ශ්‍රියානි විජේසිංහ –
මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ බාහිර රෝගි අංශයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි තරුණියකට ලිංගික හිංසන සිදුකළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරික්ෂණයක් සිදුකර වහාම නීතිය ක්‍රියාත්මක කර දැඩි ක්‍රියාමාර්ග ගන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී.
මිගමුව දිස්ත්‍රික් මහ රෝහලේ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර සඳහා පැමිණි මෙම තරුණියව පරික්ෂා කළ වෛද්‍යවරයා ඇයව ලිංගික හිංසනයට ලක් කළ බව පවසමින් පොලිසියට පැමිණි කර ඇතැයි සංගමය පවසා සිටියි.
කෙසේ නමුත් මෙම වෛද්‍යවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් විනය විරෝධීව හැසිරීම හේතුවෙන් සංගමයේ සාමාජිකත්වයෙන් වසර කීපයකට පෙර නෙරපා දමා ඇති බව සංගමයේ මාධ්‍ය ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කරයි.
සෞඛ්‍ය සේවාව තුළ පමණක් නොව සමස්ථ සමාජ තුළම කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු විය යුතු බව සංගමය තරයේ විශ්වාස කරන බවත් ඒ වෙනුවෙන් වඩාත් ශක්තිමත් ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙලක් ඉදිරියේදී ස්ථාපිත කිරීම වෙනුවෙන් අවශ්‍ය නායකත්වය ලබා දිමට සංගමය සුදානම් බවත් එම සංගමය අවධාරනය කරයි.







