ශ්‍රී ලංකා කණ්ඩායම සමග පවත්වන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සදහා සහභාගී වීමට පකිස්තානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අද (06) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියේය.
ක්‍රීඩකයන් සහ නිලධාරීන් 17 දෙනෙකුගෙන් සමන්විත පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම 07/06 දින රාත්‍රී 07.15 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
තරග දෙකකින් සමන්විත මෙම ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ත් , දෙවන තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ත් පැවැත්වීමට නියමිතය.







