අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ටෙන්ඩර් නොකර දුන් පුනර්ජනනී බලශක්ති ව්‍යාපෘති 07කින් වසරකට බිලියනයක් රටට අහිමිවෙන බව මුජිබර් පාර්ලිමේන්තුවට කියයි…

by editor
ජනවාරි 7, 2026
in පුවත්
Share on FacebookShare on Twitter
  • විදුලිබල ඇමති තමන්ගේ කොම්පැණියකටත් එක් ව්‍යාපෘතියක් දීලා… ඒ කොම්පැණිය කෙටි ලයිස්තුගත කළ ආයතන 47 තුළවත් නෑ…  ජනපති පසුපස ගිහින් වොයිස්කට් දුන්න ලෝකයම පිළිගත් ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුටත් මේ ව්‍යාපෘති ටෙන්ඩර් නැතිව දීලා… මුජිබර් කියයි… 

මෙම රජය විසින් ටෙන්ඩර් නොමැතිව ප්‍රදානය කළ පුනර්ජනනී බලශක්ති ව්‍යාපෘති 07ක් හරහා වසර විස්සක් තුළ රුපියල් බිලියන 20කට වඩා රටට අහිමි වන බවත් මෙම ටෙන්ඩර් නොමැතිව ප්‍රදානය කළ ව්‍යාපෘති තුනක් ජනාධිපතිවරයා අගය කරමින් රට වටේ ගිය ජාත්‍යාන්තරව පිළිගත් ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට සහ විදුලි බල සහ බලශක්ති ඇමතිවරයා කලින් සේවය කළ ආයතනය හා සම්බන්ධ ව්‍යාපාරයකට  ලබා දී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අද (07) පාර්ලිමේන්තුවේ දී හෙළිදරවු කළේය.

ඔහු අනාවණය කළේ 2021 සිට ආරම්භ වූ පුනර්ජනනී බලශක්ති ව්‍යාපෘතිවලට ආයෝජන කැඳවීමේ  වැඩසටහනේ දී ඉදිරිපත් වුන 533ක් වූ ආයතනවලින් කෙටි ලයිස්තුගත කළ ආයතන 47 තුළ ඇමතිවරයාගේ ආයතන නොතිබුණ බවය.

ජනාධිපතිවරයාට හා රජයට ලැබුණ ජනවරමට සපුරා විරුද්ධ වූ මේ ක්‍රියාවලිය හරහා රජයට අහිමිවන බිලියන 20ක මුදල ගසා කන්නේ කවරෙක්දැයි මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා විමසා සිටියේය.

ඔහු අද පාර්ලිමේන්තුවේ දී මෙසේ ද පැවසුවේය.

“2021 ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවෙන් පුනර්ජනනී බලශක්ති ව්‍යාපෘති සඳහා යෝජනා කැඳෙව්වා. ආයෝජන යෝජනා  533ක් ඉදිරිපත් වුනා. මේක 2021 දි පටන් ගත්ත ක්‍රියාදාමයක්. අවසානයේ දී ආයතන 47ක් ෂෝර්ට් ලිස්ට් කරලා  තිබුණා මේ 533 අතරින්.  වර්තමාන ආණ්ඩුව බලයට පත් වුනාම 2024 නොවැම්බර් මාසයෙන් පස්සේ මේ ක්‍රියාදාමය ඉස්සරහට ඇවිත් තියෙනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

2025 නොවැම්බර් මාසයේ  25 බලශක්ති අමත්‍යාංශ ලේකම්වරයා ලිපියක් යවනවා පුනර්ජනනීය බලශක්ති අධිකාරියට ආයතන 07ක් සඳහා ලයිෂන් එක  නිකුත් කරන්න කියලා බලශක්තිය නිපදවන්න. PE/DEV/02/04 තමයි මේ ලිපියේ යොමුව.

මේක යවලා එතුමා කියනවා කලින් ෂෝට් ලිස්ට් කළ ආයතන 47න් ආයතන 07ක් තෝරාගෙන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කරන්න ලයිෂන් එක දෙන්න කියලා මේ කියලා තමයි මේ ලිපිය යවන්නේ.

මෙගාවෝට් 550ක් සඳහා මේ අනුමැතිය ලබා දෙන්නේ. මේ එකක්වත් ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබා දීලා තියෙන්නේ. මේ ආණ්ඩුව කැබිනට් තීනිදුවක් ගත්තා ටෙන්ඩර් කැඳවීමකින් තොරව කිසිම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නේ නෑ කියලා.  ටෙන්ඩර් කැඳවන්නේ නැතිව දීලා තියනවා.

සූර්ය බල ශක්තිය වෙනුවෙන්   ඒ ගොල්ල යුනිට් එකක් ගන්නවා රුපියල් 18ට.  මෙගාවොට් 10 දීපු සූර්ය බල ශක්තියක ඒකකයක් ගත්තේ  රුපියල් 17ට. මෙගාවොට් 100ක් නම් ඒ මිල තව අඩු වෙන්න ඕන.  අඩුවෙලා නෑ.

සුළංවිදුලි ව්‍යාපෘතිවලදි   ආණ්ඩුව අවසාන එක ලබා දුන්නේ යුනිට් එකක් රුපියල් 11.80කට.  මේ ලබා දීලා තියන සුළංවිදුලි  බලාගාර බැලුවොත්  ආණ්ඩුව ගන්නවා යුනිට් එක රුපියල් 20 ගානේ.  නොවැම්බර් මාසේ දීපු ව්‍යාපෘතිවල. කාටද මේ කොමිෂන් යන්නේ. අවුරුදු 20ට මේ ලබා දීලා තිබෙන ව්‍යාපෘතිවලින් රුපියල් බිලියන 20කට වඩා වැඩි ප්‍රමාණයක් ආණ්ඩුවට මුදල් අහිමි වෙනවා.

මේකෙ තියන හොඳම දේ තමයි… මේකෙ තියන ආයතන දෙකක්  ලංකාවෙ ඉන්න ප්‍රසිද්ධ ක්‍රීඩකයින් දෙදෙනෙකුගේ ආයතන. ඒ ගොල්ල ජනාධිපති තුමාගෙ හැම වැඩසටහනකටම ගියා. ඒ දෙන්නගෙ කොම්පැණි දෙකකටත් හම්බවෙලා තියනවා. සෝලා පවර් එකට. ඒ දෙන්නා හැමදාම ජනාධිපතිතුමාව වර්ණනා කරගෙන වොයිස් කට් දීපු අය.   ලංකාවේ නම් දෙක තියා ගත්ත ක්‍රීඩකයො දෙන්න හින්දා මම නම් දෙක කියන්නේ නෑ.  ක්‍රිකට් ක්‍රීඩකයො දෙන්නෙක්. ජාත්‍යාන්තරව පිළිගත්ත ක්‍රිකට් ක්‍රීඩකයො දෙන්නෙක්. නමුත් වැඩේ කැතයි. ජනාධිපති තුමාගේ පස්සෙන් ගියේ ක්ලීන් ශ්‍රී ලංකා එකටයි අරකටයි මේකටයි ගිහිල් වොයිස් කට් දුන්නේ  ටෙන්ඩර් නැතිව මෙම ව්‍යාපෘති ගන්නද?. අපට තේරෙනවා මේවා ගන්න තමයි.”

මෙම ආයතන 07 අතරින් බ්ලූසන් නැමැතිය ආයතනය පිළිබඳ බරපතල සැකයක් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා මතු කළේය.  ඔහු කීවේ මෙවැන්නකි. 

“2024 ෂෝට් ලිස්ට් කරනකොට මේ බ්ලූසන්  ආයතන තිබුණෙ නෑ.  ඒ ආයතනය මේ ප්‍රපෝසල් දැම්මෙත් නෑ. නමුත් බ්ලූසන් එක මිලදී ගන්නවා නිම් ආයතනය. නිම් ආයතනයේ කවුද වැඩ කළේ. නිම් ආයතනය කියන්නෙ විදුලිබල ඇමති තුමාගේ පරණ කොම්පැණිය. දැන් ඒ ගොල්ලන්ටත් දීලා තියනවා ව්‍යාපෘතියක්. ඒ කියන්නේ ෂෝට් ලිස්ට් එකේ 47 හිටපු නැති කොම්පැණියක්.”

මොකක්ද මේ කතා කරන විනිවිද භාවය. අනුර කුමාර දිසානාය ජනාධිපතිවරයා තරම් විනිවිද භාවය ගැන කතා කළ අයෙක් ලොවෙත් හිටියේ නැති බවත් ලොවි ගසේ නැති බවත් කීවේය. දැන් විනිවිද භාවයේ විනි නැතිව විදින එක නම් යටින් සිදුවන බවය.  මේ සිදුවන්නේ පරණ ආණ්ඩු කරන දේම බව මුජිබර් රහුමාන් පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කැමරාවක සටහන් වුන ග්‍රෙගරි වැවේ සී ප්ලේන් අනතුර….

Next Post

 තංගල්ල පොලිස් කූඩුවේ සිටි සැකකරු සිරමැදිරියේ දොර ඇරගෙන අතුරුදන් වෙලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.