ බව වැලිකන්ද අඩවි ආරක්ෂක ඩබ්ලිව්.එම්. සී. ඒ. වනසිංහ අප කළ විමසීමකදී පැවසීය.
ගෙවත්තේ වී වගාව රැකගැනීම සඳහා අනවසරෙන් විදුලි කම්බි ඇද දැමීමෙන් අනතුරුව ඔවුන් කුඹුරේ වී වගාව රැකගැනීම සඳහා ගොස් සිටියදී වන අලියා විදුලි රැහැනේ වැදි මියගොස් ඇත.
වනජීවී දෙපාර්තමේන්තුවේ ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය සමීර කලිගුආරච්චි ඇතුළු වනජීවි නිලධාරීන් පිරිසක් වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීම 04 වෙනිදා සවස සිදු නියමිතව තිබිණි.







