අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තරිඳුට ගහපු ගැහිල්ල පුබුදු ජයගොඩ රටට කියයි!

පුලුවන් දෙයක් කරපන්. තොට ගහනවා... පොලිසියෙන් අයි.ආර්.සී පන්නයේ අභියෝගයක්!

by editor
ජූලි 28, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අතිශය අනීතික ලෙස මාධ්‍යවේදී  තරිඳු උඩුවරගෙදර අත් අඩංගුවට ගත් අවස්ථාවේ දී ඔහුට  බරපතල ලෙස පහර දී තිබුණු ආකාරය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම්  පුබුදු ජයගොඩ අද මාධ්‍ය හමුවේ හෙළි දරව් කළේය.

පොලිස් අත්අඩංගුවේ පසුවන  තරිඳු උඩුවරගෙදර මේ පහර කෑමට ලක් වන්නේ කොළඹ පැවති උද්ඝෝෂණයක් ආවරණය කිරීමට පැමිණ සිය රාජකාරි කරමින් සිටින අතරතුරේදී බව පවසන පුබුදු ජයගොඩ ඔහුට සිදුකළ පහරදීම් නිසා ඔහුගේ යටි තොල පැලී, වම් ඇස ගාව නිල් වී ඉදිමී තිබූ බව කීවේය.

දැඩි අපහසුතාවයකින් සිටි තරිඳු පොලිසියේ පිරිස් පහර දීමේදී ඔහුගේ ලිංගේන්ද්‍රිය ප්‍රදේශයට බරපතල ලෙස පහර දුන් බව ප්‍රකාශ කළ බවද පුබුදු ජයගොඩ කීවේය.

පුබුදු මාධ්‍ය අමතා මෙසේත් පැවසීය.

“ ඔහුට ජීප් රථය ඇතුළෙදි පහර දීලා තියනවා. ඔහු නිශ්ඡිතව කිව්වා රණසිංහ නැමැති පොලිස් නිලධාරියා ඔහුට පහර දුන්නා කියලා.”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ඊට අමතරව 306648 අංකය සහිත නිලධාරියා ඔහුට අසභ්‍ය වචනයෙන් බැන වදිමින් පහර දීලා තියනවා. ඔහුගේ යටි තොල පැලිලා. දකුණු ඇහැ අසල ඉදිමිලා නිල්පාට වෙලා තියනවා. ඊට අමතරව ඔහුගේ ලිංගික ඉන්ද්‍රියන්ට බරපතල ලෙස පහර දීලා තියන බව ඔහු ප්‍රකාශ කළා.”

“මේ විදිහට කරන්න බෑ  පොලිසියට. ඔවුන් අපට කියනවා නීති කඩනවා කියලා. ඔවුන් නීතිය අතට අරන් තිරශ්චීන විදිහට නිති කඩනවා. පොලිසිය නීතිය දන්නෙ නෑ,

“අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට කොහොමද පොලිසිය ජීප් එක ඇතුළෙදි ගහන්නෙ. එහෙම කරන්න බෑ, ගහනකොට කියලා තියෙන්නේ උඹ ඕන තැනකට පලයන්. අපි උඹට ගහනවා කියලා. එහෙම කියලා  තමයි ගහලා තියෙන්නේ. “

“ තරිඳුව අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කරන්න කියලා අපි නීතිඥයන් හරහා පොලිසියට දැනුම් දුන්නා. ඔහු අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කරනවා.”

“තරිඳුට එරෙහිව කිසිම චෝදනාවක් නෑ, ඔහු උද්ඝෝෂණ සංවිධානය කළා කියලා ඔහුට චෝදනා කරන්න ද?. ඒකත් චෝදනාවක් නෙමෙයි. එහෙම චෝදනාවක්වත් ඔහුට කරන්න බෑ.  ඔහු මාධ්‍යවේදියෙක් විදහට මේ උද්ඝෝෂණ රූගත කරමින් හිටියේ. “

“ ඔහුව හෙට අලුත්කඩේ අංක දෙක දරන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනවා කියලා පොලිසියේ ඕඅයිසී මහත්තයා කිව්වා. මොකක්ද ඔහුට විරුද්ධව එල්ල කරන්න යන චෝදනාව කියලා අපි දන්නේ නෑ.”

“උද්ඝෝෂණයක් තිබුණා කොළඹ. ඒ උද්ඝෝෂණය වාර්තා කිරිම ද වරද.  ඒ උද්ඝෝෂණයේ සජීවී දර්ශන සමාජ මධ්‍ය ඔස්සේ ලබා දීමද ඔහුට එරෙහිව තියන අපරාධය.  මේ පොලිසියේ හැසිරීම ඉතාම බරපතල ප්‍රශ්නයක්.”

පුබුදු ජයගොඩ කීවේය. ඔහු කළ සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමෙරිකාව හා ඕස්ට්‍රේලියාව ඉන්දු පැසිෆික් කලාපය සමඟ තවදුරටත් සහයෝගයෙන් !

Next Post

වහාම ක්‍රියාත්මකවන පරිදි පොලිසියේ නව පත්කිරීම් 08ක්… ස්ථාන මාරු 04ක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.