දිනසේන රතුගමගේ
තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ තමිල්නාඩුව වෙත බෝටුවකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි විසිපහක් පමණ වටිනා රත්තරන් කිලෝ ග්‍රෑම් 10 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් හතර දෙනෙකු ඉන්දීය මධ්‍යම බුද්ධි අංශ නිලධාරීන් විසින් 31 දා අත් අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇති හතර දෙනාගෙන් එක් අයෙකු උතුරේ පදිංචිකරුවකු වන අතර අනෙක් තුන් දෙනා ඉන්දීය ජාතිකයෝ වෙති.
උතුරේ ධීවරයෙකුට අයත් බෝට්ටුවකින් තමිල්නාඩුව වෙත මෙම රත්තරන් තොගය රැගෙන යාමෙන් පසුව ඒවා වෙනත් ප්‍රදේශයකට ප්‍රවාහනය කිරීම සදහා මුහුදු සීමාවට පැමිණි ඉන්දීය බෝට්ටුවක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දීය රේගු දෙපාර්තමේන්තුව සහ මධ්‍යම ආදායම් බුද්ධි දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.







