බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තරග පාවාදීමේ චෝදනාව – සචිත්‍ර සේනානයකට අධි චෝදනා භාර දෙයි!

සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හරී.

by editor
සැප්තැම්බර් 25, 2025
in පුවත්
Sachitra

සචිත්‍ර සේනානයක

Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර – 

මෙරට ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුවන සචිත්‍ර සේනානායකට  එරෙහිව ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ  තරග පාවාදීමේ චෝදනා මත නීතිපති වරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ අධිචෝදනාව සැකකරු වෙත බාරදීම හම්බන්තොට මහාධිකරණ විනිසුරු ඩී.පී මුදුන්කොටුව මහතා ඉදිරියේ අද (25) හම්බන්තොට මහාධිකරණයේ දී  සිදුකෙරුණි.

සැකකරුට අධිචෝදනා බාර දීමෙන් අනතුරුව සැකකරුගේ ඇඟිලි සළකුණු ලබා ගන්නා ලෙසත් නියම කළ අතර, සැකකරු රුපියල් ලක්ෂ දෙක බැගින් වු ශරීර ඇප දෙකක් මත නිදහස් කරන ලෙස මහාධිකරණ විනිසුරු වරයා නියම කළේය. ශරීර ඇප සැකකරුගේ ලගම ඥාතීන් දෙදෙනෙකු විය යුතු බවටද නියම කෙරුණි.

2020 වසරේ නොවැම්බර් මස 21 සහ  22 වනදා අතර කාලසීමාව තුළදී මුරුසී දිවයිනේදී හා හම්බන්තොටදී පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රතිඵලයට බලපෑමක් ඇති කළ හැකි අයුරින් එම තරගාවලියට සහභාගි වූ කලම්බු කින්ග්ස් කණ්ඩායම සඳහා තෝරාගෙන තිබූ තරිඳු රත්නායකට තරග පාවාදීම සඳහා වෙනත් පාර්ශවයක් විසින් ඉදිරිපත් කළ යෝජනාවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයට දැනුම් නොදෙන ලෙස ඔහුගෙන් අයැද සිටීම, ඔහුව පෙළඹවීම සහ ඊට අවශ්‍ය අදාළ උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ සචිත්‍ර සේනානායකට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා එල්ල කර තිබේ.

ඊට අමතරව මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති “සායිඩි” නමැති අයෙකු තරිඳු රත්නායක නමැති ක්‍රීඩකයා අමතමින්” already spoke to the management. You will get games, and you have to give something for them too ok” යනුවෙන් කළ දැනුම්දීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය වෙත පැමිණිලි කිරීම වැළැක්වීමට කටයුතු කර තිබෙන බවට  සචිත්‍ර සේනානායකට එරෙහිව  එල්ලකර ඇති අධි චෝදනාවේ සඳහන් වේ.

ඒ අනුව 2019 අංක 24 දරණ ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතේ 5 (ඇ) වගන්තිය උල්ලංඝණය  කිරීමෙන් “ක්‍රීඩාවල දූෂණය“ යන වරද සිදුකළ බැවින් එකී පනතේ 09 වන වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බවට අධිචෝදනාවේ දක්වා තිබේ.

RelatedPosts

NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ ඒකකයට ලැබුණු පැමිණිල්ලකට අනුව එම ඒකකයේ උපදෙස් මත මෙරට ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ විමර්ශන අංශය විසින් සචිත්‍ර සේනානායක අත්අඩංගුවට ගෙන කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැවති මුලික නඩු විභාගයේදී එම සිද්ධියට අදාළව ලැබුණු වෝහාරික සාක්ෂි සහ අනෙකුත් සාක්ෂි අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධනගේ මෙහෙයවීම යටතේ සචිත්‍ර සේනානායකට  එරෙහිව හම්බන්තොට මහාධිකරණය හමුවේ මෙම අධිචෝදනා ගොනු කිරිම සිදුකර තිබුණි.

ඒ අනුව සැකකාර ක්‍රිඩක සචිත්‍ර සේනානායක අධිකරණය හමුවේ පෙනි සිටි අතර එහිදි ඔහු වෙනුවෙන් නීතීඥ අජිත් පතිරණ  ඇතුළු නිතීඥ මණ්ඩලයක් අධිකරණය හමුවේ පෙනී සිටි කරුණු ඉදිරිපත් කළ අතර, නිතිපති වරයා වෙනුවෙන් රජයේ අධිනීතීඥ අකිලා දල්පදාදු  ය අධිකරණයේ පෙනි සිටියේය.

නඩු විභාගය යලිත් 2025-11-27 දින කැදවිමට නියමිතය.

ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ මෙරට ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එරෙහිව තරග පාවාදීමේ චෝදනා යටතේ අධිකරණය හමුවේ ඉතිහාසයේ නඩු පැවරුණු ප්‍රථම අවස්ථාවද මෙය වීම විශේෂත්වයකි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නා උයන ඛේදවාචකය – අපවත් වී වදාල විදේස් ජාතික හිමිවරුන් තුන් නමගේ ආදාහන පූජෝත්සවයත් රට තුළම පැවැත්වීමට සැලසුම් කරයි!

Next Post

පැටියා සමග සිටි හොඬය තුවාල වු කෙනෙරකට වනජීවී නිලධාරීන් ප්‍රතිකාර කරයි…

Related Posts

පුවත්

NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!

ජූලි 22, 2026
Ravindra-Wijegunawardhana
පුවත්

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

ජූලි 22, 2026
පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!

ජූලි 22, 2026
Ravindra-Wijegunawardhana

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

ජූලි 22, 2026

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!
  • තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!
  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.