අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තමිල්නාඩු මිත්‍රවරුනි… මා සාමාන්‍ය මිනිසෙක් සේ හිතන ශ්‍රී ලාංකික ද්‍රවිඩයෙක්…

මුරලි තමිල්නාඩු විරෝධතා කරුවන්ට පිළිතුරු දෙයි...

by editor
ඔක්තෝබර් 18, 2020
in පුවත්
Muththayiya-Muralidharan
Share on FacebookShare on Twitter

මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව රැගත් මුරලි ‘800’ චිත්‍රපටයට එරෙහිව විරෝධතාවය දක්වන තමිල්නාඩු වැසියන්ට මුරලි ඊයේ (17) කදිම පිළිතුරක් දුන්නේය.

මුරලිගේ චරිතය රූපණය කරන්නේ විජේ සේතුපතිය. මේ වනවිට තමිල්නාඩු වැසියන්ගෙන් බරපතලම විරෝධය මතුවී තිබෙන්නේ ඔහුට ය. ඔවුන් කියා තිබුණෙ  එල්.ටී.ටී. ඊ යුද්ධය අවසන් වු දවස  තම ජීවිතයේ සතුටුම දවස බවට පැවසු මුත්තයියා මුරලිදරන්ගේ  චරිතය රඟ දැක්වීමට විජේ ලජ්ජා විය යුතු බවය.

විවේචන හමුවේ සිය මතය නොවෙනස්ව ඉදිරිපත් කරන මුරලි    චිත්‍රපටය සමග පැන නැගී ඇති මතභේදය සම්බන්ධව තමා අදහස් බෙදා ගැනීමට කැමැති බව දක්වා තමිල්නාඩුවේ විරෝධතා කරුවන්ට මෙසේ දන්වා තිබුණේය.

2019 වසරේදී මා පැවසුවා මගේ ජීවිතයේ ප්‍රීතිමත්ම වසර 2009 බව. නමුත් මිනිසුන් කියන්නේ දෙමළ ජාතිකයන් ඝාතනය කළ වර්ෂය මගේ ජීවිතයේ ප්‍රීතිමත්ම වසර බවයි. ඒක වැරදි වැටහීමක්.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සාමාන්‍ය මිනිසෙකුගේ දෘෂ්ටි කෝණයෙන් සිතන්න. මම හැදී වැඩුණේ යුද සමයේදී. ඒ කාලයේදී ඊළඟට කුමක් සිදුවේදැයි අපි දන්නෙ නෑ. පාසලේ මාගේ ක්‍රීඩා සහයකා ඊළඟ දවසේ සෙල්ලම් කිරීමට එයිද දන්නෙ නෑ. එවැනි තත්ත්වයක් යටතේ තිබුණ යුද්ධයක් තමයි අවසන් වුණේ. පොදු පුරවැසියකු ලෙස මම ආරක්ෂාව ගැන සිතුවා.

ඒ වගේම පසුගිය වසර 10 තුළ දෙපාර්ශ්වයේම ජීවිත හානියක් සිදුවී නැහැ. 2009 වසර මගේ ජීවිතයේ ප්‍රීතිමත්ම වසර බව මා සිතුවේ එබැවින්. අහිංසක මිනිසුන් ඝාතනය කිරීම කිසි විටෙකත් මම අනුමන කර නොතිබූ අතර අනාගතයේදීද එවැනි දෙයක් වෙයි කියලා හිතන්නෙ නැහැ.”

මේ අතර 800 චිත්‍රපටයේ විවේචන අතර මුරලි දෙමළ ජාතිකයකු වුවද ඔහු දෙමළ භාෂාව කතා නොකරන අයෙක් බවටද හංවඩු ගසා තිබුණි. “මගේ රටේ සුළුතර පිරිසක් තමයි දෙමළ ජාතිකයන් ඉන්නෙ. ඒක සත්‍යයක් වගේ ස්වාභාවිකයි. මගේ දෙමව්පියන්ද එම මානසිකත්වයම බෙදාගෙන තියෙනවා. මම වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් තමයි ක්‍රිකට් කණ්ඩායමට අත්‍යඅවශ්‍ය පන්දු යවන්නෙක් වුණේ. කොහොම වුණත් ශ්‍රී ලාංකික ජනතාව කිසිදු ජාතියකට කිසිදු වෙනසක් පෙන්වන්නෙ නැහැ. මම හොඳින් දෙමළ භාෂාව කතා කරනවා. මම දෙමළ අධ්‍යාපනය ලබා තියෙන නිසා මට කතා කරන්න බැරි වෙන්න හේතුවක් නැහැ.” යනුවෙන් මුරලි වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

“මම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකු වු නිසා මාව වැරදියට වටහා ගන්න එපා. මම ඉන්දියාවේ උපත ලැබුවා නම්, මම ඉන්දීය ජාතික කණ්ඩායමේ සාමාජිකයකු වීමට උත්සහ කරනවා. මම ශ්‍රී ලාංකික ද්‍රවිඩයෙකු ලෙස ඉපදීම වැරදිද?. මගේ ජීවිතය නොදන්නා අය, නොදැනුවත්කමින් සහ ඇතැම් දේශපාලන හේතු නිසා මාව දෙමළ ප්‍රජාවට විරුද්ධ පුද්ගලයකු වශයෙන් චිත්‍රයක් හදන්න හදනවා. ඒක මට වේදනාවක් ගෙන දෙන කරුණක්. මගේ විරුද්ධවාදීන් සන්සුන් නොවනු ඇති. නමුත් මා ගැන ඇත්තේ අසත්‍ය ප්‍රවෘත්ති පමණයි. ඒ නිසා තමයි මම මේ පැහැදිලි කිරීම කරන්නෙ.”

මුරලි එසේ පවසයි.

මුරලිදරන් මේ වන විට අයි.පී.එල්. තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශකයකු වශයෙන් කටයුතු කරමින් සිටියදී අදාළ පිළිතුරු ලබාදීමට කටයුතු කළේය. කෙසේ වෙතත් ලබන ජනවාරි මාසයේදී 800 චිත්‍රපටයේ රූගත කිරීම් ඉන්දියාව, ශ්‍රී ලංකාව, එංගලන්තය සහ ඔස්ටේ්‍රලියාව කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට නියමිත අතර 2021 වසරේ අග භාගය වන විට එළිදැක්වීමට නියමිතව තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මතුගම ආසාදිතයන් අතර භික්ෂූන් වහන්සේ පස් නමක්…

Next Post

දින 06කට පසු අද (19) පාන්දර බදියුදීන් අත්අඩංගුවට ගනී

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.