සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩුප්ලිකේට් සෙව්වන්දිට ලවු කරන්නට ගිහින් රස්සාවත් නැති කරගත් සැරයන්ගේ කතාව…

by editor
දෙසැම්බර් 17, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

නේපාල‍යේ සිට අල්ලා­ගෙන මෙර­ටට රැ‍ගෙන විත් දින 90ක රැඳ­වුම් නියෝග මත කොළඹ දිසා අප­රාධ කොට්ඨා­සයේ රඳ­වා­ගෙන විම­ර්ශන පව­ත්වන නන්ද කුමාර් තක්ෂි නමැති කාන්තාව සමඟ සම්බ­න්ධ­යක් ගොඩ­න­ඟා­ගෙන සිර­මැ­දිරි‍යේ සිටි ඇයට බිස්කට් කව­මින් පෙම් රැඟුම් පෑ පොලිස් සැර­ය­න්ව­ර­යෙකු‍ගේ වැඩ තහ­නම් කර ඇත.

කොළඹ අප­රාධ කොට්ඨා­සයේ සේවයේ නිරත සැර­ය­න්ව­ර­යකු වන මෙම නිල­ධා­රි­යාගේ වැඩ තහ­න­ම්කර ඇත්තේ පෙරේදා (15) සිට ක්‍රියා­ත්මක වන ලෙසිනි.

බස්නා­හිර පළාත් උතුරු දිසා අප­රාධ කොට්ඨා­සයේ අධ්‍යක්ෂ සහ­කාර පොලිස් අධි­කාරී රොහාන් ඕලු­ගල   ඇතුළු පිරි­සක් නේපා­ල­යට ගොස් එරට පොලි­සිය සමඟ සම්බන්ධ වෙමින් කළ මෙහෙ­යු­මක ප්‍රති­ඵ­ල­යක් ලෙස, කොළඹ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේදී ගණේ­මුල්ල සංජීව නමැති පාතාල‍යේ අප­රා­ධ­ක­රුට වෙඩි තබා ඝාත­න­යට සම්බන්ධ ප්‍රධාන සැක­කා­රිය වන ඉෂාරා සෙව්වන්දි සමඟ අල්ලා‍ගෙන ආ සැක­ක­රු­වන් අතර තක්ෂි නමැති කාන්තාව ද සිටි­යාය.

ඉෂාරා සෙව්වන්දි සහ තක්ෂි යන සැක­කා­රි­යන් රඳවා සිටින්නේ කොළඹ දිසා අප­රාධ කොට්ඨා­ස­යේය. ඔවුන් දෙදෙනා රඳවා ඇත්තේ එකම සිර­මැ­දි­රි­ය­කය. එම සිර­මැ­දි­රිය ඇති ස්ථාන­යට රාජ­කා­රියේ නිරත නොවන නිල­ධා­රීන්ට ගැව­සීම පවා තහ­න­ම් කර තිබී ඇත.

එහෙත් එම තහ­නම නොතකා සැර­ය­න්ව­ර­යෙක් සිර­මැ­දි­රිය අසල අසා­මාන්‍ය ලෙස ගැව­සෙන බවට කොළඹ දිසා අප­රාධ කොට්ඨා­සයේ බල­ධා­රීන්ට දැන­ග­න්නට ලැබි ඇත. ඒ අනුව අංක 03 සිර­මැ­දි­රිය පිහිටි ස්ථානය ආව­ර­ණය වන ලෙස සවි­කර ඇති ආර­ක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කිරී­මට පිය­වර ගෙන ඇත. එහිදී පෙනී ගොස් ඇත්තේ සැක­කාර සැර­ය­න්ව­රයා එම සිර­මැ­දි­රියේ රඳවා සිටින තක්ෂි නමැති සැක­කා­රිය සමඟ සම්බ­න්ධ­ක­මක් ගොඩ­න­ඟා­ගෙන ඇති බවය.

RelatedPosts

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

සති දෙකක කාල­යක් තිස්සේ ඔහු ඇය කෙරෙහි වි‍ශේෂ ඇල්මක් දක්ව­මින් කට­යුතු කරන බව ආර­ක්ෂක කැමරා පරී­ක්ෂාවේ දී පෙනී ගොස් ඇත. නොවැ­ම්බර් 30 වැනිදා රාත්‍රී 10.00 සිට පසු­දින අලු­යම 6.00 දක්වා රාත්‍රී උප සේවා රාජ­කා­රියේ නිර­තව සිටි සැර­ය­න්ව­රයා සිර­මැ­දි­රියේ සිටි තක්ෂි නමැති සැක­කා­රි­යට බිස්කට් ලබා දී ඇති බවත් ඇය විසින් අඩක් කා ලබා­දුන් බිස්කට් සැර­ය­න්ව­රයා ආහා­ර­යට ගන්නා ආකා­ර­යත් කැම­රා­වල පැහැ­දි­ලි­වම සට­හන්වී තිබී ඇත.

අවස්ථා කිහි­ප­ය­ක­දීම ඔහු එම සිර­මැ­දි­රිය අස­ලට යන බව මෙන්ම දෙදෙනා හස්ත සංඥා මාර්ග‍යෙන් අද­හස් හුව­මාරු කර ගන්නා අයු­රුත් කැමරා පරී­ක්ෂාවේ දී අනා­ව­ර­ණය වී තිබේ.

ඒ අනුව සැර­ය­න්ව­ර­යාගේ වැඩ තහ­නම් කළ බව කොළඹ අප­රාධ කොට්ඨා­සයේ උසස් නිල­ධා­රි­යෙක් පැවැ­සීය. (ගයාන් කුමාර වීර­සිංහ – දිනමිණ)

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

තවත් රටවල් 06ක පුරවැසියන්ට එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම්…

Next Post

බිඳ වැටුන දුම්රිය මාර්ග පද්ධතිය ගොඩනැගීමට ජනපති චීනයෙන් තාක්ෂණික සහාය ඉල්ලයි….

Related Posts

පුවත්

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026
පුවත්

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026
පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!
  • චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!
  • අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.