සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තමන් සතු කෝටි 27.5ක වත්කම ගැන වසන්ත සමරසිංහ කතා කරයි…

by editor
සැප්තැම්බර් 16, 2025
in පුවත්
Wasantha
Share on FacebookShare on Twitter

වෙළෙඳ හා වාණිජ අමාත්‍ය  වසන්ත සමරසිංහගේ කෝටි 27.5ක වත්කම් ගැන  මේ වනවිට සමාජ මාධ්‍ය තුළ විශාල සංවාදයක් ඇති වෙමින් තිබේ. 

සිය වත්කම් ප්‍රකාශය තුළ වසන්ත සමරසිංහ විසින් ප්‍රකාශ කර ඇති වත්කම් ප්‍රමාණය මෙසේය.

  • වාණිජමය ගොඩනැගිල්ල – වටිනාකම රුපියල් මිලියන 150
  • තට්ටු තුනක වාණිජමය ගොඩනැගිල්ල – වටිනාකම මිලියන 75
  • පදිංචි නිවස – වටිනාකම මිලියන 10
  • කිලො වොට් 30 ක සෝලාර් පවර් යුනිට් දෙකයි – වටිනාකම මිලියන 6.5  සහ 3.25 යි.
  • රත්තරන් පවුම් 17.5 වටිනාකම රුපියල් මිලියන 4.5
  • ටොයෝටා ප්‍රියස් මෝටර් රථය – වටිනාකම රුපියල් මිලියන 15
  • ස්ථාවර තැන්පතුව – ලක්ෂ 2 යි
  • ඉතුරුම් තැන්පතුව – ලක්ෂ 11 යි
  • ඉතුරුම් තැන්පතුව – ලක්ෂ 6.5
  • LOLC සමාගමේ කොටස් 21000 – වටිනාකම රුපියල් මිලියන 12
  • ක්‍රිප්ටො – 3000  රුපියල් මිලියන 1)

ආදායම් මෙසේ සඳහන්ය.

  • කූලි ආදායම – රුපියල් මිලියන 5’1
  • කූලි ආදායම –  රුපියල් මිලියන 7
  • සමාගම් ආදායම – රුපියල් මිලියන 3
  • සෝලර් පවර් ආදායම – ලක්ෂ දෙකයි
  • ඒ අනුව ඔහුගේ සම්පූර්ණ වත්කම් (නිල) – රුපියල් මිලියන 275 / රුපියල් කෝටි 27’5 ක් ලෙස සඳහන්ය.

මේ සංවාදය ඇතිවීමත් සමග ඊයේ පැවති රූපවාහිනි සංවාදයක දී වසන්ත සමරසිංහගෙන් මේ ගැන නිවේදකයා ප්‍රශ්න කළේය.

ඊට ඔහු ලබා දුන් පිළිතුර මෙසේය.

ජනාධිපතිවරයාගේ සිට අගමැතිවරිය, කථානායකවරයා, ඇමතිවරුන් ඇතුළු රටේ ප්‍රධාන වගකීම් දරණ අයගේ වත්කම් – බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ වෙබ්සයිට් එකේ ප්‍රසිද්ධියට පත් කරලා තියෙනවා. මම ඇමතිවරයෙක් වීමත් සමග ලබාදෙන්න ඕනෙ අපේ වත්කම් සහ බැරකම් පිළිබඳ ප්‍රකාශය, අපි ඒක තමයි දීලා තියෙන්නෙ. එතකොට මේ සමහර ෆේස්බුක් ඇතුළු අය අමන්දානන්දයට පත්වෙමින් මේ කියන කතාවට මගේ පැත්තෙන් පැහැදිලිකිරීමක් කරන්න මට වගකීමකුත් තියෙනවා.

මේ වත්කම් හා වගකීම් ප්‍රකාශය දෙද්දී, මම තඹුත්තේගම අපේ ගම. තඹුත්තේගම කවුරුත් අපිව දන්නවා, අපෙ පවුලත් දන්නවා. අපි තඹුත්තේගම සිට කොළඹ ඇවිත් කැළණිය විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරලා දේශපාලනය කරන ගමන් – සමහරු හිතන් ඉන්නවා මේ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක දේශපාලනය කරන අය මොකුත් කරන්නෙ නැතිව දේශපාලනය විතරයි කරන්නෙ කියලා. ඔය අපෙන් ප්‍රශ්නයක් අහනවානෙ පඩි ගන්නෙ නැතිව කොහොමද ඉන්නෙ කියලා. අපි දේශපාලනය කරන ගමන් අපෙ කළමනාකරණයකුත් තියෙනවා. ඒක ඇතුළෙ මට මගේ පවුලෙන් ලැබිච්ච දේපළ ප්‍රමාණයක් තියෙනවා.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ඒ වගේම මම 1997 ඉඳන් ක්ලාස් කරන්න පටන් ගත්තා. එහෙම පටන් ගත්තාම මම කැළණිය විශ්වවිද්යාලයට එනවා, ඇවිල්ලා ටික දවසක් යනවා, ඒත් මම ක්ලාස් කරමින් යනවා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩ පටන් ගත්තාට පස්සෙ මට ක්ලාස් කරන්න බැරිවෙනවා. මම ක්ලාස් එකක් පටන් ගන්නවා. ඒකට අපෙ තඹුත්තේගම ටවුමෙ තියෙනවා ඉඩමක්. මේ ඉඩමෙ අපි පොල්කොට ගහලා, මගෙ විශ්වවිද්‍යාලෙ යාළුවො ආවා මුලින්ම, පටන් ගන්නකොට අපි පොල් කොටන් උඩ බංකු ගහලා එහෙම තමයි ක්ලාස් එක පටන් ගත්තෙ. ඒ ඉතිහාසය දැන් අවුරුදු 28කට වැඩියි. එතැන් සිට පොල් අතු වහලෙ ගැහුවා, තහඩු වහලෙ ගැහුවා, මම කොන්ක්‍රීට්වලට මේක ගියා, දැනට ගත්තොත් තඹුත්තේගම තියෙන විශාලම බිල්ඩින්වලින් එකක්. දැන් මම ඒක කුලියට දීලා තියෙන්නෙ. විශාල පන්ති ප්‍රමාණයක් පැවැත්වෙනවා. සාමාන්‍ය පෙළ, උසස් පෙළ, වෘත්තීය පුහුණු මේ ඔක්කොම.

දැන් තඹුත්තේගම ටවුමෙ මේ හරියෙ පර්චස් එකක් ලක්ෂ 30කට විතර යන්නෙ. මේ ඉඩම අපෙ පරම්පරාවෙන් අපිට හිමිවෙච්ච ඉඩමක්. මෙතන පර්චස් 40ක විතර කෑල්ලක් තියෙනවා, කෑලි දෙකක් තියෙන්නෙ. අපිට අක්කර බාගයක් හම්බවෙච්ච එකක් දෙපැත්තෙන්ම දේශපාලන බලය පාවිච්චි කරලා විවිධ අය අල්ලාගත්තා. අපි තඹුත්තේගම ටවුමෙ පරණ අය. අපි ටවුන් එකේ ප්‍රධාන පුරවැසියෝ කිව්වොත් හරි. ඔය ඉඩම් එහෙම විශාල ප්‍රමාණයක් තිබුණා, ඔව්වායෙ ඉස්සර එහෙම වටිනාකම් තිබුනෙ නෑ. මේ ඉඩම මම ඩිවලොප් කරන් ආවා. මේකෙන් එන ආදායමත් එක්ක මම මේකත් හදහදා යනවා.

තට්ටු තුනේ වාණිජ ගොඩනැගිල්ල කියන්නෙ ඔය ක්ලාස් එක. මේක මේ දැන් නෙවෙයි ඡන්දෙට කලිනුත් ගැහුවා ඕක දාලා. දැන් අහපු එක හොඳයි, මම ඇමතිවරයා අවුරුදු පහකින් මගෙන් කවුරුහරි ඇහුවොත් මේවා හැදුවෙ කොහොමද කියලා ? ඔන්න මම දැන්ම කියලා තියෙනවා. මොකද මේවායෙ වටිනාකම වැඩිවෙනවානෙ.

මේ බිල්ඩින් එක තවත් අවසන් කරලා නෑ. මේකෙ වහලවල් තියෙනවා වර්ග අඩි 7500ක් විතර වැඩියි. සෝලාර් දෙකක් තියෙනවා. තවත් සෝලා එකක් තියෙනවා ඒක දැන් මාස පහකට වැඩියි ගහලා ඒක තවම කනෙක්ට් කරගන්න බැරිවුණා. ඒක හදපු කොම්පැනියට මම තවම ගෙවලාත් නෑ. මේවා මේ අහම්බෙන් එක දවසෙන් ආපු ඒවා නෙවෙයි. ඔය අනිත් බිල්ඩින් එක තමයි අපෙ මහගෙදර ළඟ තියෙන බිල්ඩින් එක. තඹුත්තේගම ටවුම මැද ඒක තියෙන්නෙ. ඒකට RDB එකෙන් ලෝන් එකක් අරන් තමයි මම වැඩ පටන් ගත්තෙ. පස්සෙ ව්‍යපාරිකයෙක් ඒක ගත්තා. පස්සෙ අපි තව ලෝන් එකක් අරගෙන තට්ටු හතරකට ඒක ගැහුවා. මේක මේ හුදකලාව ආපු ගමනක් නෙවෙයි. ටිකෙන් ටික ආවා. අද ඒ බිල්ඩින් එකේ ඒවායෙ වටිනාකම තමයි මිලියන 225ක්, ඔව්. අවුරුදු 4කට විතර කලින් ඔය තඹුත්තේගම ක්ලාස් තියෙන ඉඩම මගෙන් මිලියන 100කට ඉල්ලුවා, අපි ටවුන් එකේ පරණ ගම්කාරයො නිසාම ඒවාටත් වටිනාකම් තිබුණා. නමුත් මම දුන්නෙ නෑ, අපි ඉතින් මේ වැඩේ කරගෙන යනවා. ඒක මම කුලියට දීලා තියෙන්නෙ, කුලී ආදායම එන්නෙ ඒක තමයි”

ප්‍රශ්නය – ඔබ විශ්වාසයෙන් කියනවාද අමාත්‍ය ධුරයට ආවාට පස්සෙ මේ වගේ දේපළ ඉපයීමක්, ආදායම් ඉපයීමක් ඔබ කරලා නෑ කියලා ?

 

“ඔව්, ඉතාම පැහැදිලියි. මේවා සියල්ලම මම මගේ වත්කම් – බැරකම් ලේඛනයේ දාලා සීල් කරලා දීපුවා. මේවා මට ආපහු වෙනස් කරන්න බැහැනෙ. අපි ඇත්ත කියලා තියනවා සමාජයට. මම සාමාන්‍යයෙන් පොඩි කාලෙ ඉඳන් බිස්නස් කරපු කෙනෙක්. මම උසස් පෙළ පන්තියට එනකොත් අපි සාමාන්‍යයෙන් කෝච්චිවල බිස්නස් කළා ඒකාලෙ. මම මහපොළවෙ හිටන් ඉඳපු  මිනිහෙක්. මම ගොවිතැන් නම් ගොවිතැනුත් කරනවා. දෑතෙ රස්සාව. අපිට කඩ තියෙනවා ටවුන් එකේ. මම ඒ කඩවල කුස්සියෙ ඉඳන් ෆ්‍රන්ට් එක දක්වා ඕනෙ රස්සාවක් දන්න කෙනෙක්. මේ ගමන ඇතුළෙ මම අහුවෙන හැම අවස්ථාවක්ම පාවිච්චි කළා. මම දැනුත් ගොවිතැන් කරනවා. මට දැන් ටිකක් අමාරුයි, මාස හය හතකට කලින් මම ගොවිතැන් ඔක්කොම නැවැත්තුවා. යන්න එන්න වෙලාවක් නැති නිසා.

ඕවා විතරක් නෙවෙයි, කොටස් වෙළඳපොල ඇතුළෙ මම ගනුදෙනු කරලා තියෙනවා. ක්‍රිප්ටො කරන්සි, අර මේ කොවිඩ් කාලෙ ගෙදරනෙ හිටියෙ. ඒ කාලෙ අහුවෙච්ච එකක් ක්‍රිප්ටො. මගෙ පුතා ටිකක් ටෙක්නොලොජි දන්න කෙනෙක්, එයා තමයි ඔය ගිණුම හැදුවෙ. එයාගෙ තමයි දැනුත් ඕවා අයිතිය තියෙන්නෙ.

ඒ නිසා මම විවිධ ක්ෂේත්‍ර අතපත ගාපු මිනිහෙක්. මගේ ආර්ථිකය ශක්තිමත් කරගෙන මම ආපු ගමන ඇතුළෙ තවත් ඉස්සරහට යන්න පුළුවන් නම් මම ඒ ගමන යනවා. හැබැයි මම රටට කියන්න ඕනෙ කිසිදු මහජන මුදලක්, ජනතාවට අයිති එක සතයක් අරගෙන මේ වැඩේ කරලා නෑ මම. මගේ හෘදසාක්ෂිය අනුව මට ඉතාම වගකීමෙන් කියන්න පුළුවන්. මගෙ වත්කම් බැරකම් ප්‍රකාශය මම දීලා තියෙනවා. ඔතන තියෙනවා ගෙයක්, ඒ මගේ බිරිඳගේ ගෙදර. රත්තරන් බඩුවල වටිනාකම දීලා තියෙනවා. මම විවාහ වෙන්නෙ 2006. බත්තරමුල්ලෙ ප්‍රායිවට් බැංකුවක ම හත් අට වතාවක් ඔය රත්තරන් බඩු තියලා තියෙනවා මගෙ විවිධ වැඩවලට. මේකෙ හංගන්න දෙයක් නෑ. ඕවා 2006 ඉඳන් ගත්තු ඒවා, වටිනාකම හැදෙන්නෙ දැන් අදටනෙ.

බිරිඳගේ තැල්ලේ ඉඳන් අපි දෙන්නාගෙ මඟුල් මුදු දෙක, චේන් එක, මේ ඔක්කොම තියෙනවා. මම පවුමක් 2006 දී ගත්තෙ රුපියල් 6500 ට. දැන් පවුම රුපියල් ලක්ෂ තුනක්. වටිනාකම ඒවායෙ වැඩිවෙනවා. ඒවා දැන් අද ගණන් හදපුවාම ඉතින් ගණන් තමයි. ඔය ඉඩමෙ වටිනාකමත් ඉදිරියේදී වැඩිවෙයි. ඒවා මගෙන් පස්සෙ මගෙ දරුවාට. කියන්න පුළුවන් නිසානෙ මම මේවා කියලා තියෙන්නෙ, හංගලා නෑ”

Tags: නවතම
Share69Tweet43
Previous Post

‍ලෝක බැංකු නියෝජිතයෝ ජනපති හමුවෙති…

Next Post

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හරහා වැටී ඇති අරලංගවිල ප්‍රධාන මාර්ගයේ දී වාහනය ගැටී දුර්ලභ කොටියෙක් මිය යයි!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.